ශ්‍රී ලංකාවේ කාන්තාවන් බීර පානය කිරීම පසුගිය වසර කිහිපයේ ඉහළ ගොස් ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දී අද (12) ප්‍රකාශ කළේය.
පසුගිය වසර කිහිපයේ දුම් පානය කිරීම පහළ ගොස් මද්‍යසාර පානය ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන බවද ජනපති කීවේය.
ජනපති මෙසේ පැවසුවේ ‘මිතුරු මිතුරෝ සංසදය‘ සංවිධානය කළ ජාතික අමද්‍යප විශිෂ්ටතා සම්මාන උළෙල අමතමිනි.
මිතුරු මිතුරෝ සංවිධානයේ සන්නාම තානාපතිවරයකු ලෙස පත් කැරුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමට අදාළ පත්වීම ලබාදීමද එහිදී සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනවා විතරනේ. කරන දෙයක් නැහැනේ (නි)
දැන් රටේ සදාචාරය අන්තයටම පිරිහිලා තියෙන එකේ මේ දේවල් එතරම් ලොකු දේවල් නෙමෙයි (නි)
ඒගොල්ලන්ට බොන්න වෙන්න ඇති ළගඳි මිල අඩුකළේ. (නි)
සියලු සිරින් පිරි, මනා ගතිගුණ වලින් පෝෂිතව හැදුනු වැඩුණු, පවට බිය සමාජයක් ඇති ලංකාවේ ගැහැණු බියරුත් බොනවද? (නි)
දැන් යහපාලනයනේ තිබෙන්නේ. අතමිට සරු නිසා සන්තෝෂයට බියර් එකක් බිවුවට ශ්‍රී ලංකාවට හානියක් වෙන්නේ නැහැනේ (නි)
මේවා කිය කියා ඉන්නේ නැතුව නවත්වන්න බැරිද? ඔක්කොම කියනවා විතරනේ. (නි)
එ් නිසාද බීර සමාගම් වලට බදු සහන දුන්නා කියන්නේ? (නි)
ඇස් ඇරලා බලන්න මහත්තයෝ තමන් ඉපදුන රටට දැන් මොකක් ද වෙන්නේ? ටික දෙනෙක් ඇරෙන්න රටට ආදරේ හැමෝම මේ රජය කරන කියන දේ දැන් හොඳට දන්නවා (නි)
කුස්සියේ යුද්ධයත් එක්ක තව ටික කාලෙකින් ගැහැණුන්ට වහ තමයි බොන්න වෙන්නේ (නි)
ගැණු පිරිමි බේදයක් නෑ කියල නේද කියන්නේ. කාන්තාවන්ට සමතැන (බ)
ගැහැණු බීර විතරක් නෙමෙයි ජනාධිපති තුමනි,කාන්තාවෝ විස්කිත් බොනවා.ඒක ප්‍රසිද්ධ රහසක්. ඔබතුමා දැන්ද ඕවා දන්නේ? (බ)
ආදායම් වැඩිවෙලා බඩුමිල අඩුවෙලා අතේමිටේ යහමින් සල්ලි ගැවසෙනකොට ඔහොම වෙන එක පුදුමයක් නොවෙයි. (ම)
කාන්තාවනුත් වෙනස්වෙන ලෝකය සමඟ පෙරට යන්න යනවා ඇති (නි)
එහෙම තමයි දියුණු රටක් බවට පත්වෙනකොට (නි)
බොහෝ දෙනෙක් මත් ප්‍රතිශතය 4% වඩා වැඩි කෝලා වර්ග වලට ඇබ්බැහිවෙලා. මෙම මත්ද්‍රව්‍ය සහ කෝලා වර්ගවල බදුමුදල වැඩිකරන්න. සිගරැට් බදු මුදල ඉක්මනින් වැඩි කරන්න. සමහර නිලධාරින් ආදායම අඩුවෙයි සිතමින් කාලය මරනවා. (නි)
කතාවට විතරයි මේවා. හැමතැනම රා කියලා කසිප්පු විකුණනවා. මේවාට කිසිදෙයක් කරන්නේ නැහැනේ (නි)
දැන් රටට තිබෙන එකම ප්රශ්නය මේක තමයි (නි)
කතාව නම් සහතික ඇත්ත. සිංහල බොදු අයිතියට ආදරය කරන අපි, මේ වනවිට සිංහල බොදු අයිතිය ගැන සොයන හැටි, ඒවා විනාශවීමට ඉඩ දී බලාසිටින හැටි දැක කඳුළු බොනවා. (නි)
අපේ ආරියරත්න මහත්මයා සිගරට් සමග හරිම වෛරයි (අ)
ඕව කිය කියා ඉඳල වැඩක් නෑ, මඩු වලිගෙන් ගහන්න තුමනි. (ම)
ගැහැණු බීර බෝතලේට ඇබ්බැහි වීමට වඩා සමාජය පිරිහෙන බොහොම දේවල් වෙමින් තිබෙද්දී ඒවා ගැන බැලුව නම් නේද වඩා හොඳ (අ)
විස්කි බොන ගැහැනු ගැන අහල නැද්ද .අයයෝ (අ)
රාජ්‍ය ස්කාගාර සංස්ථාවක් තිබෙන රටේ ,රාජ්‍ය නායකයා ආන්දෝලනයට තුඩුදෙනකතා පැවසීම විහිළුවක් . (අ)
සමන්ත මේ අනුව අනුව මේක බරපතල ප්‍රශ්නයක්. එ්ත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යක් තුල මානව නිදහස යනු තමන් ගේ කැමැත්ත අනුව තීරණ ගැනීමට ඇති පරිසරයක් සැකසීම වඩා වැදගත් වෙනවා. පිරිමින්ට හොද වෙන දේත් , ගැහැනුන්ට හොද නැති දේත් තීරණය කරන්නේ මුලධර්මවාදී රටවල් වල. පළවෙනියට ගැහැණු සහ පිරිමි ලෙස වෙන්කර තීරණ ගැනීම රාජ්‍යක් ලෙස නවත්වන්න ඕනේ. දෙවෙනියට තීරණ ගන්න මිනිසුන්ට බල කරන්න රජයකට බැහැ කියලා දැනගන්න ඕනේ. (බ)
මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන බව ඔබතුමා සෑම වේදිකාවකම කියනවා මේවා ක්‍රියාත්මක වෙන්නේ කවදද ? ඒ වගේම රේස් සුදුවද රටෙන් තුරන් කළහොත් 2017 වසර දුප්පතුන් තුරන් කිරීමට මහත් පිටුවහලක් වෙනවා ,මේවාට යන්නේ එදිනෙදා කුලී කරුවන් ජනාධිපති තුමනි ඔබගේ අවධානය මේ වෙත යොමු කරන්න (බ)
දැන් ලංකාවේ ගොඩක් කාන්තාවන් බොන්න පුරුදු වෙලා ඉන්නේ.(හේ)
හෙට අනිද්දා උපදින වැට් බද්ද ගැන කතා කරන්න. ඔය බිර බෝතලේ ගැන කතා කළාට වැඩක් නැහැ. බොන එකා කොහොමත් බොනවා. (බ)
මේක මෙතුමා ප්‍රමාද වෙලා හරි දන ගන්න ඇත්තේ පත්තරේකින් වෙන්න ඇති. කමක් නැහැ ප්‍රමාද වෙලා හරි දන ගත්තනේ දෙයියනේ කියල. දැන් තියෙන්නේ බියර් වලට වැට් එක ටිකක් වැඩි කරන එකනේ ඉතින්. (අ)
ස්ත්‍රී පක්ෂයෙන් බිරවලට අයකරන වැට් බද්ධ දෙගුණයක් කරන්න.(හේ)
ඔබතුමා කියපු දේ හරි.(හේ)
ඔබ තුමාගේ පක්ෂයේ බවලතියන්ගෙන් අහන්නකො විස්කි බොන ගැහැණු ගැන.(බ)
දැන් මඩු වලිගෙ අරන් ගහනවද (බ)
කවද ඉඳලද මේවා කියවන්නේ නගරයක් පාසා බියර් හල් පහකට වඩා තිබෙනවා මේවා වහල දැම්ම නම් ඉවරනේ (බ)
ඕක ලෝකේ කොහෙත් වෙන දෙයක්. විකුනන්න තියෙන නිසා බොන්න කැමති මිනිස්සු බොනවා. එකේ කිසිම වරදක් නෑ. බැරිද වංචා දුෂණ නවත්තන්න පිළියම් යොදන්න, මන් කියුවේ කඩිනම් පියවර. (ර)
මම මත්පැන් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙත් සමන්තගේ කියමන හරි. රටේ පිරිමි බිව්වට කමක් නැද්ද ඒ ගැන කතා නොකර ගැහැණු ගැන විතරක් කියන්නේ. (ර)
බොන්න ඕන නම් ගැහැනුන්ට බොන්න නිදහස තියන්න ඕන.එ්ක පුද්ගල නිදහස (බ)
ජනපති තුමනි දැන් දැන් අපේ රටේ ගැහැණු පච්ච කොටගන්නත් පුරුදුවෙලා ඒගැනත් මොනවහරි කියන්න බියර් එකක් ගහල සිගරට් එකක් පත්තු කරගත්තම තියෙන ආතල් එක ඉස්සර ගත්තේ පිරිමි විතරයිනේ (අ)
ගෑනු අයට ඕනේ දෙයක් බොන්න නිදහස තියෙන්න ඕනේ.(හේ)
බීර වලට ගහන බදු නිසා දැන් අපිට කසිප්පු තමයි බොන්න වෙලා තිබෙන්නේ (නි)
මෙය සාර්ථක කරගැනීමට අපි උදව් කරමු. (ර)
අරක්කු බීලා කාර් එලවලා මිනිස්සු යටකරගෙන යන සමාජයක් අපිට තියෙන්නේ. (ර)
කාන්තාවන් බීර පොඩ්ඩක් බීපුවම මොකද වෙන්නේ.(හේ)
ඉහළ පැළැන්තියේ බොහෝ කාන්තාවන් බොනවා නම් අනිත් අය බිව්වහම මොකද (නි)
ගැහැණුන් මැදපෙරදිග රටවලට යවලා හම්බකරන පිරිමි ඉන්න රටේ, ගැහැණු මුදලට මිලදීගෙන බියර් ටිකක් බිවුවහම මොකද? (නි)