
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ දිනකට පලස්තීන ළමුන් 180 ක් ඝාතනයට ලක්වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමුදා එල්ල කරන අමානුෂික ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (7) අවසන් වූ මසක කාලය තුළ පලස්තීන ළමුන් 4237 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් තවත් ළමුන් 1350 දෙනකු අතුරුදන් වී ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී ඇත.අතුරුදන් වී සිටින ළමුන් 1350 දෙනා ඊශ්‍රායල හමුදා බෝම්බ හෙළීමෙන් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කරන බවත් ඉන් බොහෝ දෙනා මේ වනවිටත් මියගොස් ඇතැයි අනුමාන කරන බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඊයේ(07) අවසන් වූ මසක කාලය තුළ ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ප්‍රහාර හමුවේ පලස්තීන ළමුන් 5500 ක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.එය 1967 වසරේ සිට පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා කාලය තුළ බටහිර ඉවුරේදී සහ ගාසා තිරයේදී ඊශ්‍රායල හමුදා අතින් ඝාතනය වූ ළමුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවද පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
කම්පන සහගත වේගයකින් ඊශ්‍රායල හමුදා පලස්තීන ළමුන් මරා දමද්දී බෝම්බ ප්‍රහාර අවසන් කිරීමට ඊශ්‍රායලයට බල කිරීමට ලෝක නායකයන්ට ශක්තියක් නොමැති බව ඔවුන් දිනෙන් දින ක්‍රියාකාරීව පෙන්නුම් කර ඇතැයි පලස්තීනයේ ජාත්‍යන්තර ළමා ආරක්‍ෂාව පිළිබඳ සංවිධානයේ වගවීමේ වැඩසටහන් අධ්‍යක්ෂ අයෙඩ් අබූ ප්‍රකාශ කර ඇත. බෝම්බ ප්‍රහාර අවසන් කිරීමට ඊශ්‍රායලයට බල කිරීම ලෝක නායකයන්ට දැක්විය හැකි අවම මානුෂීය ප්‍රතිචාරය බවද ඔහු පෙන්වා දුන්නේය.
ගාසා තීරයේ නේවාසික ගොඩනැගිලි සහ රෝහල්, පාසල්, බේකරි වැනි සිවිල් යටිතල පහසුකම් වලට ඊශ්‍රායල හමුදා සෘජුව ප්‍රහාර එල්ල කරන බැවින් තවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව අයෙඩ් අබූ සඳහන් කර ඇත.
ගාසා තීරය ළමුන්ගේ සොහොන් බිමක් වී ඇති බවත් දිනකට ළමුන් විශාල පිරිසක් තුවාල ලැබීමට හෝ මිය යාමට ලක්වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පසුගියදා ප්‍රකාශ කළේය.ඉන්ධන නොමැති වුවහොත් යන්ත්‍ර මත යැපෙන අලුත උපන් සහ රෝගී දරුවන් මිය යා හැකි යැයි ඔහු පැවසුවේය.
අල් - රන්ටිසි ළමා රෝහලට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබීම හේතුවෙන් එහි රෝගී දරුවන් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල බලධාරීන් දැනුම් දී තිබුණත් මේ වන විටත් එම රෝහල තිබෙන ප්‍රදේශයට දෙවරක් ඊශ්‍රායල හමුදාවේ ගුවන් ප්‍රහාර එල්ල වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හා සටන් කරන අතරතුර අදාළ ප්‍රදේශවලට අවශ්‍ය කරන මුලික පහසුකම් සියල්ල ලබා දුන් ශ්‍රී ලංකා රජයට එදිරිව ලෝකයේ බටහිර මහා බලවතුන්, ඉන්දියාව ඊශ්‍රායලයේ මේ තිරශ්චීන සහ අමානුෂික ප්‍රහාර හමුවේ මුනිවත රැකීම ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත කියාපායි. එසේම ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම සදහා නායකත්වය දුන් අය ගෙන් (හමුදාපති හැර) පලි ගැනීම තව දුරටත් සිදු කරගෙන යාම ද විහිළු සහගතය. එම ක්‍රියාවලියට හුරේ දාන වයිරක්කාරයන් පිරිසක් මෙහි විසීම උන්ට වාසිදායක තත්වයකි.
සටන්කාමීන් නෙවෙයි හමාස් ත්‍රස්තවාදීන්. අල්කයිඩා, අයිසිස්, ජිහාඩ්, බොකෝ හරාම්, හමාස්, තලේබාන් මේ අය ඔක්කොම මොන ආගමේද කියලා දන්නවනේ... ඇයි නිකං සුදුහුණු ගාන්නේ...? ත්‍රස්තවාදියෝ කියන්න...!
ඉස්ලාම් අන්තවාදය මේ පොළෝ තලයෙන් අතුගා දමනතෙක් ලොවට සැනසීමක් නැත...
ලංකාවේ බලය බෙදලා දෙන්න විරුද්ධ උදවිය ඊශ්‍රායලයට සහයෝගය දෙනවලු... මොන විහිළුවක්ද? අපේ රටේ කොටි බලය අල්ලන්න හදනකොට අපිට කොහිවගේ හැඟීමක් තිබ්බද? අන්න එවැනි හැඟීමක් තමයි... අද පලස්තීන වැසියන්ට තියෙන්නේ... ඉතිහාසය නොදන්නා උදවියට මේක ආතල් එකක්... තම තමන්ට වෙන්න ඕන දුක දැනෙන්න.
දැන් ඔය එහෙන් එනකොට අහිංසකයෝ වගේ දුවනවා පෙන්නුවට ඉස්සර ඊශ්‍රායල් කාරයින්ට ගල්මුල්වලින් දමලා ගහපු වීරයෝ මේ අය. තව හයියෙන් වැටි වැටී දුවන්න දෙන්න ඕනෑ. ඉස්සරහට වෙන්න LTTE කාරයින්ටත් පාඩමක් ඉගෙන ගන්න.
පලස්තීනය ඉශ්‍රයලයට ගැහුවේ නැති උනාට ඉශ්‍රයිලය ගහන්නේ පොදු ජනයට සහා පොදු දේපලට