( ශාන්ත චන්ද්‍රසිරි)

යතුරු පැදියක පසුපස  ගමන් කරමින් සිටි පාසල් සිසුවියකගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුඬළුඔය පොලීසිය පවසයි.

තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවත්, බරපතල ලෙස තුවාල ලැබු සිසුවිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වු බව පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන, බඹරකැලේ, අපකැන්ලි  වත්තේ පදිංචිව සිටි විජයරාජ්  දිව්‍යරාණි (17) නැමැති පාසල් සිසුවියකි.

මහනුවර ප්‍රදේශයේ ඥාති  නිවසක සිට යළි ආගරපතන ප්‍රදේශයට සිය පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී  මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ පා ඇති අතර, අනතුරින් පියාට  කිසිඳු  තුවාලයක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.