ගාල්ලේ පැදින්නෝරුවේ නිවසක අද අළුයම සිදුවූ පිපිරීමකින් පියා (60) සහ දියණිය (30) පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. පිපිරීම සිදුව ඇත්තේ ගෑස් ලිප දල්වද්දී බවත් ගෑස් කාන්දුවක් පිපිරීමට හේතුව බවත් නිවැසියෝ කියති. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ දියණියගේ තත්ත්වය තරමක් බරපතල බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ගෑස් රේගුලේටරය වහන්න මතක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව කරන්නත් බැහැ. අමතරව ඊට මෙහාට වෙන්න ස්ටොප් වෑල් එක්කක් සවි කරන්න ක්‍රමයක් තිබුනා නම් හරි. රේගුයුලේටරය ලග තියෙන ස්ටොප් එක නිතර ..නිතර වහන්න ගියොත් එ්ක කැඩෙනවා. (නදී)
අනාරක්ෂිත ලිපක්ද (අ)
ගෑස් සිලින්ඩරය ආරක්‍ෂිත යකඩ කූඩුවක බහා නිවසෙන් පිටත තැබීම ඉතා ආරක්ෂාකාරියි. යම්කිසි කාන්දුවක් ඇතිවුවත් එය සාමාන්‍ය වාතය සමඟ මුසුව යනු ඇත. (නි)
අනිවාර්යයෙන්ම එක්කෝ ලිප හරියට නිවලා නැහැ. නැත්නම් සිලින්ඩරයයි ලිපයි සම්බන්ධවෙන රබර් නලය නිසියාකාරව සවිකරලා නැතුව ඇති. ලිප ගොඩාක් රත්වෙනතුරු පාවිච්චි කළාම ලිපට සවිවෙලා තිබෙන රබර් නලය උණුවෙන්න බලනවා. නැත්නම් ඒක ගල්වෙනවා. සතියකට සැරයක්වත් කුස්සිය අස්කරද්දී එතනට සබන් වතුර ටිකක් දාලා බුබුළු නගිනවද බලන්න ඕනෑ. හොඳම දේ තමයි උයලා අවසන්වුණ ගමන් සිලින්ඩරය කරාමයෙන් ගෑස් වසා දාන එක කම්මැලි නැතුව. (නි)
මේ වගේම සිදුවීමක් නිසා ටික කලකට ඉහත වෛද්‍යවරියකගේ වටිනා ජීවිතයක්ද නැතිවුණා. කොතරම් හොඳට තියෙනවා වගේ පෙනුනත් රේගියුලේටරයෙන් හෝ වෑල්වයෙන් රාත්‍රියක් පුරා ගෑස් කාන්දු වී උදේට මෙවැනි විපතක් වියහැකියි. ගෑස් සාමාන්‍ය වාතයට වඩා බර නිසා බිමට ආසන්නව එකතුවන නිසා එකවරම ගෑස් ගඳ නොදැනීමට ඉඩ ඇත. හැකිනම් රාත්‍රියට රේගියුලේටරය ගළවා තැබීමත් උදේට සිරිතක් හැටියට ළිප දැල්වීමට පෙරාතුව මඳක් පහත් වී ගෑස් ගඳක් එයිදැයි බැලීමත් ජනෙල් ඇර ස්වල්ප වෙලාවකට පසු ළිප දැල්වීමත් ලොකු අනතුරක් වළක්වාගැනීමට උදව්වෙන හොඳ පුරුදු වෙයි. විදුලි ස්විචය එබිමේදී ඇති වෙන ඇසට නොපෙනෙන ගිනි පුලිඟුව පවා ගෑස් කාන්දුවකදී ගින්නක් ඇති කිරීමට ප්‍රමාණවත් නිසා මේ ආරක්ෂක පියවර ගතයුත්තේ කුස්සියේ විදුලි පහන දැල්විමටද පෙරාතුවයි. (නි)