ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමේදී වංචාවක් වී ඇතැයිද නැවත එය පෞද්ගලීකරණය කිරීමට සූදානම්වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අපි සියලු දෙනාගේ අවධානය මැතිවරණයට යොමුවෙද්දී ව්‍යාපාරික ප්‍රජාව විවිධ අයථා ක්‍රියාමාර්ගවල යෙදෙනවා. ගෑස් පෞද්ගලීකරණය කිරීම එකල අපකීර්තිමත් ගනුදෙනුවක් වුණා. හිටපු ජනපති මහින්ද මිලියන 7.6ක් ගෙවලා නැවත ගෑස් රජයට පවරා ගත්තා. ෂෙල් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය ගෑස් අඛණ්ඩව සපයන්න ගිවිසුමකට එළඹුණු බවට මට ආරංචි තියෙනවා. මෙතැන වංචාවක් වෙලා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට කවුද වැරදි? (නි)
ඔබ තුමා ඉන්නකම් මොනවද කලේ. දැන් නිකම් කයිවාරු නොගහ කට වහගෙන පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න. අපේ රට කන්නේ නැතුව. කාපු ටික මදිද? (ස)
මේ කියන කතා ඇත්ත නම් අපි දැන් මොකද කරන්නේ? (නි)
දැන් එනවා මෙතන (බ)
අනේ නිකන් ඉන්න බන්දුල සර් අපි දන්නවා ඔයාගේ ගිල්මාට් වැඩ (බ)
අපි ඉස්සරත් දර-දැනුත් දර- හෙටටත් දර.අපට කරදරවලින් නිදහස් ජීවිතයක් නොමැත.දේශීය දේ අගයමු. (නි)
මොගොල්ලේ හොර ගුහාවක්නේ (අ)
ඔය තියෙන්නේ රනිල්ගේ රාජ්‍ය දේවල් විකිණීම නැවතත්. (අ)
රට විකුණමු බඩ පුරවමු (නි)
මෙයා නේද 2500 මාසේ කන්න පුළුවන් කියුවේ.(අ)
යළි පුබුදමු ලංකා නාටකයේ ඉතිරි කොටස........ (නි)
ඒගොල්ල්ලන් කියනවා මේ ගොල්ලන් හොරු කියලා. මේගොල්ලන් කියනවා ඒ අය හොරු කියලා. මාරුවෙන් මාරුවට හොරු මාරුවෙන එකද ශ්‍රී ලංකාවේ දේශපාලනය. (අ)
ෂෙල් සමාගමට අයත් ව තිබූ කොටස් පසුගිය රජය විසින් මිලදී ගෙන එය තමන්ගේ හෙන්චයියන්ට බෙදා දුන් බව බන්දුල මහත්තයට අමතකද? දැන් සිදු කරන එකම දෙය එම කොටස් නැවත ටෙන්ඩර් ක්‍රමයට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමයි. එම ටෙන්ඩරයට ෂෙල් සමාගම ඇතුළු සමාගම් කිහිපයක් ඉල්ලුම් කර ඇත. (බ)
අනේ මෙහෙමත් කතා? පරාජය හමුවේ වියරු වැටිලා (නි)
මහින්ද මහත්තයාගේ කාලේ ඔය කටවල්වලට අගුලු දාලයි තිබ්බේ. හිටියේ ගෑනු වගේ යේස් සර්.. යේස් සර්.. කියා කියා . තව ගොඩක් අයගෙත් කටවලුත් ඇරිලයි දැන් තියෙන්නේ. අන්තිම ජවනිකාවයි ඔය කරන්නේ. මොකද මීළඟ පාර්ලිමේන්තුවේ අතේ පැලවෙන බොරු කියන්න මෙයා නැහැ.එ්ක ස්ථිරයි. (බ)
ඒ කට්ටිය කියනවා අර කට්ටිය හොරු කියලා. මේ කට්ටිය කියනවා ඒ කට්ටිය හොරු කියලා. කව්ද හරි දැන්? (නි)
ගෑස් වල මිල තවත් අඩුකළේ කොහොමද වංචාවක් කළා නම් (නි)
ජනාධිපති වරනයේදීත් ඔය වගේ බොරු බේගල් ඇද බැවා. ජනතාව මුලා වුණේ නැහැ. මෙදා මේවගේ බේගල් කතා කිව්වත් ප්‍රතිපලේ ජනවාරි 08 වෙනිදා වගේම තමයි කියල රට තොට යනවිට පැහැදිලියි ආයිබෝවන්. (අ)
රනිල් මහත්තයා ළඟ තිබෙන්න්‍ෙ පිරිසිදු දේශපාලනයයි (නි)
රටේ අධ්‍යාපනය කළ ළමුන්ට විභාගය ගැන තිබුන විශ්වාසය නැතිකර දුප්පත් අම්මා තාත්තාගේ දරුවන්ට කැම්පස් යන එක හීනයක් කළ ඔබ මේ පාර ගෙදර යවන එක යවනවාමයි (නි)
ඔබතුමා කිව්ව්ව විදිහට 2500 කාලා දැන් එපා වෙලා තියෙන්නේ .අනේ යන්න බන්දුල ගෙඩියෝ(වාසුදේව කිව්ව්ව ) යන්න (බ)
ඔවු තොපි රටට කළ ගසාකෑම් වලට දඬුවම් දෙන්ඩ වෙනම අපායක් හදල යම රජ්ජුරුවෝ තොපි එනකම් බලාගෙන ඉන්නේ. (බ)
අර කොම්පුයුටර් මගඩිය කොහමද . බන්දුල සර්? (බ)
මෙතුමා එක එක කාලේ කියපුව කරපුව ගැන සළකා බැලුවාම දැන් කියන දේවල් පිළිගන්න පුළුවන් ද කියන එකත් ගැටළුවක්. (බ)
මේක ගියපාර දුන්නේ රවී මහත්තයාගේ හිතවතකුට මේපාර කාටද දෙන්න හදන්නේ (බ)
බස්සෙක් දොඩවයි. බකුසු පරාජයේ වියරුවෙන් පිස්සු කෙළියි (ම)
බන්දුල මුසාවාදා දොඩවා පව් පුරවන්නේ නැතුව වැඩක් බලාගන්නවා ! (ම)
17 වෙනිදට පෙර තව මොනවද අලුත් ආරංචි ?අඩුවට ගෑස් ලැබෙනවා නම් සක්කරයාගේ පුතා වයිමා ගෙන් උනත් කමක් නෑ (නදී)
අනේ මහත්තයෝ දැන් හොද මිනිහෙක් වෙන්න හදනවද අනේ අනේ (බ)
කාගේ කාගේ කිල්ලෝටවල හුණු තියෙනවා. ඒවා අපි දන්නවා. රට ආදරේ නම් ස්වාධින වෙලා පහුගිය කාලේ වුණ දේවලුත් ඔය වගේ කියන්න තිබුණා කව්වේ නෑනේ (ම)
රටේ අසරණ මිනිසුන්ගේ ගහන තරමක් බදු ගහල දැන් එනවා ගෑස් ගැන කියන්න.(ම)
දැන්නම් 2500 යන්නේ නේ ගෑස් ගන්න (බ)
ආයෙත් රජයට එරෙහිව ගෑස් දාන්න පටන් අරගෙනද? මේගොල්ලන්ගේ කාලේදී ගහපු ගැහිලි අමතක කරලද මේ වගේ මඩ ගැහීමේ ව්‍යාපාරය ඡන්දෙ කට ළඟ තියාගෙන ආරම්භ කළේ? (නි)
මේ මිනිහ මරු කියවනවා ටියුෂන් මාස්ටර් නේ මොනවා දැනගනද දන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය විතරනේ (බ)
ඒ වුණත් දැන් ගෑස් ලාබයිනේ (නි)
රට කරන පක්ෂ දෙකම හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ කියලා. ඔයාලා කියන දේවල් දැන් ජනතාව පිළිගන්නේ නැහැ. කවුදාහරි නියම ජනතාවාදී නායකයෙක් පත්වේවි. (නි)
මේ අර 2500 න් පවුලකට මාසයක් (ලෙව) කන්න පුළුවන් කියන හැටි කීවොත් නම් සලකල බලන්න පුළුවන්. (බ)
ප්‍රසාද් , හෙන්චයියන් වුනත් ඔවුන් අපේ රටේ පුරවැසියන් . මුදල් එන්නේ අපේ රටට . නමුත් ෂෙල් සමාගමට වික්කොත් අපේ රටේ මුදල් පිටරට යනවා , නිෂ්පාදනය අලෙවිය අපේ ජනතාවට , මුලු ලාබය පිටරටට ! රට දියුණු වීමටනම් ලාබය අපේ රටේ ගැවසිය යුතුය. නැත්නම් මෙයත් නැවතත් අපේ ශ්‍රමය සූරා කෑමක් පමණක් වෙනවා (බ)
තමාම තමන් රජානෝ ලෙස හඳුන්වාගත් අයට අපි මේ ඡන්දෙන් දෙන්නම් උත්තරය... (නි)
විජයබාහු දන්නා දෙයක් කියන්න (නි)
රු 2500කින් පවුලකට ජීවත්වෙන්න පුළුවන් රටේ ගෑස් ගැන ඔච්චර වදවෙන්න ඕනෑද? (නි)
ආර්ථික විජ්ජා සර් ලබන ආත්මෙ චේතිය රජ වනු ඇත. (අ)
මම දන්නා තරමින් තමන්ගේ වැටුප දිගුකාලයක් පරිත්‍යාග කළ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වන ඔබට අපි ගෞරව කරමු (නි)
යු එන් පි පාලන සමයන් ගත් කල මෙහි කියවෙන දේ සත්‍ය විය හැකිය (නි)
ඔයාගේ කටේ ඉබ්බෝ දාලා තිබුනද පහුගිය කාලේ? (නි)
ඉන්නකන් මොනවද කළේ? ප්‍රශ්න පත්‍ර කලින් පිටවුණා.විභාගයක් තියාගන්න බැරිවුණා හරියට.මේ අයට මිනිස්සු මෙදා සැරේ උත්තර දෙයි (නි)
බොහෝ දෙනෙකුට සත්‍ය වැටහෙන්නේ බලයෙන් පහවුණාමයි. ඒ නිසා අපි මෙයා ඇතුළු මේ අය සියලු දෙනාම හැමදාමත් පරාජිතයින් හැටියට තියා ගනිමු. (නි)