IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඝාතනයක් නූලෙන් වැළකේ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර  වර්ගයේ ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ ගිනි අවිය , 38 වර්ගයේ ජීව උණ්ඩ පහක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 11,760 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 16වෙනි දින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි යන අය ඝාතනය කිරීමේ සිද්ධියට  පළිගැනීම සඳහා කොස්ගොඩ සුජී පාර්ශ්වයේ අනුගාමිකයකු වන විදෙස් ගතව සිටින හසිත නොහොත් දෙලා තීරෝද රථ රියදුරුකුවන සෝනි නැමැත්තා ඝාතනය කිරීමේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි

අම්බලන්ගොඩ දුම්රියපොළ අසලදී     අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වතු ගෙදර පරගහතොට පින්තාරු ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයක් හා  එම ප්‍රදේශයේම පදිංචි ත්‍රී රෝද රථ කාර්මිකයකු වන 27 හා 29 හැවිරිදි  පුද්ගලයන් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ඝාතනයක් නූලෙන් වැළකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site