IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර අද ඇරඹෙයි

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන 15 වැනි ‘ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර වන දිස්ත‍්‍රික් තරග අද (4) සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගාවලියේදී දිස්ත‍්‍රික්, පළාත් සහ ජාතික මට්ටම ලෙස අදියර තුනක් යටතේ, වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ තුනකින්, තරග පැවැත්වේ.

පළාත් තරගාවලි අගෝස්තු මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික මට්ටමේ තරග ඔක්තෝබර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ අවසන් මහ තරග ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට කණ්ඩායම් 5,473 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 65,000 ක් පමණ සහභාගි වන බව සංවිධාකයෝ පවසති. 1999 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියට 15 වැනි වසරටත් ඞී. එස්. අයි. සමාගම අනුග‍්‍රහය දක්වයි.

 


ඞී. එස්. අයි. සමාගමේ සභාපති නන්දදාස රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් ප‍්‍රදානය කළ අවස්ථාව. වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතාද ඡයාරූපයේ වෙයි.



අදහස් (0)

ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර අද ඇරඹෙයි

පහන් Thursday, 04 July 2013 04:56 PM

වොලිබෝල් සිරිවර්ධන අන්කල් (ඔහුගේ පුතා මා සමග ක්‍රීඩා කරන නිසා අන්කල් කියලා තමයි අපි කියන්නේ ) ඩෑෂ් එකට උඩ නැගලා මොහොතක් උඩ නවතිනවා. ඉන්පස්සේ අත් ආවරණ මගහැරලා නිසැක ලකුණකට පහර එල්ල කරනවා. ඉන්දියාවේ බාවගේ අත කැඩෙන්න ඩෑෂ් එක ගැහුවා. පත්තර වල දැම්මේ බාවා බාවයි කියලලු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site