අනගාරික ධර්මපාල සැමරුම පැවැති පන්නිපිටිය ධර්මපාල විදුහලට අද පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවධානය යොමු කර ගැනීමට මාපිය යුවළක් දැරූ උත්සාහයට පොලිසියේ යකඩ ගොඩක් හරස් වූ බව කියති.
විදුහලේ ආදි සිසුවකු වන වයි ඩී රණසිංහ මහතා තම දරුවාට පාසලක් නැති නිසා ජනපති එද්දී පාසල ඉදිරිපිට සිය දුක්ගැනවිල්ල කියන්නට ආ ඔහු ජනපතිට නොපෙනෙන විදියට ජිප් රියක් හරස් කර තිබූ බව ඔහු කියයි.
විදුහලේ ප්‍රකාශකයකු පැවසුවේ පාසලට ඇතුළු කර ගත හැකි සංඛ්‍යාව 300ක් වුවත් 2000කට අධික ඉල්ලුම්පත් ලැබී ඇති බවයි. ඒත් පාසලට අවමන් කරමින් මේ විදියට පාරේ වාඩි වී සිටීමෙන් දරුවාට පාසලක් ලබා ගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බව ඔහු කියයි.

![DSC07707[1]12](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC07707112.jpg)
![DSC07686[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC076861.jpg)
![DSC07718[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC077181.jpg)
![vlcsnap-2015-09-14-13h02m05s187[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/vlcsnap-2015-09-14-13h02m05s1871.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද කාගේ වුණත් දරුවෝ (ම)
ඉස්සරනම් ඔහොම නෙමෙයි සලකන්නේ දෙකයි දෙකේ පොලු වලින්.(ම)
මාර්ග නීති කඩා ඇති බවට හොඳ සාක්ෂියක් (නි)
ගම්පහ විදුහලක විදුහලේ ආදි සිසුවකු වෙලත් මගේ පලවෙනි දරුවාගේ සහෝදර පදනම තිබිලත්,රුපියල් ලක්ෂයක් දිලවත් මගේ දෙවැනි දරුවාව ද ගන්න බැරි වුණා.(ම)
මෙවන් දේවල් කිරීමෙන් දරුවාට යන්නේ වැරදි ආදර්ශයක් නොවේද? (නි)
මේ ආදී සිසු විකාරය ලෝකේ හොහෙවත් නැති එකක්. මේකට මුල දේශපාලකයෝ. කරුණාකරලා අලුත් පාසල් හදනකොට ලොකු පාසල් වල උප පාසල් ලෙස නම් කරන්න. කුඩා පාසල් නම් ඉවත් කොට ජාතික පාසල් වල කොටස් ලෙස නම් කර පරිපාලනය ජාතික පාසල් යටතට ගන්න. ඉන්පසු කුඩා පාසල් වලට ද සමසේ සම්පත් බෙදී යන ලෙස පරිපාලනය යොමු කරන්න. උදාහරණයක් ලෙස ගුරුවරුන් අද මේ පාසලේ හෙට අර පාසලේ උගන්වන ලෙස හදන්න. (ම)
ආදී ශිෂ්‍යයෙක් වුණාට මදි ඇති ! ඩොනේෂන් එක දීල නැතිව ඇති. හුඟක් ඉස්කෝලවල ඔය සෙල්ලම තියෙනවා'!! (අ)
පොලිස් අයගේ දරුවන්ට මෙසේ නොවේවා (අ)
දැන් ඉතින් දරුවා පාසලට කොහොමත් දා ගන්න වෙන්නේ නෑ.(හේ)
දැන් ගුණසිරි කියන්නේ මොකක්ද? (නි)
පොලිසිය මාර්ග නිතිය කඩා ඇත . (අ)
මෙම දරුවට ධර්මපාල විදුහල ලැබුනත් යවන්න එපා....ඊට පස්සේ දරුවට නොසලිකිලි, අදර්ස විදුහලකට දරුවාව අනුයුක්තකරන්න (අ)
ලංකාවට මේක සදාකාලික ප්‍රශ්නයක්. ප්‍රසිද්ධ නම්වලට සම්බන්ධ කොට ප්‍රාථමික පාසල් පද්ධතියක් ඇති කරන්ඩ. තරමක මුදලක් අය කර ගන්ඩ. දානපතියන්ත් , ආදි සිසුන් ලවාත් පාසල් ගොඩනැගිලි ඉදිකොට එම ඉදි කළ මහතා නමින් එම ගොඩනැගිලි නඩත්තු කොට නම් කරන්ඩ. දෙමාපියන් ළමයින් ඇතුල් කිරීමේදී මුදලක් ගොඩනැගිලි ඇතුළු අනෙකුත් දේ සඳහා අනිවාර්යෙන්ම දායක විය යුතුයි. (බ)
ඉදගෙන ඉන්නේ නැතුව හිටං හිටියනන් පෙනෙයිනේ. (බ)
ඉස්කෝලේ ගියපු විභාග පස් කරපු අය මේ වගේ වැඩ කරන්නේ නෑ පන්දම අල්ලලා ලොකු තැන්වල ට ගිය අය තමි මේවගේ වැඩ කරන්නේ (ම)
අයියෝ පවු! (නි)
ළමයව පාසලට ගත්තේ නැතිවුණාට ලොකු ලොක්කන්ගේ ළමයි අරගෙන ඇති (නි)
අසාධාරණයක් වී ඇත්නම් නීතිය තුළින් අධිකරණය හරහා විසඳුමක් හොයාගන්න බලන්න (නි)
අඬන්න ඕනෑලු කිරි එරෙන්න.අරගලයකින් තොරව මිනිසුන් දිනාගත් කිසිම දෙයක් නැහැ. (නි)
මම දැක්කා කොහේදෝ තැනක මේ වගේ පින්තූර ඉල්ලලා තිබ්බා. පොලිසිය ඉරි කපල වාහනේ නවත්තල තියෙන්නේ වාහන ගමනට බාධාවකි (බ)
හොඳ වැඩක් කරලා තියෙන්නේ පොලිසියට මල්මිටක් (අ)
දරුවාට හොඳ ආදර්ශයක් නොවෙයි මේ දෙමාපියන් දී ඇත්තේ. (අ)