පක්‍ෂ නායකත්වයට එරෙහිව කුමන්ත‍්‍රණ කළැයි චෝදනා කිහිපයක් මත පක්‍ෂ සාමාජිකත්වය අත්හිට වූ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගේ සාමාජිකත්වය යළි ලබා දීමට නායක අමාත්‍ය රවුෆ් හකීමි මහතා පියවර ගෙන තිබේ.
මේ අනුව මහනුවර දෙල්තොට පදිංචි මවුලවි එචි.එමි.එමි ඉලියාස්ගේ සහ අම්පාර සමමන්තුරෙයිහි පදිංචි මව්ලවි ඒ.එල්.එමි.කලීල් ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙන්ම ශී‍්‍රලංකා මුස්ලිමි කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩල සාමාජිකත්වයද යළි ලබා දී ඇති බව කොංග‍්‍රසයේ ලේකම් මන්සූර් ඒ කාදර් මහතා කියයි.
ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ඉලියාස්ගේ පක්‍ෂ සාමාජිකත්වය හා උත්තරීතර මණ්ඩල සාමාජිකත්වය අත්හිටවනු ලැබුවේ පක්‍ෂයේ සාමූහික වගකීමේ පැහැර හැරීම හා පක්‍ෂනායකත්වයට එරෙහි බලවේගයන් සමග එක්ව කුමන්ත‍්‍රන දියත් කිරීමේ චෝදනාවටය. එමෙන්ම කලීල් මව්ලවිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබුවේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ තුනකට නොකඩවා සහභාගී නොවීම හා පක්‍ෂනායකත්වයට එරෙහි බලවේගය සමග එක්ව කුමන්ත‍්‍රණ කළ බවට චෝදනා කරමිනි.
ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හටගෙන තිබෙන අර්බුදයනට විසදුම් සෙවීම සදහා එම කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන නීතීඥ ඒ.එමි ෆායිස්, නැගෙනහිර පළාත් සභා මන්තී‍්‍ර කේ.එම්.එම් රසාක් සහ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී යූ.එල්.එම්.එන් මුබීන් නිර්දේශ කර ඇත්තේ මොවුන් යළි පක්ෂයට ගත යුතු බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගහ කපන්න හැදූ දෙන්නා ගහෙන් නොවැටෙති