
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළු කළ බව මුන්දලම පොලීසිය කියයි.
ගස කඩා වැටිමේන් මරණයට පත්ව ඇත්තේ ඩබ්ලියු .එම්.ජී.දුලාන්ජී නැමති 23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණීයක් බව කියයි.
මෙම තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළගත් සමග එකවර මෙම තරුණීයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මතට කඩා වැටි තරුණීයන් දෙදෙනාම ගසට යටවී සිටි බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd