(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාව විසඳීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව  ‘පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී’ පසුගියදා  සාකච්ඡා කෙරිණි.

මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණේ පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනු කාරක සභාව  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් 2026.04.09 දින රැස්වූ අවස්ථාවේදීය

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, මහින්ද ජයසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන්, සුගත් වසන්ත ද සිල්වා සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීහුද  සහභාගී වූහ.