(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ වීසා බලපත්‍රය අද (11) කල් ඉකුත් විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්
රටවැසියා Thursday, 11 August 2022 12:53 PM
ලංකාවේ පාස්පෝට් එකක් තියනවා, අපරාධ කරලා නැහැ, හිටපු ජනාධීපතිලා තරම් හොරකම් කරලත් නැහැ, සරලව ජීවත් උනා, අවු 70ක් ණයට කාල සැපට ඉඳපු මිනිස්සුන්ගෙ පව් වලට කරගැහුවා විතරයි. මේ ආර්ථීක ප්‍රශ්ණෙ කොහොමත් එනවා, ඒක මේ කොරෝනා නිසා ඉක්මන් උන එක විතරයි උනේ. දැන් ලංකාවට එන්න එපා කියලා කවුද කියන්නෙ. මොකක්ද තියෙන බාධකය.
PereraFriday, 12 August 2022 05:18 AM
බාධකය? රටට ජාතියට කල “ ගුණ‘ වලට රට්ටුන්ගෙන් ලෝභ නැතිව පුද පූජා ලැබෙයි කියන බය
Prabha Thursday, 11 August 2022 12:58 PM
හොරකම් වංචා දූෂණ කරලා නැත්නම් ආපහු එන්න බය වෙන්න එපා.
Perera Thursday, 11 August 2022 01:00 PM
ඉන්න හිතෙන රටකට ගියාට බාරගන්න කැමති රටක් වෙන්නත් ඕනනේ.
ජගත් ලියනගේ Thursday, 11 August 2022 01:52 PM
අනේ දිගටම තියා ගන්නකෝ තායිලන්තය, කියන තැනකට වඳින්නම්
පිටිගල මිලානෝ Thursday, 11 August 2022 03:13 PM
ඔහොමම සෞදියට බාරදෙන්න... ඒ අය සරණාගතකම දෙයි…
BamunuarachchiFriday, 12 August 2022 05:58 PM
ඔව් හලෝ ගෝඨාභය නොසිටියානම් ඔයාල වගේ අයට සෞදියට බාර වෙලා..එහි සරණාගතයෝ වෙන්න තමා තිබුනේ.ඒ සරණාගත කමින් බේරුවට ගෝඨාභය ඉන්න පැත්ත බලලා වදිනවා.
Saman Thursday, 11 August 2022 03:41 PM
ඔබතුමා තැන තැන යන්න ඕන නෑ මෙහේ ඇවිත් ජීවත් වෙන්න. කළගුණදත් සිංහලයන් සැමදා ඔබ සමගයි
Bamunuarachchi Thursday, 11 August 2022 04:11 PM
ඝෝඨාභය මහතා වෙනත් රටවල රැකවරණය සොයන්න වරදක් ලංකාවේ හෝ රටින් පිට කර නැහැ. ඔබතුමාගේ පැමිණීම අපි ආදරයෙන් බලාපොරොත්තු වෙනවනවා . එත් ටිකක් ඉවසන්න ජෙප්පෝ දියකර හැරීමේ කර්තව්‍ය පටන්ගෙන තිබෙනවා. අපි ජෙප්පන් විනාස කිරීමේ කර්තව්‍යට දායක වෙනවා. වැඩිකල් නොගොස් අනුරට රැකවරණය ලබා දීමට කැමති රටක් සොයන්න වෙනවා. එතෙක් ඉවසන්න.
arschfikaaFriday, 12 August 2022 02:02 AM
ඔලුවට අං දෙකක් විතරයි අඩු.
BamunuarachchiFriday, 12 August 2022 10:30 AM
ආ එන්න අං දෙකක් විතරක් නොවේ වලිගෙකුත් දෙන්නම්. ජෙප්පන්ට අං විතරක් මදි.
Raja Thursday, 11 August 2022 05:13 PM
මොකද උගන්ඩාවට යන්නෙ නැත්තෙ? සහෝදරයාගෙ ඔබලගෙ සේරම හොර වියාපාර තියෙන්නෙ එහෙනේ
රත්න Thursday, 11 August 2022 08:33 PM
කරුණාකර එතුමාට සියලු ගෞරව සහිතව ලංකාවට එන්න කියා ආරාධනා කරන්න.
රටහිතකාමිFriday, 12 August 2022 07:28 AM
ගිහින් දාන්න රතු කාපට් එක.ඒත් එක්කම හඳහනත් බලා ගන්න
BamunuarachchiFriday, 12 August 2022 06:07 PM
අනුරයාම රට ණය වෙච්ච හැටි පාර්ලිමේන්තුවේ කිවිවාම රතු කාපටි එලලාම තමා තමයි ගෝඨාභය වඩම්වන්නේ.රාජපක්ෂලාට විරුද්ධ උනේ ජෙප්පන්ගේ කතා අහලානේ දැනුත් අහනවා ජෙප්පන්ගේ කතා .එතකොට අනුරයාව ස්වර්ගස්ත කරන්න හිතෙනවා ඇති
Bamunuarachchi Friday, 12 August 2022 06:03 PM
ගෝඨාභය එක ඩොලරයක් ණය අරගෙන නැහැ.මහින්දගේ කාලේ ණය අරගෙන තිබුනේ ඩොලර් බිලියන 3යි 2014-2020 කාලේ යහපාලකයෝ ඩොලර් බිලියන 12 ණය අරගෙන තිබුනා කියලා පාර්ලිමේන්තුවේ කියන්නේ අනුර.මම you tube. එකේ ඇහැව්වා එහෙනම් මොන බම්බුවකටද මිනිහෝ රාජපක්ෂලා රට ණය කෙරුවා කියලා පට්ට බොරු කිවිවේ කියලා.