(අංජුල මහික වීරරත්න)
ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට කෘෂිකර්ම ඇමති ඒ ප්‍රශ්න ගැන කිසිවක් නොදන්නා බවද විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ඉගිනිමිටිය වසමේ පැවැත්වූ ගොවිජන හමුව අමතමිනි.
පසුගිය දින පවා බිත්තර වී වල හිඟයක් පැවැති බව කී සජිත් ප්‍රේමදාස මහතා බිත්තර වී වගාකරුවන්ට පවා නිශ්චිත මිලක් නැතැයි ද රජය බලයට පත් වූයේ ගොවියා රජ කරවනවා කියා වුවත් අද වන විට ගොවි ජනතාවගේ ජීවිතය පහලටම ඇද දමා තිබෙන්නේ යැයිද පැවසීය.
බිත්තර වී හිඟය, බිත්තර වී වලටද ස්ථාවර මිලක් නොමැති වීම, පොහොර හිඟයක් පැවතීම ආදිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන විට එවැනි ගැටලු නැති බව ඇමතිවරයා පැවසුවත් මේ නිසා ගොවි ජනතාව අද කලකිරීමෙන් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
කණකර දේපල උගස් කර වගා කළත් අස්වැන්නට හොද සහතික මිලක් ස්ථාවර මිලක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ.. මෙයා හිටියා නම් සමෘද්ධි ආධාරයේ සල්ලි හරි බෙදාගන්නවා. ඇත්තටම මේ මනුස්සයාට කිසිම සමාජ දැනුමක් නෑ වගේ.
වැඩිකාලයක් නැ හර්ෂ කට්ටියක් එක්ක වෙන පක්්රෂයක් හදාගෙන එලියට බහිනව