(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පවරා තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 5 ක් පමණ ප්‍රමාණය ලිට්රෝ සහ සහ ලාෆ් ගෑස් සමාගම්වලට ලබාදෙන අතර ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
ඔය ඉදිකිරීමෙන් පසුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති බවත් නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට ලබාපොරොත්තු වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තව බොරු සුරංගනා කතාවක්.
මෙන්න ලෝකයා අැහැරිලා, ලෝක කපටියෙක්... එහෙමත් නැත්නම් නරියෙක් ...
මෙයාලගේ පොඩි ආතල් එකක්. වැඩිය හිතන්න එපා.හොදටම කරේ මෙයාලනේ
අපිව ගොනාට අන්දන්න හදන්න එපා... දැනට තිබෙන ගෑස් සමාගම්වල වැඩි අයිතිය තියෙන්නේ රජයට. රජය කැමැති විදිහට ඒවා පාලනය කරන්න පුළුවන්. මේකත් හරියට ගම්මන්පිල අස්කරන්න කියලා සාගර කාරියවසම් යවපු ලියුමෙන් පටන් ගත්ත නාඩගම වගේ... තව අවුරුදු 03කින් එන මැතිවරණයේදී අපේ ගෑස් ඔබලාට පෙන්වන්නම්...
ඔබතුමානේ දැන් පොහොට්ටුවේ අග්‍රමහා පණ්ඩිතයා... එහෙනම්..
ඕකෙන් වෙන්නේ අන්තිමට චීනෙට දොළ පිදේනි විදිහට ඕවා විකුණන එක.
උඹලගේ කොහොමත් පොඩි වැඩ නැහැනේ
ඕක කරපු දවසට විශ්වාස කරන්නම් .දවස ගානෙම "ඉදිරියේදී කරනවා " , "කරන්න බලාපොරොත්තු වෙනවා " තමයි අහන්න ලැබෙන්නේ
ගම්මන්පිල නේ කියන්නේ . වැඩත් කතාව වගේම තමයි .
අනිත් කොම්පැණි වල ගෑස් බස්සන්ත් එක්ක සාදාරන මිලකට අලවි කරයි කියලා විස්වාස කරනවා.
ඊළඟ ගොන් කතාව .තෙල් මිලට ගාණට වැඩේ දීලා තව ඔට්ටු වෙනවා
රුපියල් 100 ගානේ එකතු කරයිද දන් නෑ ගෙවල්ගානේ
48 ඉඳල නටපු නාඩගම් ටික ඉවරවෙලා ලෝකෙටම ණය වුනු ,කුල්ල කුජීත වෙලා, බොක්ක දොට්ට පැනල ඉන්න රටක ..............................තවත් වහසි බසක්. අවසානේ එයාර් ලංකා,මිහින් (මහින්ද ) ලංකා ,වගේ සුදු අලි ... සුදුසුම දේ රාජ්‍ය - පුද්ගලික හවුල් ව්‍යාපාර, කොහෙන් හරි ලාභ ගන්න පුළුවන් ,ඇමතිලාට ඕනේ විදියට එකෙක් ඕනේ තැනට 10ක් දාන්න ඉඩත් නැහැ
හරි පුලුවන්නම් එක රුපියලක් අඩු කරලා පෙන්වන්න
මේ වගේ හොරු තවත් දැක්කේ නැහැ.