IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගොවියා රකින්න ආ ආණ්ඩුව දැන් ලොකු ලූනු මනිනවා

(අංජුල මහික වීරරත්න)

ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිගින් දිගටම ලොකු ලූනු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බව විපක්ෂ නායකවරයා කීය.

රජය මිලදී ගන්නා ලොකු ලූනු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු යැයි අනිවාර්ය කර ඇති බව කී විපක්ෂ නායකවරයා එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූනු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය බව විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූනු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

 



අදහස් (7)

ගොවියා රකින්න ආ ආණ්ඩුව දැන් ලොකු ලූනු මනිනවා

Samitha Wednesday, 29 October 2025 04:16 PM

පොල් විකුණුවේ ගෙඩියක මිල අනුව නිසා පොල් ගෙඩියක ප්‍රමාණය අනුව ගෙඩියේ මිල නියම කිරීම සාධාරණයි. ඒ වුණාට ළූණු විකුණන්නේ බර අනුව නිසා ගෙඩියේ වට ප්‍රමාණය ප්‍රශ්නයක් විය යුතු නෑ කියලයි මට හිතෙන්නේ. අනික් එක විශාල ප්‍රමාණයේ ළූණු පිරිමැස්මක් නෑ. ටිකක් පොඩි ඒවා පිරිමහන්න පුළුවන්. අනික් අතට ලොකු ළූණු විතරක් විකුණන්න පුළුවන් නම් ඊට වඩා පොඩි ප්‍රමාණයේ ළූණු ගෙඩිවලට මොකද වෙන්නේ. ඒවා විකුණන්නේ මොනවා කියලාද?

:       1       4

pradeepWednesday, 29 October 2025 04:49 PM

මේ කියන්නේ බීජ ළූළණුවලට, නැවත හිටවන්න ගන්න ඒවට, කන්න ගන්න නොවේ..

:       0       0

මැක්ස් Wednesday, 29 October 2025 04:34 PM

ගොවියා රකින්න ආ ආණ්ඩුව ඒ වැඩේ අතෑරියේ ඔබතුමා ආණ්ඩුව රකින ලයින් එකකට පීල්ල මාරු කරලා වෙන්න බැරිද?

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 04:45 PM

මෙලෝ හසරක් නොදන්නා ඔයාට ඉතිං පාන්ද?

:       0       1

pradeep Wednesday, 29 October 2025 04:48 PM

මේ මනුස්සයා දන්නේ නැද්ද... මේ ප්‍රමිතිය දාලා තියෙන්නේ බීජ ළූණු වලට කියලා... කන්න ගන්න නෙවෙයි කියලා.

:       1       1

සෙනෙවිරත්න Wednesday, 29 October 2025 04:49 PM

සජිත්ගෙ නෝන ලූනු ගේන්න කඩේ ගියාම ලොකු ළූණු නොගෙන පොඩි ඒවා තෝරලා ගන්නවාද? නැත්නම් මේකේ වැලලෙන අය එහෙම වෙනවාද, වැඩි මිල දීලා ගන්නවාද? සතොස කරන්නේ ව්‍යාපාරයක්..., අළෙවි භාණ්ඩයකට ප්‍රමිතියක් ඕනෑ, අම්මගේ අප්පාගේ බූදලය නොවෙයි සතොසේ හිටපු අය කළා වගේ, පාරිභෝගිකයින් ගැන පළමුව සිතිය යුතුයි...

:       0       2

සෙනෙවිරත්න Wednesday, 29 October 2025 04:51 PM

සජිත්ගෙ ටිකිරි මොලය මැන ගැනීමට ඔබට නැවත වරක් අවස්ථාවක්. භාණ්ඩයක ප්‍රමිතිය නොමැති නම් පාරිභෝගිකයන් ඒවා මිලයට නොගනු ඇත. සජිත්ට මේ සත්‍ය වටහා දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site