(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා ඇති වු ගින්නකින් නිවස සමිපුර්ණයෙන්ම විනාශ වි එහි සිටි අට හැවිරිදි පිරිමි දරුවෙකු පිළිස්සී මිය යැමෙි සිද්ධියට පියා, මව සහ මවගේ අනියම් පෙමිවතා අද (09)දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් නශාස් රිසාස් නැමති දරැවෙකු වන අතර ඔහු දැඩි ලෙස පිළිස්සුම් තුවාල සහිතව බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මෙලෙස මියගොස් තිබෙන බව පොලිසි පවසයි.
අඔුසැමි ආරවුලක් හේතුවෙන් බිරිඳ ඊයේ (08)දා රාත්‍රියේ අනියම් පුද්ගලයකු සමග නිවසින් බැහැරව ගොස් ඇති අතර ඇය සොයා සැමියාද නිවසින් බැහැරව ගොස් තිබෙන අතර රාත්‍රියේ අට හැවිරිදි දරැවා පමණක් නිවසේ සිටින අතර තුර අළුයමි කාලයේ මෙලෙස නිවස ගිනිගෙන තිබෙන බව බලන්ගොඩ පොලිසිය පැවැසීය.
නිවස ගිනිගන්නා අයුරු ප්‍රදේශවාසීන් දැක පොලිසිය වෙත දැනුම්දීමක් කර තිබෙන අතර ඒ අවස්ථාවේදී සැමියාද යලි නිවසට පැමිණ තිබෙි.
මෙි සමිබන්දයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා විසින් සිදුකළ අතර රත්නපුර අපරාධ පරික්ෂණ නිළධාරිහු ද බලන්ගොඩ පොලිසිය සමග එක්ව පරික්ෂණ සිදු කළහ.
බිරිඳ කාලයක සිට අනියම් සබදතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් නිරන්තරයෙන් අඔුසැමි ගැටුම් සහිතව ජිවත් වි තිබෙන බවද පොලිසිය විසින් මුලික විමර්ශනවලදි අනාවරණය කර ගෙන ඇති බව පොලිසිය පැවැසීය. නිවස ගිනි ගැනිම සමිබන්දයෙන් සැකයක් මතුවෙන බව පොලිසිය පැවැසීය
මෙම ගිනිගත් නිවසේ හිමිකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයකු බවට ප්‍රදේශවාසීහු විසින් චෝදනා කර සිටිති. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.එමි.සමරවීර , ප්‍රේමචන්ද්‍ර , විමලසේන , සහ නුවන් දර්ශන යන නිළධාරිහු විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගින්නෙන් දරුවා මරුට : මව පියා අනියම් සැමියා පොලිසියට