
(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක පනතින් විටින් විට ගැසට් කළත් නොකළත් සෞඛ්‍ය යනු සැමවිටම අත්‍යවශ්‍ය සේවාවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනකු බදවා ගැනීම නිමිත්තෙන් අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී අද(14) පැවති උත්සවයේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් මෙලෙස දිවයින පුරා ස්ථාපිත හෙද විදුහල් 15 ක වසර 3ක පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
මෙහි දී නවක සිසු හෙද හෙදියන් සඳහා සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර හෙද විදුහල්පතිවරුන් හට තම හෙද විදුහලෙන් පුහුණුවීම් ලබන හෙද සිසු සිසුවියන්ගේ නාම ලේඛනද අමාත්‍යවරයා විසින් ලබා දීමට කටයුතු කෙරිණි.
අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ මෙම පත්වීම් ලබා දීමේ අවස්ථාව පහසුවෙන් උදාකර ගත් අවස්ථාවක් නොවන බවයි.
මුල් අවස්ථාවේ බදවා ගැනීමට අවසර හිමිවූයේ 2625කට බව ඔහු පැවසීය. ඊට පසුව අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර 2918 දක්වා එම ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකිවූ බවත් ඒ අනුව 2020,2021 සහ 2022 යන වර්ෂවල උසස්පෙළ සමත් මෙම පිරිස සඳහා අවස්ථාව ලැබුණු බවත් සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd