(බිඟුන් මේනක ගමගේ)
විදෙස් ගමන් බලපත් එක්දින සේවා ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට අයවැයෙන් ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.
අවම ජීවන තත්ත්වයක් මැද රටට විදේශ විනිමය ගෙනෙන ලාංකික කාන්තාවන්ට මෙම අයවැය යෝජනාව සෘජුවම බලපාන්නේ යැයි ද මෙය සැලකිය හැක්කේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් නියෝජනය කරන ගෘහ සේවිකාවන්ට පැනැ වූ දඬුවම් බද්දක් හැටියට යැයි ද ගුණසිංහ මහත්මිය කීවාය.
එක්දින සේවාවට මෙතෙක් අය කළ රුපියල් 10,000 ගාස්තුව 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීන්දු කර ඇත්තේ එක් බලපතකින් රුපියල් 8000 ක් පමණ ශුද්ධ ලාභයක් ලබන අවස්ථාවක යැයි ද එය ඉමහත් අසාධාරණ තීරණයක් යැයි ද ඇය අවධාරණය කළාය.
රුපියල් 2500 කට පැවැති එක්දින සේවා ගාස්තුව වසර කීපයක් ඇතුළත මෙසේ ඉහළ දැමීමට රජය පියවර ගත්ත ද එහි නිෂ්පාදන වියදම රුපියල් 1500 ක් යැයි ද ගුණසිංහ මහත්මිය කීවාය.
මීට අමතරව මෙවර අයවැයෙන් රජය මුළු ජනගහණයෙන් 51% කට අධික කාන්තාව මුළුමනින්ම අමතක කර ඇතැයි චෝදනා කළ ඇය ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින උතුර, නැගෙනහිර හා උතුරුමැද යන පළාත්වල කාන්තාවන්ට දුන් පොරොන්දුවලට පයින් ගසා ඇතැයි ද කීවාය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිර වී සිටින කාන්තාවන්ට රුපියල් ලක්ෂයක් දක්වා වූ ණයවලට සහනයක් දෙන්නට මැදිහත් වන බවට රජය අයවැයට පෙර පොරොන්දු දුන්නත් එය අයවැය යෝජනාවලට අන්තර්ගත කර නැතැයි ද ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"" ලෝකකාන්තා දිනය "" වෙනුවෙන් මේ, දුප්පත් , පිඟන් හෝදන යන්ත්රයක්වත් ක්‍රියාකරවීමට නොදන්නා ගැහැනුන්ව රට..පැටවීම තහනම් කෙරුවනම් හොඳයි නේද ..
මේ රජයට පාඩමක් ඉගැන්විය හැක්කේ පිටරට රැකියා කර ලංකාවට එවන් විදෙස මුදල් එවීම මාස 3 හෝ 6 ක් නතර කිරීම ඉන්පසු ඔවුන් විදේශික ශ්‍රමිකයන් පසු පස එනු ඇත
මේතාක් කිසිම රජයක් විදෙස් ශ්‍රමිකයන්ට කිසිදු සහනයක් ලබා දී නැත
රජයට පාඩමක් ඉගැන්විය හැක්කේ පිටරට රැකියා කර ලංකාවට එවන විදේශ මුදල් එවීම මාස 3 හෝ 6 ක් නතර කිරීම ඉන්පසු ඔවුන් විදේශික ශ්‍රමිකයන් පසු පස එනු ඇත.
මම සම්පුර්ණයෙන්ම එකඟයි.... අපට හැකි නම් පිටරට රැකියා කර ලංකාවට එවන විදේශ මුදල් එවීම මාස 3 හෝ 6 ක් නතර කිරීම ඉන්පසු ඔවුන් විදේශික ශ්‍රමිකයන් පසු පස එනු ඇත. අපි වසර ගානක් මෙහෙ දුක්විදල ලංකාවට එවන මුදල් වලින් තමයි දැන් ලංකාව දුවන්නේ. එහෙම අපිටද මේවගේ සලකන්නේ.
ඉතාමත් අසාධාරණ ගාස්තුවකි.
අය-වැයේ රඟ තව ටික දවසකින් පෙනේවි. 2500 දුන්නේ 10,000 ගන්න බලාගෙන. දැන් ගියවර දීපු 10,000න් මාසෙකට කීයක් ඉතුරු කරනවද? තනිකරම කැරට් අලයක්. ඔය දෙනව කියන සිහින ණය ලැබෙන්නෙම නැහැ. ටැබ් වලට බිලියන 2.5 ක් වෙන් කරලද? මේවට කී දෙනෙක් රැවටෙනවද?
සහතික ඇත්ත සියලුම දේශපාලකයන් මෙන්ම සියලුම පුරවැසියන් කුසගින්න නැති කරගන්නේ ඔබ ,අප හෙලන , ලේ කදුළු, දහදිය මතින් උපයන ඩොලර් වලින් බව අප නිර්බයව පවසන්නෙමු. එනමුත් කෙලෙගුනේ නොදත් දියවන්නා ඔයේ කට්ටිය මෙසේ දුක් මහන්සිවී උපයාගෙන ලංකාවට එවන ඩොලර් ගැන පමණක් සිතීම මොන තරම් අසෝබනද ??
ලංකාවට සල්ලි එවීම නවත්වන්න අමාරුයි. නමුත් සල්ලි එවන්නෙ නැතුව අතේ අරන් එන්න එතකොට බැංකුව හරහා එවන විට ගන්න බද්දෙන් නිදහස් වෙන්න පුලුවන්. අපි රටරටවල දුක්විදලා බැංකුව හරහා සල්ලි එව්වම ඒකෙනුත් ගාන කපන පිරිසක් මේ. කිසිම රජයක් විදේශ ශ්‍රමිකයින්ට සාධාරණයක් කරලා නැහැ.
ලෝක වාර්තාවක්, දියුණු රටකවත් මෙපමණ මුදලක් නොගනී. එම රටවල ආර්ථිකයට සාපේක්ෂව එය සුළු මුදලක්