ඉතාලියේ සිට පැමිණි ජෝඩුවක සැමියාට රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත බෝම්බයක් ගැසූ බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු හා ඔහුගේ සගයා අත්අඩංගුවට ගත් පොලිසිය අද (17) මීගමුව, කුරණ දී බෝම්බ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බිරියද අත්අඩංගුවට ගත්තේය.
බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ සැමියා තුවාල ලබා බේරී ඇත. ඔහුට බෝම්බ ගැසීමට කොන්ත්‍රාත් දුන් බව කියන පුද්ගලයා ඉතාලියට පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්වේෂය සිත කය දවන ගින්නකි. මිත්‍ර වේෂයෙන් එන හතුරෙකි. නිවන් මඟට කටු වැටකි. මේ ද්වේශය මා කෙරෙහි නුපදීවා! මා කෙරෙන් බැහැර වේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! (නි)
මේ අයට කියන්නේ වධක භාර්යාවෝ කියලා. (නි)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
එතකොට මේ කාන්තාවත් මීට හවුල්ද? (නි)
ඔන්න ඕක තමයි කියන්නේ, බිරිඳ මම තවත් ඔයත් එක්ක ඉන්න කැමති නැහැ කිව්වහම යන්න නොදී පාට් දාගෙන ඉන්න අයියලාට අන්තිමට වෙන දේ ....... (නි)
අනේ අපේ කාන්තා පරපුරට ගිය කලක් නේද? මේකට වෙන්න ඇති “ලේඩිස් ෆස්ට්“ කියන්නේ (නි)
මෙය දරුණු තත්ත්වයකි (නි)
"ලේඩීස් ෆස්ට් "කියන්නේ මෙහෙම අයට නොවෙයි ජයා. හරියට කරුණු නොදැන අපිට මොකුත් කියන්න බැහැනේ. බලමු මොකද වෙන්නේ කියලා (නි)
තමන් බලාපොරොත්තුවෙන දේවල් නොලැබුනාම ඔහොම දේවල් වෙනවා (නි)
මට මනමේ නාට්‍යය මතක්වුණා (නි)
ඉතින් අනේ කාන්තාව සම්බන්ධයි කියලා නිවුස් එකේ නැහැනේ. (බ)
ජයා, නියමයිනේ. තව තව කියන්නකෝ (නි)
දේපොළවලට තියෙන ආසාවට සහ තනියෙන් බුක්ති විඳින්ට තියෙන ආසාවට මෙහෙම දේවල් කරනවා. (බ)
මේ වගේ කාන්තාවන්ට නම් ශරියා නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ. දික්කසාද වෙන්න අවස්ථාව තිබියදී තමන්ගේ ස්වාමියා මැරීම දරුණුම අපරාධයක්. (නි)
බොදු බළසේනා ඥානසාර හිමිට අපි මේක කියමු, ඒ අයට පෙනෙන්නේ නිකන් පාරේ යන අය විතර යි. මේවා තමා අපිට තියෙන ප්‍රශ්න (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)