මරණ දඬුවම් නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනාට ජනපතිවරයා සමාව දීමට නියමිත යැයි ඇතැම් මාධ්‍ය කරන ප්‍රකාශයන් වල කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.
ඊයේ (12) ජනපතිවරයා අතර පැවැති හමුවකින් පසු අදහස් දැක්වූ ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා ජනපතිවරයා ඉන්දියා සිරකරුවන්ට සමාව දීමට කැමැත්තෙන් සිටින්නේ යැයි පවසා සිටි බව ඇතැම් දේශීය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍යන්ද වාර්තා කර තිබුණි.
ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා අතර පැවති හමුවේදී ජනපතිවරයා ධීවරයින්ට පනවා ඇති මරණ දඩුවම ජීවිතාන්තය දක්වා වන සිරදඩුවමක් බවට පත්කිරීමේ හැකියාවක් පවතින බව පමණක් පෙන්වා දුන් බවයි.
ඉන්දියා රජය ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සදහා අභියාචනයක් ඉදිරිපත් කරද තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉන්දියා මාධ්‍යවල සඳහන් වන්නේ ඉන්දියා රජය මුල සිටම ශ්‍රී ලංකා ජනපතිවරයා ධීවරයින්ට සමාව දෙනු ඇතැයි සිතා සිටි බවයි.නමුත් එසේ සිදුනොවුනු නිසා මෙසේ අභියාචනයක් ගොනු කිරීමට රජයට සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකමය මට්ටමින් කටයුතු කිරීමට ඉන්දියා රජය අපේක්ෂාවෙන් සිටින බවත් එළැඹෙන 25 වැනිදා නේපාලයේදී පැවැත්වීමට නියමිත සාක් සමුළුවේදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මේ පිළිඹද මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගෙන් සෘජුව විමසීමට සිටින බවත් ඉන්දියා මාධ්‍ය වල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ හේතුවක් නොමැතිව [විශේෂයෙන් මෙවැනි මත්ද්‍රව්‍ය චෝදනා] කිසිම රාජ්‍ය නායකයෙකු වෙනත් රටක අධිකරණ තීන්දු වලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම්, මැදිහත් වීම් නොකළ යුතුයි. මෙවැනි මැදිහත්වීම් සිදුවනුයේ දියුණු වෙමින් පවත්නා රටවල පමණයි. ඇත්තටම චමින්ද, ඒකයි ඔස්ට්‍රේලියාවෙයි ඉන්දියාවෙයි වෙනස. (ර)
රටට පරකාසේ ගෙදරට මරගාතේ කීවාලු.(හේ)
මම නම් කියන්නේ ඔවුන්ට නිදහස දෙමු කියලයි. (නි)
ඉන්දියාවේත් හැසිරීම සමහර ආසියාතික රටවල් වගේමයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින්,මහා පරිමාණ ගෙන්වන්නන් බේරාගන්න හරි උනන්දුයි වගේ. (නි)
හැමදේටම සමාව දෙන්න ගියොත් මිනිස්සු වැඩි වැඩියෙන් වැරදි කරන්න පෙළඹෙනවා (නි)
මොකද්ද ඒ කට්ටිය කර තිබෙන වැරැද්ද? (නි)
මේ පුවත දැක්කම ජෝන් හාවඩ් ඕස්ට්‍රේලියාවේ අගමැති වෙලා ඉන්න කාලේ සිදුවූ සිදුවීමක් මතක් වුනා. ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී ඕස්ට්‍රේලියානුවන් 9 දෙනකු අසුවුවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර [බාලි නයින්]. ඔවුන්ට එහිදී සමහරුන්ට මරණීය දණ්ඩනය නියම වුනා. මාධ්‍ය මගින් සමහරුන් ඉල්ලා සිටියා අගමැතිතුමාට මෙයට මැදිහත් වන ලෙස. ඔහුගේ පිළිතුර වුනේ, වෙනත් රටක අධිකරණ තීන්දු වලට මැදිහත් වීම තමා අතින් කිසිදා සිදු නොවන බවයි. (ර)