යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීමේ නඩුවේදී සෞදි අරාබි අධිකරණයකින් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනා නිදහස් කර ගැනීමට ජනපති විශේෂ නියෝජිතයකු ලෙස ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජු හමුවීමට යෑමට නියමිත බව රජයේ ආරංචි කියයි.
2007 වසරේදි ආයුධ සන්නද්ධව යේමන ජාතිකයකුට පහර දී මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා එතැන් සිට එරට බන්ධනාගාරගතව සිටිති.
කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) එම තිදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)
මේ අයව කෙසේ හෝ බේරා ගැනීමට උපරිම උත්සහයක් දැරිය යුතුයි.(හේ)
මේ අය අපේ අය තමයි.ඒත් වැරැද්ද වැරැද්දමයි.(හේ)
දැන් පරක්කු වැඩිදෝ කියා හිතෙන්නේ නැද්ද?(හේ)
ඒ රට වල දඩුවම් දැඩියි.අපේ වගේ නෑ.(හේ)
මේ අයව නිදහස් කරගන්න පුළුවන් වේවි කියා හිතනවා.(හේ)
මේ අයව නිදහස් කරයි කියලා හිතන්න අමාරුයි.(හේ)
වැරැද්දක් කරලා තියෙනවා නම් දඩුවම සාධාරණයි.(හේ)
ඔය ගමන ගියා කියලා වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)
රිසානා බේරගන්න බැරිවුණ එකේ කොහොමද මේ අයව බේරන්නේ. කරලා තියෙන වැරැද්ද ඇත්ත නම් දීලා තියෙන දඬුවම සාදාරණයි. ලංකාවේ වගේ දේශපාලන ඇන්දුරුම් කම් වලට බේරෙන්න බැරි බව දන්නේ නැද්ද? (හේ)
නොකෙරෙන වැඩ කරන්න ගිහිල්ල නිකන් කාලේ නාස්ති කරගන්නවා. මිනී මරුවානම් ඒ රටේ නීතියට අනුව ගස් යද්දාවේ. (ස)
සෞදි අරාබියේ නීතිය දැනගෙන මිනිසුන් වැරදි කිරීම අනුමත කරන්න බැහැ, මුළු ලෝකයම දන්නවා මිනි මැරීමට සෞදි වල නිතිය හිස ගසා මරණයට පත් කිරීමයි. ඉතින් දන දැන දැන වරදට පෙලබෙන්නේ නැතුව හිටියනම් වටිනවා. රටේ නීතිය රජුටවත් වෙනස් කරන්න බැහැ. (නදී)
මේ වගේ රටවල් වලට මිනිසුන් යවන එක තහනම් කරන්න. රිසානව වයස වෙනස් කරලා රට යවපු ඒජන්සි කාරයොත් ඒ වගේම ගෙල කපල මරන්න ඕනා (නදී)
ඒ රට සෞදි අරාබිය! (නි)
උත්සාහය ගැන සතුටුයි. එ්ත් ප්‍රථිඵලයක් ලැබෙයි කියලා හිතන්න බෑ. (නදී)
මොවුන් බේරා ගැනීමට අවංක ඕනෑ කමක් තිබුනා නම් ක්‍රියාත්මක වෙන්න තිබුනේ මීට කලින්. මේ අයව බේරගන්න කියල මීට කලින් පුවත් පත් වල පල උනා. ඒවා දැකල තියෙන්නේ අදද? (නදී)
මේ රටේ නීතිය කලින් කලට වෙනස් උනාට, එහේ එහෙම නෙමේ. ඕවා දින 100 මාද්‍ය සංදර්ශනයක් නෙමේ නේද ? (නදී)
අපේ රටේ නම් කිසිම දෙයක් මතක නැහැ. (නදී)
මෙයා දෙයි කියලා හිතනවද? (නදී)
අපේ රටේ අධිකරණ තීන්දු වගේ නෙමෙයි සෞදියේ ඒවා. කාටවත් අතපොවන්න බැහැ (නි)
රිසානාවත් බේරගන්න බැරිවුණානේ... (නි)
අපි හරියටම දන්නේ නෑ. මෙයාල මැරුවද කියල . සමහර රටවල බොරුවට චෝදනා කරන්නත් පුළුවන්. අපි ඒ රටවල් වල භාෂාව දන්නේ නැ . වෙනකෙනෙක් කලානම් මොකද කියන්නේ ?(අ)
කවදාවත් කරන්න බැරි දෙයක්. සෞදි නීතිය දැන දැන කළ වරදට දඬුවම් ලැබිය යුතුයි. ලංකාවේ නීතියට නම් එළියට එන්න තිබුනා. සෞදිවල ඒවා බැහැ. අපරාදේ අපේ සල්ලි! පොඩි වියදමක්ද සෞදි යන්න (නි)
ඇත්තටම වරද කරලා තිබුණොත් නියම දඬුවම ලැබෙන්න ඕනි. අපේ රටේ වගේ කිසිම රටක් හොරුන් ආරක්ෂා කරන්නේ නෑ. හකීම් අයෙත් හැරිලා අවොත් හොඳයි. (අ)
ඔය කාන්තාර රටවල ගස් වැවෙන්නේ නැහැ. ඒකනේ ගෙල සිඳ මිනිසුන් මරන්නේ ඒ රටවල.කොහොම වුණත් මේ වැරදිකරුවන් අපේ මුළු රටටම අපකීර්තියක් ගෙනා බව නම් නොකියාම බැහැ. ඇමතිතුමාගේ උත්සාහය සාර්ථක වේවා කියා පතමු. (නි)
මේලේච්ච නීති තිබෙන , සෞදි අරාබියට මිනිසුන් යැවීම තහනම් කලානම් ඉවරනේ , (හේ)
ලංකාවේ වගේ වැරදි කරන අයව නිදහස් කිරීමට මේ අය කැමති වේවිද? (නදී)