ගිනිඅවියක් සමඟ ව්‍යාපාරිකයකු ද තවත් ගිනි අවියක් සමඟ පාතාල සබඳකම් ඇතැයි කියන පුද්ගලයකු ද කළුතර කොට්ඨාස අපරාධ දුෂණ අංශයෙන් පානදුරේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කිරිමට ඇති සුදානමක් ගැන ලැබුණ තොරතුරු අනුව මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දෙදෙනා ළඟම තිබු අවි වල අංක මකා දමා ඇතැයි ද දෙදෙනා ළඟ තිබු අවි වලට සරිලන උණ්ඩ ද තිබු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)