ගෑස්, ඔයිල් හා ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මීට පෙර මෙලෙස අය කර තිබෙන බද්ද ලීටරයකට රු. 3.00 කි.
2016 අගෝස්තු 19 වැනි දින නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මෙම නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016 අගෝස්තු 20 වන දින සිට ගෙවිය යුතු බව සඳහන්ව ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා පවසා ඇත්තේ මෙම බදු අය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් එසේම තම ව්‍යාපාරය සඳහා එමඟින් විශාල බලපෑමක් නොවන බවද හෙතෙම මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි පෙට්‍රල් භූමිතෙල් අමතක කළේ. ඒක ලබන මාසෙට තියාගන්න අැති. ඔබට සතුටුයිද දැන්? මගේ නම් සතුට ටික ටික වැඩිවෙනවා දැන්. (නි)
මේකට තමයි යහපාලන හිනා කියන්නේ. කොහොමද දැන් සතුටුද? (නි)
ඉන්ද්‍ර, කවුරු ආවත් මෙහෙම තමා කියන්න එපා. බලන්න මහින්දගේ අවුරුදු එකහමාර හා මේ ආණ්ඩුවේ අවුරුදු එකහමාර ගත්තම කොතරම් සංවර්ධන වැඩ කරන්න පටන්ගෙන තියෙනවද? මේ ආණ්ඩුව මහින්ද මහත්තයා ගත ණය ප්‍රමාණය ඉක්මවා අරගෙන. බලන්න කරපු වැඩ මොනවාද කියලා. සංවර්ධනය කියන්නේ පාරවල් ගොඩනැගිලි නොවෙයි කිය කියා ඒවම විවෘත කරනවා. (නි)
අනේ මන්දා අපි කරගත් මෝඩකමක මහත! (නි)
ජනහිත, ඉන්ද්‍රා, සිරි, රත්නායක, ශානක, විපුල, යමුනා, පීරිස්, ඔබ කවුරුත් මේ ගැන අදහස් දක්වා තියෙන්නේ මේ බද්ද ගැන නිවැරදි අවබෝධයකින් තොරව බවයි පේන්නේ. මේ බද්ද ඩීසල් පාරිභෝගිකයා මත පැනවෙන බද්දක් නෙමෙයි. මේක සම්පුර්ණයෙන්ම නිෂ්පාදන බද්දක්. බස් ගාස්තු වැඩිවෙයි කියල බොරු බයක් ඇති කරගන්න හේතුවක් නැහැ (නි)
ඔහොම පෙට්‍රල් වලත් හීන්සීරුවේ වැඩිකළාම බස් ගාස්තු, බඩු මිල එහෙමත් ටිකෙන් ටික වැඩිවෙයි (නි)
අපෙන් අයකර නොගෙන මොනවා වැඩිවුණත් අපිට කමක් නැහැ (නි)
මේ නිෂ්පාදන බද්ද නිසා පාරිභෝගිකයාට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ වැඩිවීම දරාගත යුත්තේ අදාළ ආයතන විසින්. (නි)
යහපාලනය ගැන නැතත්, මේ වැඩි කිරීම ගැන නම් සතුටු වෙමි. හැබැයි හුග දෙනෙකුට මෙම නිවුස් එක තේරෙන්නේ නෑ. ලෝක වෙලදපොලේ බොරතෙල් මිල අඩුවීම මත අයිඕසී ලැබූ අධික ලාභයෙන් කොටසක් නැවත රජයට පවරා ගැනීම මේ අනුව සිදු වේ. (බ)
දැන් කොහේද ඉන්ධන මිල වැඩිවෙලා තියෙන්නෙ..? අනේ මන්ද මේකට අදහස් දාන අය මොන ලෝකෙක ඉන්න අයද කියල. (බ)
මොනවා වැඩිකරලා හරි රජයේ ආදායම වැඩි කරගන්න ඕනෑනේ. ඊළඟට බස් රියදුරන් යුද්ධය පටන්ගනීවි. මේ වගේ දේවල් වැඩිකරනකොට එය තවත් ඒවාට බලපාන බව හිතන්න ඕනෑ (නි)
දුන් පොරොන්දු සියල්ල අමතකවෙලා. කාව පත්කර ගත්තත් මේ ටික තමා. (නි)
ශ්‍යාම් මහත්තයෝ, මෙයින් ඔබතුමන්ලාට බලපෑමක් නැතිවුණාට, පාරිභෝගිකයාට වෙන බලපෑම කොහොමද? (නි)