එක්තරා භික්‍ෂු සංවිධානයක් තමන් ඝාතනය කිරීමට උත්සාහ දරණ බවත් ඒ සඳහා හැකි විගස සහනයක් සලසා දෙන මෙන් ඉල්ලමින් මහියංගනය දිවුල්පැලැස්ස රොටලවෙල මහවැලි මහා විහාරයේ විහාරාධිකාරී මහියංගන ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර වටරැක විජිත හිමි කොළඹ කින්සි පාරේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට උපවාසයක් ඇරඹීය.
එම සංවිධානය කිහිප සැරයක්ම පහරදී ඝාතනය කිරීමට තැත් කළ බවත් මාස හයක් තිස්සේ සැඟවී සිට අද මෙසේ මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණීමට තීරණය කල බවත් පොලීසියට පැමිණිලි හයක් ඉදිරිපත් කළ බවත් වටරැක හිමියෝ පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ ලොවට වදාළේ "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී" කියල. සිවුරු දරා ගත්ත ඇතැමුන් ධර්මය රකින්න කියල ඇවිත් ධර්මය තුලින් තමාවවත් රැක ගන්න බැරි තත්වයට අසරණ වෙලා. (නදී)
සිවුරේ ඉඳගෙන දර්ම කටයතු කරනවා නං ඔය මුකුත් ප්‍රශ්න නැහැනේ . දේශපාලනය කරන්ඩ යන හින්දයි මේ ප්‍රශ්න ඔක්කම. තමුන්ට දේශ පාලනය කරන්ඩ ඕනේ නම් ඔය සිවුරට අගෞරව කරන නැතුව සිවුර ඇරලා දේශ පාලනය කරන්න (දී)
බුදු රජාණන් වහන්සේ මෙසේ වලා සේක.. මාගේ ධර්මය විනාශ කරන පුද්ගලයන් මේ ශාසනය තුලම පහල වන්නේය, (දී)
මෙලොවේ වරදක් හෝ පවක් කර ඇත්නම් ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් නියතයි (දිල්)
අනේ මන්ද ..මේක දැක්කම ඇතිවෙන්නේ මේ හාමදුරුවෝ ගැන දුකක් අනුකම්පවක්නම් නෙමෙයි ..අප්පිරියාවක් හිරිකිතයක්..... (දී)
අර සේනා මේ සේනා ඔක්කොම හාමුදුරුවරු රට පාලනය කරන අයට හොද නරක පහදා දෙමින් අනුසාසනා කළා නම් කොච්චර වටිනවද?දේසපාලනය කිරීමට පැමිණ ලෝකයම මේ විදියට හිනස්වමින් බුදු දහමට නිගා නොකරන්න.ඔබලාට අපා ගත වෙන්න වෙනම අපායක් හදන්න වෙයි. (නදී)