(මහින්ද නිශ්ශංක)
කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ගෑස් මිල වැඩිවීම හෙට (25) සිට ක්‍රියාත්මකවනු ඇතැයි දැනගන්නට තිබේ.
රුපියල් 158කින් ගෑස්මිල වැඩිවීම අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,696ක් වනු ඇත.
ලෝක වෙළෙඳපාළේ ගෑස්මිල වැඩිවෙමින් පැවතීම අනුව ගෑස් මිල වැඩි කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කළ ඉල්ලීම සලකා බලමින් ජීවන වියදම් කමිටුව පසුගිය 21වැනිදා මෙම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.
මේ වසරේ මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යමින් පවතින බවත් මාර්තුවලදී අමෙරිකානු ඩොලර් 469.50ක් වශයෙන් පැවැති ගෑස් මෙටි්රක් ටොන් එකක මිල අගෝස්තු මාසය වන විට ඩොලර් 590.05 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයැයි ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබිණි.
මේ වසරේ ගෑස් මිල වැඩිවන දෙවැනි අවස්ථාව මෙයවන අතර පසුගිය අප්‍රේල් 27 වැනිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කෙරිණි. කෙසේ වෙතත් ඉකුත් ජුනි 29 වැනිදා ගෑස් මිල රුපියල් 138කින් අඩු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන්? මට නම් හරිම සතුටුයි ඔබලා ගැන. අපි උයන්නේ දර ලිප් වල හින්ද අපිට නම් ඕක කීයට ගියත් කමක් නැහැ. අනේ ඕක තවත් වැඩි කළා නම් තවත් හොඳයි. හි...හි...හි.... ඔබට සතුටුයි....ද දැන්.....
ඔයා ඉපදුනේ 2015න් පස්සෙද? ගෑස් දෙදාස් ගාණකටත් ගියා මතක නැද්ද? මෝඩකම පෙන්නන්න එපා මෙතන...
ඔබතුමා ඔහොම කියන එක වැරදියි. ජනතාවට කාලයක් බලන් හිටියා හොරු,මිනිමරුවො,විදෙස්වලින් ණය අරන් සැප විදින ජාතික දනය වියදම් කරමින් කාර්රේස් යන නාස්ති කාරයෝ එලවල යහපත් රටක් බිහිවේවා කියන පරම අධිෂ්ඨානයෙන්. එයට විද්වතුන් , කලාකරුවන් යන සියලු දෙනා එකමුතුවුණා. මේ රජය ඒ සියල්ලට පයින් ගැහැව්වා විතරක් නෙමෙයි ජනතාවටගේ අහිංසක බලාපොරොත්තු විනාශ කලා.
රණවක, රතන හාමුදුරුවන් බඩු මිල වැඩි වුණාට දැන් සද්ද නැහැනේ...
දෙන්නම්කෝ ඡන්දෙ.. ඔහොම යමුකෝ..
මතකද පසුගිය රජය කාලේ බන්දුල ගුණවර්ධන මහතා කිව්වා සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකරන්න බැහැ කියා.
"ඔයා ඉපදුනේ 2015න් පස්සෙද?" මෙන්න 1/62 එක් කෙනෙක්..
අපිට නම් පේන්නේ ලහිරුගේ මෝඩකමයි, බුද්ධියේ අඩු බවයි විතරයි. එයත් ලක්ෂ 62ක එක්කෙනෙක්ද කොහෙද? මොකද එයත් ඔය ගානට ගෑස් ගන්නවා ඇතිනේ... නිශ්ශංක මහත්තයා කිව්ව දේ කිසිම වැරැද්දක් නැහැ. තමන්ගේ බඩ ගැන විතරක් හිතලා මෙහෙම ආණ්ඩු පත් කර ගත්තාම ඒක විඳවන්නත් වෙනවා කියලා දැනගන්න එපෑයැ...