
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයකුගේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් ඊට යොදන උණ්ඩ තොගයක් සහ හෙරොයින් ග්‍රෑම් දහ තුනක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය කාර්යය බළකාය පවසයි.
කොහුවල යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කළුබෝවිල විශේෂ කාර්ය බළකා කදවුරට අනුයුක්ත පො.ප. මෙන්ඩිස් මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් කොහුවල විමලසාර පාරේ නිවසක මෙම වැටලීම සිදු කර තිබුණි.
එහිදී කානු දෙක සහිත බෝර 12 වර්ගයේ පතුරම් යෙදිය හැකි විදේශ රටක නිෂ්පාදිත ගිණි අවියක් , මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් යෙදිය හැකි පිස්තෝලයක් , ටී 56 වර්ගයේ පතුරම් 05 මිලි මීටර් 09 වර්ගයේ පතුරම් 10 හෙරොයින් ග්‍රෑම් 350 හා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගත් බව පැවසේ.
මෙම ගිනි අවි සඟවා තිබූ නිවසේ (70) හැවිරිදි හිමිකරු ඉකුත් 30 දා කොහුවල බෝධියවත්ත ප්‍රදේශයේ වෙඩිතබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන මේ වන විට රදවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටි.
COMMENTS