අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අනුව ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන් හා ම‍හේස්ත්‍රාත්වරුන් 70 දෙනකු ස්ථාන මාරු කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව කියයි.

මෙම ස්ථාන මාරු පිළිබද අභියාචනා ඇත්නම් ලබන 25 වැනිදාට පෙර ලැබෙන්නට සලස්වන ලෙස ද අධිකරණ සේවා කොමිසම දැනුම් දී ඇත.

මෙම ස්ථාන මාරු අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අනුරාධ පුර දිසාවිනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇති අතර අනුරාධපුර දිසා විනිසුරු එල් ආර් බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර තිබේ.

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මෙනවිය පූගොඩ දිසා විනිසුරුවරිය ලෙස ස්ථාන මාරු කර ඇත. පූගොඩ අතිරේක දිසා විිනසුරු ඩී ඒ රුවන් පතිරණ මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සම්බන්ධ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ගාල්ල මහේස්ත්‍රාත් ලෙස පත් කර තිබේ.

ස්ථාන මාරු කළ අධිකරණ සේවා නිලධාරීන්ගේ ලැයිස්තුව පහත වෙබ් අඩවියෙන්.

http://www.jsc.gov.lk/web/images/pdf/transfers/atofjo2017.pdf