IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගෘහස්ථ සේවකයන්ගේ රැකියා ගිවිසුම සමාලෝචනය කරන ලෙසට නිර්දේශයක්

domestic

 

ගෘහස්ථ සේවකයන් සහ ඔවුන්ගේ හාම්පුතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා රැකියා ගිවිසුම් නැවත වරක් සමාලෝචනය කළ යුතු බව ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීම විධිමත් කිරීම සඳහා පිහිටුවා ඇති ඉහළ පෙළේ කමිටුව විසින් යෝජනා කර තිබේ.


මෙම කමිටුව පසුගියදා එහි පළමු රැස්වීම ව්‍යාපාරික සංගමයේ සේවා කමිටුවේ සභාපති ඉංජිනේරු අලි බින් අබ්දුල්ලතීෆ් අල් මිස්නාද් මහතාගේ ප්‍රධානත්වයෙන් කටාර් වාණිජ මණ්ඩල කාර්යාලයේදී පැවැත්වීය.


විදේස් රටවල සිට බඳවා ගන්නා සියලු සේවකයන්ට, විශේෂයෙන්ම ගෘහස්ථ සේවකයන්ට ආදළ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා කටාර් වාණිජ මණ්ඩලය, විවිධ අමාත්‍යාංශ සහ මිනිස්බල නියෝජිතායතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේදී පැවැති හමුවේදී ඉහත කමිටුව ස්ථාපිත කරනු ලැබීය.


පසුගියදා පැවැති පළමු රැස්වීමට පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශය, අභ්‍යන්තර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය සහ බඳවා ගැනීමේ  ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගි වූහ. මෙම රැස්වීමේ ප්‍රධානම අරමුණ වූයේ ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සරල කිරීම, ගෘහස්ථ සේවකයන්ගේ සේවය ලබාගන්නා පවුල්වලට සහනයක් ලැබෙන පරිද්දෙන් බඳවා ගැනීමේ ගාස්තු පහළ දැමීම සහ බඳවා ගැනීමේ ක්‍රියාවලිය පමාවීම සම්බන්ධයෙන් පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් ජාෆායිල් අල් නුඅයිමි මහතා විසින් නිකුත් කර තිබූ උපදෙස් පිළිබඳව සාකච්ඡා කිරීමයි.


බඳවා ගැනීමේ ගාස්තුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිනිස්බල ආයතන නියෝජිතයන් අවධාරණය කළේ එය මිනිස්බල අපනයන රටවල් විසින් පනවන ලද මිල ගණන් මත මෙන්ම මූලාශ රටවල තිබෙන මිනිස්බල සැපයීමේ ආයතනවලින් සපයන බඳවා ගැනීමේ සේවාවන් සඳහා අය කරන ගාස්තුවලට සෘජුවම සම්බන්ධ වන බවයි.


එසේම මිනිස්බලය ආනයනය කරන කලාපයේ අනෙක් රටවල සමග ඇති දැඩි තරගකාරීත්වයද බඳවා ගැනීමේ ගාස්තු ඉහළ යාමට සෘජුවම බලපාන බවද ඔවුන් පෙන්වා දුන්නේය. 


තරගකාරීත්වයට හානියක් නොවන පරිද්දෙන් බඳවා ගැනීමේ ගාස්තු පවත්වාගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මීට වඩා ගැඹුරින් සාකච්ඡා කිරීමටද රැස්වීමට සහභාගි වූ පිරිස එකඟතාවයකට පැමිණියේය.


ගෘහස්ථ සේවකයන් බාරදීම පමාවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජිතයන් පැවැසුවේ එය බොහෝ විට මූලාශ්‍ර රටේ දීර්ඝ ක්‍රියාවලිය නිසා සිදුවන බවයි.


මෙම ක්‍රියාවලිය ලිහිල් කොට පමාවීම් අඩු කරගැනීම සඳහා විදෙස් කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දුන්නේය.


ඉහත රැස්වීමේදී ඉස්මතු වූ සියලුම යෝජනා සහ අදහස් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරන බව කටාර් වාණිජ මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (0)

ගෘහස්ථ සේවකයන්ගේ රැකියා ගිවිසුම සමාලෝචනය කරන ලෙසට නිර්දේශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 530 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site