ඉකුත් රජය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඝාතන,පුද්ගල මරණ හා අතුරුදන් වීම් සිද්ධි පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවැත පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය,ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදන් වීම,ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය,වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන මේ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පරීක්ෂණය කඩිනමින් නිම කරන ලෙසද පොලිස්පති නියෝග කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන නම් තියෙන්නේ කිහිපයයි. නමුත් මීටත් පෙර කාලයේ බිහිසුණු තරුණ ඝාතන කොපමණ සිදුවුණාද? ඒවා ගැනත් සුලමුල හෙව්වා නම් හොඳයි නේද? (නි)
ඇයි දන්නේ නැ එව්වා විතරක් (නදී)
හෙවුවත් නැතත් හිතාගන්න පුළුවන් අපිට බොහෝ දේවල් (නි)
රනිල් ප්‍රේමදාස ඔය දෙයම කළා (නදී)
ඕනෙම කෙනෙක් අපරාධයක් කරානම් දඩුවම් ලැබිය යුතුමයි. නමුත් සුදු කොඩි කතා කියමින් ටිකෙන් ටික අවසන් යුද්ධයට නායකත්වය දුන් උදවිය ජාත්‍යන්තර යුධ අධිකරණ උගුලට අල්ලලා දෙන්නට වටපිටාව හදන්නට සියලු රහස් ටිකෙන් ටික එලියට දැමීමේ උපක්‍රමයේ පළමු අදියර බව පැහැදිලියි. ඉතිහාසයේත් උනා වගේම අපේ පාවාදීම් තුලින් ඔවුන් කුදලාගෙන "ගලේ පැහැරූ බළලුන් සේ " අවසානයේ අපිත් කරපු අමනකම් කියමින් සතියක් දෙකක් ගිය පසු ඕනෙම විනාශයක් අමතක කරන ලෝකයේ එකම ජාතිය අපි වෙමු. එබැවින් ප්‍රභාකරන් විනාශ කල සැම ජාත්‍යන්තර අධිකරණයට දන්ගෙඩියට යන දිනය වැඩි ඈතක නොවේ. (නදී)
මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා (නදී)
අනිවාර්යෙන්ම මේවා ගැන සොයා බැලිය යුතුයි. තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි. ඒ නිසා ඒ උදවියට සාධාරණයක් ගෙනා යුතුයි මේ පරීක්ෂණ තුලින්. (අ)
88-89 කාළේ දී වුණ තරුණ ඝාතන ගැනත් සුල මුල හෙව්වා නම් හොද වැඩක්?. (අ)
සුලමුල හැමෝම දන්නවා. එ්කේ අායෙත් හොයන්න දෙයක් නැහැ, අපරාධ කරුවන්ට දඬුවම් කරන්නමද ඔය හොයන්නේ හැබැටම? අපිත් ආසාවෙන් බලා ඉන්නේ එහෙම වෙන කල්. මගේ මිත්‍රයෙක් , සම කාලීන සගයෙක්, ඔය එක්කෙනෙක්. අපරාධකරුවෝ හොඳින් ඉන්නවා, උන්ට දෙවියන්ගෙන් වත් දඬුවමක් නැහැ. (බ)
88-89 කාළේ දී ජේ.වී.පී එකෙන් ඝාතනය කල අය ගැනත් සුල මුල හෙව්වා නම් හොද වැඩක්? හොයන්නේ කවදාද? (නදී)
සරත්, මේවා අවසන් වුණාම ඒවා බලමු නේද? (නි)
71 සහ 89 ඝාතන ගැනත් හොයන්න (නදී)
අප රටේ යම්කිසි අපරාධයක් පරීක්ෂණයෙන් තොරව අතරමඟ නවතිනවාද, එම සියලු අපරාධ දේශපාලන බලයෙන් වෙන අපරාධයි. තිබෙන සාක්ෂි වලට මේ අපරාධයන් ගැන නිසි ලෙස පරීක්ෂණ කළොත් මේ බලපුළුවන්කාරයන්ට යකඩ කූරු ගනින්න වෙනවා, අනිවාර්යයෙන්ම. බලමු මොකද වෙන්නේ කියලා. (නි)