හිටපු සෞඛ්‍ය ඇමැති හා ශ්‍රිලනිප මහ ලේකම් විපක්ෂයේ පොදු ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට විපක්ෂ නායකයෝ අද (01) කොළඹ විහාරමහාදේවි උද්‍යානයයේ එළිමහන් රංග පීඨයේදී අත්සන් කළහ.
මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ අතර පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පිරිවරාගත් විපක්ෂයේ නායකවරු මුලින්ම නගර ශාලව ඉදිරිපිට බුදු පිළිමය අසලට පැමිණි ආගමික වතාවත් ඉටු කළහ.
මහා සංඝරත්නය එහිදී ජය පිරිත දේශනාකර සෙත් පැතූහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි -
‘අපි සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවබෝධයක් ඇතිවයි මේ ගිවිසුම අත්සන් කළේ. ලෝක කිසිම රට නැති ජනාධිපති පදවියක් තමයි අපේ රටේ තියෙන්නේ. මේ ජනාධිපති පදවියට හැම දේම යටයි. ඒ නිසා විශාල පරිහානියක් ඇතිවෙලා තියෙනවා.
සියලු පාර්ශ්ව වල එකඟත්වයෙන් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 17 වැනි සංශෝධනය අහෝසි වුණා. රටම විධායකයට යටත්. පරිපාලන සේවය බිඳ වැටිලා.
ස්වාධීන කොමිෂන් සභා නැහැ. ස්වාධීන පොලිස් කොමිෂම නැහැ. පොලිසිය දේශපාලන පොලිසියක් වෙලා. මැතිවරණ කොමිසමක් නැතිව නීති කඩමින් මැතිවරණ පවත්වනවා. මොන නීතියක්වත් නෑ. සියල්ල හෝසියි.
අල්ලස් කොමිසම අක්‍රීය කරලා. ජනාධිපති කියනවා කාගෙ කාගෙත් ෆයිල් ළඟ තියෙනවා කියලා. ඒවා තියෙන්නේ එයා ගාව තියාගෙන ඉන්න නොවේ. අල්ලස් කොමිසම පැමිණිලි විභාග කරන්නේ නෑ.
උත්තරීතර නීතිය ගණිකා වෘත්තියේ යොදවලා. ජනපති නීතියට යටත් නෑ.
මරා දමා ඇති 17 වැනි සංශෝධනය යළි පණ ගැන්විය යුතුයි. ජනතාවට බදු සහන ලබා දිය යුතුයි. මේපාර අපි වෙනදා වගේ ජනාධිපති පත්කර ප්‍රේක්ෂක්යො විදියට බලාගෙන ඉන්නේ නෑ. මේවා වෙනකම් අපිත් සක්‍රීයව සිටිනවා. ‘
විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ -
‘මීට වසර 2500කට පමණ පෙර ගංගානම් ගඟ අසල ලිච්චවී රාජ්‍යයක් තිබුණා. ඔවුන් විසින් පත් කර ගැනුණු නායකයෙක් තමයි පාලනය කළේය. බුදු රජානන් වහන්සේ ඔවුනට කිව්වා (සප්ත අපරිහානීය ධර්ම) නිතර එක්රැස් වෙනවා නම්, සමගිව රැස්වී සමගිව කටයුතු කර සමගිව විසිර යනවා නම් ඒ රාජ්‍ය බොහෝ කාලයක් පවතිනවා කියා. අද එහෙම නෑ. අද තනිව රැස්වෙලා, තනිව සාකච්ඡා කර තීන්දු තීරන ගන්නේ. ඉතින් අපි එකතු වෙලා මේ පාලනය වෙනස් කරමු.‘
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා-
‘මෛත්‍රීපාල සිරිසේන මට මුලින්ම මුන ගැහුණේ වැලිකන්දෙදි. ඒ 1996 විතර. එතකොට මම වැලිකන්ද බාරව කටයුතු කළා. සිරිසේන මහත්තයා මහවැලි ඇමැති විදියට හිටියා. අපි අවුරුදු දෙකක් විතර ළඟින්ම වැඩ කටයුතු කළා. මේ රජය පෙරළන්න නායකත්වය දෙන්න ඔහු ආවා. සිරිසේන මහත්තයා ආණ්ඩුවෙන් එනවා කියා දැන ගත්තම මට ලොකු සතුටක් දැනුනා. මෙතුමා ආණ්ඩුවෙන් එළියට ආවට පස්සේ අදයි එකට හමුවුණේ.
මම රජයෙන් එළියට ආවේ තනිවමයි. 2010 ඉදන් අපි සටන් කළා. මේ පාලකයේ ශක්තිය උපරිමයෙන් තියන අවස්ථාවෙයි අපි මේක පටන් ගත්තේ. ඒ ගමනෙදි හිරගෙවල්වල ලගින්නත් වුණා. තාවම ඒ ගමන අපි යනවා.‘
සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ,මව්බිම ජනතා විමුක්ති පෙරමුණු නායක හේමකුමාර නානයක්කාර ,එක්සත්ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එක්සත් නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරුජයසුරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටිති.
(වීඩියෝ - සනත් ඩෙස්මන්)
(වීඩියෝ දර්ශන - විශ්ව ගැමුණු ප්‍රියංකර)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි සහ සංජීව නිරෝෂණ)
(ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර)
ඩික්සන් වසන්ත
(ඡායාරූප - තරිඳු ජයවර්ධන)

























































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළගත් සැපයි පුලතිසි පුර දෙසින් එන .... (අ)
මම මේ බැලුවේ අර කියන මායිම් ගම්මානයෙන් ආව කියන පච ෆැක්ටරිය මෙතන මොනවත් ලියල නැද්ද කියලා. එය ලියන බොරු කියවන අයට දෙකොනින් හිනා යනවා. (ස)
ජයවේවා! (හේ)
මහානාම මහතාට ලොකු අමතක වීමක් වෙලා තියෙනවා වගේ. මුස්ලිම් කොන්ග්‍රසය ඉන්නේ ආණ්ඩුව එක්ක නේ මහත්තයෝ. ටී.එන්. ඒ. උතුරේ ආණ්ඩු කරන්නේ. ආණ්ඩු කරන්න පුළුවන් නම් මෙතනට එන්න බැරි ඇයි ? ආණ්ඩුව ෆුල් ට්‍රයි කළා ටී.එන්.ඒ. යාලු කරගන්න බැරි උනාම ආඩපාලි කියනවා. ඕවා බොළඳ තර්ක මහත්තයෝ (නදී)
උනන්දුවෙන් කට්ටිය මේ ලිපිය කියවා බලන්න.(හේ)
බන්දුල පෙරේරා, නුවන්, අසංග, මුතුනායකටයි මේ ලියන්නේ. තව අවරුදු 8 ක් රටදීලා අපේ රට චීනාට වික්ක දාටවත් නුඹලාට ඇත්ත තේරෙයිද ? නැත්තම් කුඩු ගෙනල්ලා රට වනසලා නුඹලාගේ දරුවන් කුඩු වලට ඇබ්බැහි උනාම තේරෙයිද ?නැත්තම් නුඹගේ අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි සල්ලාල ඇමති පුතෙක්ට බිලි උනාම තේරෙයිද ? හැබැයි පුතේ තේරුණු දාට පරක්කු වැඩිවෙයි. ගඩාෆි, සදාම් හුසේන්, හිට්ලර් වැනි එ්කාධිපතියන්ටත් පක්ෂ මිනිසුන් සිටි බැවින් නුඹලා වැනි මිනිසුන්ද සිටීම පුදුමයක් නොවෙයි (නදී)
බොහොම හරි සුදත් ශ්‍රී , ගොඩක් අයට අද අතීතය මතක නැහැ. අන්තිමට මොකද උනේ මහජන පක්ෂය දාල මහගෙදරට ගියා. (නදී)
අර දෙන්නා එකතුවෙලා විසි කරපු මස්කට් බුර බුරා කනවා (නදී)
පරදින එක වලක්වන්න බැහැ.(නදී)
ජයවේවා ! (නදී)
තිලක් හොඳට හිතන්න. මිනිස්සු බනින්නේ මොකද කියලා . සාධාරණ හේතු නැතිව මිනිස්සු මෙහෙම කියන්නේ නැහැ.(දිල්)
කවදාවත් දිනන්න බැහැ මහින්දව පරද්දන බැහැ (නදී)
සුදත් ශ්‍රී ඇත්ත කතාව. මේවා හොඳයි මැරිලා ඉපදුන අයට. බන්දුල කිව්වා වගේ බලාගෙන ඉමු 9 වෙනිදට වෙන දේ. කට්ටියට ඉතුරුවෙන්නේ දෙවියන්ගේ පිහිට විතරයි. (නදී)
ගමන සුභයි ජය නියටයි.(හේ)
මිනිස්සුත් අඩුයි නේද ? (හේ)
පහුගිය කාලේ මැතිවරණ ප්‍රතිපල පරීක්ෂා කලාම හොඳට පේනවා ස්වාදීන මැතිවරණයක් පැවැත් උවොත් අනිවාර්යෙන් මහින්ද පරදිනවා (නදී)
සුනිමල් ඔබගේ අදහස හරියටම හරි .(හේ)
මට ලොකු විශ්වාසයක් තියනවා මෛත්‍රිපාල මහතයා විධායක ක්‍රමය අනිවාර්යෙන්ම අහෝසි කරවී කියලා. මොකද එතුමාත් මේ ක්‍රමයෙන් හොඳට බැට කාල ඉන්නේ. (හේ)
දැන් එතකොට පාක් එක මහජනයාට අයිති තැනක් නෙවෙයි ද ? ඔය විදියට හැම එකටම අයිතිවාසිකම් කියනවා නම් ඒකනායක ඔය මහින්ද මහත්තයා දිගට හරහට පාවිච්චි කරන විධායක බලයේ නිර්මාතෘ කවුද කියන්නකෝ. (නදී)
දැන් අපි මේ පාක් එකට ළමයින් අරන් යනකොටත් ඒකනායක දුවගෙන ඒවිද දන්නේ නැහැ ඒක පිළිසකර කල කෙනා මතක් කර කර. (නදී)
ෆස්රුල් 94 මමත් හිටියා.මේ වගේ රටේ අධිවේගී මාර්ග තිබුනේ නෑ තමා. කොළඹ දකුණ වරාය තිබුනේ නෑ තමා. කොළඹ පැල්පත් වාසීන්ට දැන් වගේ ලස්සන තට්ටු නිවාස ලැබුනේ නෑ තමා. රජයේ සේවකයින්ට මේතරම් සහන ලැබුනේ නෑ තමා. කොටින්ම යුද්ධය නිසා කිසිම සංවර්ධනයක් ඇගට දැනෙන්න තිබුනේ නෑ තමා. ඉතිං දැන් රට අගාදයකට ගිහින් තමා. (නදී)
අපිට මතකයි රට කරපු හැටි, උදේ හවා බෝම්බ කොළඹ කොටි , හැම පාරකම බැරියර්, මේවා දකීද්දී ඇඟ වේව්ලනවා (ම)
හැමෝම තමන්ගේ හෘද සාක්ෂියෙන් අහල බලන්න. දෙපාරක් දුන්නට පස්සේ තවත් මොකටද තුන් වෙනි පාර? අපි යටත් වැසියෝ නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඉඩ දෙන්නේ නෑ. මේ වෙනස රටට දැන් අවශ‍්‍යයි. මෛත්‍රී පාලනයක් එන්න ඕන ඒ නිසා. (නදී)
දැන් මෙතන සෙත්මි ගේ සෙත් පැතීම නම් අව්‍යාජ බව පේන නමුත් අර මායිම් ගමේ ශ්‍යාමා කුමාරි වගේ අයගේ ටොම් පච නිසා මහින්ද මහතාට ලැබෙන්න තිබෙන සෙතත් නැති වෙන බව තමයි පෙන්නුම් කරන්නේ. (නදී)
18 වෙනි පින්තුරේ නම් ෆොන්සේකා පොඩි මලක් කඩනවා වගේ. අවබෝධතාව හොඳයි වගේ (නදී)
බඩේ ඉන්න ළමයින්ට කේන්ද්‍ර හදන රටක් නැහැ. ගෞරවනීය පුවත් පතක වැදගත් තීරුවකට "උම්බෑ" බසින් ලියන කිහිප දෙනෙක් පොදු අපේක්ෂකයාට වෙනදේ තරු ගණන් කරලා ලියල තියෙනවා. රට අාගාධයට හෙලු උන් ජීවමානව ඉන්නා නිසා කොයි කටත් හඳහන බලවා ගන්න එක හොඳයි. එතකොට ජනවාරි මාසයේ නැගෙන හිරෙන් පායන තරුද බටහිරෙන් බැස යන තරු ගැනද අපට අහන්න ලැබේවි. (නදී)
මෙච්චර දුෂණ වංචා සිදුවෙලා තියෙද්දිත් තවමත් දුෂිත පාලකයන්ට කඩේ යන බන්දුල ලා වගේ අය දේශ ද්‍රෝහියෝ. කටුගෙට යන කට්ටිය 9 දට බලා ගමු (නදී)
මම නම් හිතන්නේ අජිත් පැන්සොන් යන එක හිරේට යනවාට වැඩිය හොඳයි කියල. (නදී)
මහින්ද ගියපාර දින්නේ ඡන්ද ලක්ෂ 20 ක වාසියක් සහිතවයි. මෙතන කට්ටිය කොච්චර මහින්දට බැන්නත්, වැඩිම උනොත් ඡන්ද ලක්ෂ 2 ක් අඩුවෙයි. (නදී)
නාල එන්න අපේ රජතුමාව පරද්දන්න. (නදී)
අද සුවාරිස් ගේ කාටුන් එක නියමයි. ! මෙන්න ලංකාදීපයට මල් මිටක් !.(නදී)
සුජිත්, මම තවත් දෙයක් එකතු කරන්න කැමතියි. මේ පාක් එක හදනකොට මහජන මුදල් වංචා උනා කියන එක සම්පුර්ණ බොරුවක්. (ර)
අපරාදේ මෛත්‍රී කරගත්තු වින්නැහියක්. ෆොටෝ දැක්කම දුක හිතෙනවා. මහින්ද දිනන එක නවත්තන්න බැහැ.(නදී)
බුදු සරණයි තෙරුවන් සරණින්, දේවා ආශීර්වාදයෙන් ඔබේ ගමන සාර්ථක වේවා!!!(හේ)
බාලසූරිය, මේ රටක් යහමින් පාලනය කරන්න බැ. අතීතයේ රට යහමින් හා දහමින් පාලනය කරන කාලවල තමා පරසතුරු උවදුරු ඇති උනේ. රට පාලනය කරන්න ඕන ජනාධිපති කියනවා වගේ පස්සටත් ඇස් තියාගෙන. කී පැත්තකින් රටට වින කරන්න බලාගෙන ඉන්නවද? රට දියුණු උනාට පස්සේ ඒවා ගැන බලමු. (ර)
අපිට ආරංචියි සමහරු පොදු අපේක්ෂකයාගේ කේන්දරේ අලුතින් හදන්න යනවා කියලා. ඒක වගතුවක් නැති කේන්දරයක් කියල ප්‍රසිද්ධ කරන්න. හිතනවා ඇති මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ කේන්දරේ බලලා කියලා. (නදී)
කාලෙකට පස්සේ දෙනෙටට සතුටු කඳුල අවා. (අ)
සුනිමල් මහතා තමයි. අද දවසේ කතාව හරියටම කියල තියෙන්නේ! මමත් තර්කයක් නැතිවම එකගයි ඒ කතාවට! හාහ් හාහ් ! හා! (ම)
මොකද මේ වෙන්න යන්නේ පව් වැඩේ නේද ?(දිල්)
පොදු අපේක්ෂකයා ගුණමකු කමක් කලා වගේ සමහරු කතා කරනවා. එහෙම නම් හිටපු පක්ෂ නායිකාවටත් ඒ වගේම දෙයක් නේද වුනේ ? අලුත් පක්ෂ නායකයා පක්ෂ රැස්වීම් වලිනුත් ඇයව කපා හැරියා කියල තියනව නේ. ඒ නෝනාගේ මොන අඩු පාඩු කම් තිබුනත් ඒ වගේ වැඩ හොඳ නැහැ. එතුමිය රටේ බලය අතට ගත්තේ නැති නම් ඒ ජා ප ය දිගටම ආණ්ඩු කරනවා. තමන් ඇයගේ කණිෂ්ඨයෙකු වශයෙන් පක්ෂපාති බව අමතක කරලා ඉන් පසු තමන්ගේ ගෝල බාලයන් කෙලෙහි ගුණ මතක තියා ගනීවි කියල කොහොමද කියන්නේ. (නදී)
සුදත් ශ්‍රී "චන්ද්‍රිකා හිටපු ජනාධිපතිතුමිය අත් දෙක ඔසවා ගෙන ඉන්න හැටි දැක්කාම මට මතක් වෙන්නේ විජය කුමාරතුංගගේ දේහය ඉදිරියේ මහජන පක්ෂය වෙනුවෙන් කැප වෙන බවට ප්‍රතිඥා දුන්න ආකාරයයි". අනිවාර්යෙන්ම මටත් හෙමමයි හිතුනේ. (නදී)
එදා අනගාරික දර්මපාලතුමා මෙන්න මෙහෙම කියල තියෙනවා."අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා. උබලගේ ජාතියේ දුර්වලකම් ගෙන හොයලා බලපල්ලා. දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ද උබලට නිදහස දෙන්න යන්නේ උබලට ආදරේට නෙමෙයි උන් හිතන්නේ ලංකාව උන්ගේ තේ වත්ත කියල. " අද නවීන ලෝක බලවතා වන චීනය හිතන්නෙත් මෙන්න මෙහෙම තමයි. ඔවුන් අපිට නය දෙන්නේ ආදරේට නෙමෙයි. ඔවුන් හිතන්නෙත් ඔවුන්ගේත් ඉන්දියන් සාගරයේ කෙලවර වරාය ලංකාව කියලා. අපේ රටට තියෙන ලොකුම නිදානය තමයි අපේ වරාය. අපේ රටේ පිහිටීම. අද මේක අත්පත්කර ගනිමින් අපේ රට ක්‍රමයෙන් චීනයේ යටත් විජිතයක් බවට පත්කරමින් තියෙනවා. අපිට ගිනි පොලියට නය දෙමින් අපිට යන එන මන් නැතිකරනවා. සිංහලයිනි දැන්වත් ඇස් ඇරලා බලන්න. අපිට වෙන යන්න රටක් නැහැ. අපිට අපේ රට කියල අන්තිමට වැටිලා ඉන්න තියෙන රට ලංකාව. මේ මාතෘභූමිය රැකගැනීම අප හැමගේම වගකීමක්. අපි සියලු දෙනා මේ විජාතික නව යටත් විජිතවාදයට එරෙහිව අපේ අනාගත ජනපති මෛත්‍රී මහත්තයා යටතේ එක් රැස්විය යුතුයි. අපි කැපුවත් කොළ කැපුවත් නිල කියන සම්ප්‍රදායෙන් මිදී සිංහල ජාතිය රැකීමට , අපේ මාතෘභූමිය රැකීමට මෛත්‍රී මහත්තය වටේ එකතුවෙමු. සිංහල ජාතිය රැකගනිමු. (නදී)
දෙපාරක් කාල මදිවට තුන් පාරක් කන්න දුන්නොත් අපේ බඩ බොකුත් කයි. (නදී)
එක නැකත්කාර පණ්ඩිතයෙක් කිව්වලු මෛත්‍රීපාල මහතාට රාජ යෝග මොනවත් නැහැ කියල. අනේ හොඳයි . අපි සොයන්නෙත් එහෙම කෙනෙක් තමයි. රාජ යෝග තියනව කියල ඇවිත් ඊළඟට පුතා රජ කමට එනකන් අල්ලාගෙන ඉන්න කෙනෙකුට වැඩිය කිසිම රාජ යෝගයක් නැති කෙනෙක් හොඳයි. අඩු ගානේ නියමිත කාලෙට නම්බුකාර විදියට ගෙදර යාවි. (ස)
රන්ජනී, ගණන් ගන්න එපා ටියුනිසියාවේ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාල, රටත් ජනතාවත් හිඟමනටම පත් කරලා, රටේ රත්තරන් කිලෝ 1800ක් අරන් පසු බසින්න සිද්ද වුන බෙන් අලිටත් 20% ක් පක්ෂව අය හිටියා. (නදී)
ගයානි නිමේෂා මේක ක්‍රීඩා තරගයක් නොවේ , එක පාරද , දෙපාරද හෝ තුන් පාරද බව තීරණය කළ යුත්තේ මහා ජනතාවයි . මේ ලෝකේ කිසිම ජනාධිපති කෙනෙක් දෙවැනි පාර පළමු පාර වගේ ඡන්ද ගත්තේ නෑ , ඔබාමා දැනටමත් සමහර ප්‍රාන්ත වල පරාදයි , නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පළමු පාර යන්තම් දිනලා දෙවෙනි පාර ඉහළින්ම දින්නේ යුද්දේ දිනපු නිසා , නැතිනම් එතුමාට වෙන්නේ චන්ද්‍රිකා නෝනට වගේ යන්තම් ජාම බේරගන්නයි , එක නිසා ලෝක හා දේශීය දේශ පාලනය ගැන අවබෝධ කරගන්න කරුණා කරලා(දිල්)
කුඩු ගෙන්වන්නේ සෙමෙන්ති කොට්ට ගොඩ බානවා වගේ.එතනෝල් ගෙන්වන්නේ කන්ටේනර් ගණනින්.රටේ දරුවන්ට ආදරේ නම් මෙහෙම වෙනවද?(දිල්)
නොමේරූ දේශපාලන දරු උපතක්. (නදී)
රට පාව දෙන වීරයෝ ටික කෝ (දිල්)
රන්ජනී,තමන්ගේ රටේ අසරණ මිනිසුන්ට කුළු ගෙඩි වලින් පත බාල මරල දාන්න නියෝග දුන්නු ගඩාෆිටත් 10% ඡන්ද පදනමක් තිබුනා. (නදී)
සිරිමල්, චීන්නු නෙමෙයි සිංහල ජාතිය නැති කරේ කොටි. සිංහලු පෙති ගහපු හැටි මතක නැතුව ඇති.(නදී)
හරිම සතුටක් දැනෙනවා අපේ රට ගැන. ලංකාදීපයට තුති. (නදී)
කට්ටිය දැක්කම පුදුම හිතෙනවා. චන්ද්‍රිකා නෝනා දැක්කම අවංකවම බය හිතෙනවා (නදී)
කුඹුරු පෙන්නලා මඩ ගැහුවා මදිවාට දැන් කේන්දරේ අල්ලාගෙන මඩ ගහන්න යනවද කොහෙද ? (නදී)
මෙච්චර දුෂණ වංචා සිදුවෙලා තියෙද්දිත් තවමත් දුෂිත පාලකයන්ට කඩේ යාම නතර වේවා. (නදී)
රංජනී, අහසින් එක පාරට පාත් උනාට අපි ඔය කාගේ කාගේත් කැරැට්ටු එයාල මේ රට පාලනය කරපු කාලවල් වල අත් විදලා අත් දැකීමෙන් දැනගෙන තමයි මෙතන ඉන්නේ. ඒ යුග ගැන දන්නා අපි අපේ දරුවන්ට දෙයියනේ කියල නිදහසේ හුස්මක් ගන්න හෙටක් හදල දුන්නු මහින්ද මහත්තයට ද්‍රෝහී වෙන්නේ නැහැ කවදාවත්. (නදී)
ලංකාවේ කොන්ත්‍රාත් ගන්න චීන සමාගමක සභාපති කෙනෙක් මැලේසියාවේදි කියල තිබුන ලෝකයේ විසාලම කොමිස් මුදල්ගන්නේ ලංකාවේ කියලා. ඒ ඩොලර් බිලියන් ගණනින් කියල. (නදී)
රට ගැන රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතල තීරණයක් ගන්න. "ඒකාධිපති වියරුවෙන්" රටත් රටේ ජනතාවත් නිදහස් කර ගන්න තිබෙන අවසානම අවස්තාව මෙය වෙන්න පුළුවනි. "වීරවරු" බිහි වෙන්න ඕනේ කාලයක් මේක. (නදී)
රටේ "යුද්දයෙන්" පස්සේ "රටේ සුද්දය" පටන් ගත්තනේ. කන්න නැතිව මිය යන්න වෙලා තියෙන්නේ. (නදී)
ඔව් ඔව් ගසා කන්න , අසාධාරනකම් කරන්න , නීතිය කනපිට හරවන්න ,තරම් තාම මෝරලා නැහැ තමා. (ස)
රනිල් කියන්නේ බුද්ධිමත් අවංක විනයක් ඇති නායකයෙක් එතුමාගේ දක්ෂතා බලා ගන්න පුළුවන් ඉදිරියේදී ආර්ථික සැලසුම් ලෝකෙත් එක්ක ගනුදෙඅනු කිරීම් හරිම ඉහළයි ඉදිරියේදී එකමුතුවෙන් රටේ යාහ පාලනයක් ගොඩනගන්න ශක්තිය ලැබේවා! (දිල්)
තමන්ට රට අයිතිව තියන කාලේ මෙයා මුකුත් කලේ නෑ (දිල්)
චීනෙට විකුණන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.(දිල්)
එකාධිපති වියරුවේ අවසානය ළඟා වී ඇත. ප්‍රෝඩා කාරී චින්තන මගින් රටම හුරා කෑ මිනිසුන්ට නිරයට යන්න මාර්ග තමයි උදා වෙන්නේ (දිල්)
කෝ මේ දුමින්ද දිසානායක ? අයෙමත් පස්සට ගියාද?(දිල්)
ත්‍රිවිද හමුදාව එකා මත්තේ එකා මැරිලා රට බේරාගත්තා දැන් රට චීන්නුන්න්ට උකස් කරන්න යනවද(දිල්)
ඒකනායක මහත්තයෝ ඔය පාක් එක හැදුවේ ගොඨාබය මහත්තය උපදින්නත් කලින්. එක පිලිසකර කරන එක පාලකයන්ගේ රාජකාරියක්. එහෙමනම් නම වෙනස් කරන්න තිබුනනේ. අනික මතක් කරන්න කැමතයි ඕවට ගියේ මහජන මුදල්,කාගේවත් නොවේ. ඔබ කියන විදිහට කපට් පාරේ වත් යන්න බැහැ. පුදුම කතාවක්. (නදී)
සිරිමල්, මෛත්‍රී මහත්තයත් නය අරන් තමයි රට කරන්නේ, චිනේ නැත්තම් වෙන රටකින්.(නදී)
කවුරු බලයට ආවත් රටේ පොලිසිය ස්වාධින කරන්න ඕන. නැතිව රටේ ස්වාධින පැවැත්මක් නැති වෙනවා.(දිල්)
මේකේ ප්‍රතිචාර දාන්නේ ගොඩක් නම් වලින් එක්කෙනයි. අදහස් බැලුවහම තේරෙනවා (නදී)
සුදත් ශ්‍රී ඔය හරි...(දිල්)
රන්ජනී හරියටම හරි. (හේ)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. අවරුදු 30 ක යුද්දේ ඉවර කරලා බෙදෙන්න ගිය රට එකතු කරපු එක රටට කරපු යහපතක් නෙමේද? (නදී)
ඔය කියන සත් ගුණවත් උතුමන්ලා කරපු වැඩක් නේ..වැඩක් කරපු මිනිහට හොරලු..අනේ ඉතින් අපිත් මේ රටේ නේ හිටියේ..(අ)
අනේ බන්දුල පෙරේරාත් රටේ නායකයෝ වගේ දුකට කියන කතා කියනවා. සාදාරන ඡන්දයක් කලින් තිබ්බ නම් දිනන හැටි බලන්න තිබුන.ඡන්ද සේරම බලෙන් ගත්ත.මේ පාර ඒ සෙල්ලම් හම්බ වෙන්නේ නැහැ. (අ)
හරි පුදුමයි . මෙතන ඉන්න සේරම තම තමන්ගේ අම්ම තාත්ත අදුනනවද දන්නේ නැ (අ)
අනේ ඔය එකතු වෙලා ඉන්න කට්ටිය නම් කෑවේම නැහැ. දැන් බඩගින්න ඉවසගන්න බැරිව තමයි ඔය දඟලන්නේ ආයිත් කන්න. ඒ වුනාට තව ටිකක් කල් ඉන්න වෙන පාටයි පේන්නේ. (නදී)
සිරිමල් කියන දේ ඇත්ත .අද සමහර චීන සිතියම් වල ලංකාව ඇතුලත් කරලා තියෙන්නේ ඔවුන්ගේ රටේ කොටසක් විදිහට. (නදී)
තෙරුවන් සරණින්, දේවා ආශීර්වාදයෙන් ඔබේ ගමන සාර්ථක වේවා!!!(හේ)
පොන්සේකා මහත්තයට ඔය නෝනා එක්ක හිටිය නම් අද නිකන්ම නිකන් පැන්සොන් ගිය හමුදා පති තමා..(අ)
නියම හවුලක් තමයි බලන් ඉමු මොකද වෙන්නේ කියලා(දිල්)
ජයවේවා! (නදී)
නීතියේ ආධිපත්‍යයට ගරු කරන රජයක් පිහිටුවාලීම සඳහා, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැපවන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට නීතිඥ එකමුතුව තීරණය කර තිබේ. වර්තමාන පාලනය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම ඉවත් කිරීම සඳහාත් එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහාත්, මෙම තීරණයට එළැඹි බව එම එකමුතුවේ සම කැඳවුම්කරු නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා ඉරිදා පැවසීය. සිය සංවිධානයේ සිටින සාමාජිකයන් හැටපස් දෙනාගේම ඒකමතික එකඟතාව මත ඉකුත් දා මෙම තීරණය ගත් බවද හෙතෙම කීය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිවරණයෙන් පසුවත් රජයට බලපෑම් කරන ආකාරයට කටයුතු කිරීමටද තම සංවිධානය තීරණය කර ඇති බවත් නීතිඥ වැලිඅමුණ මහතා පැවැසීය.
සමහරු තවම දේශපාලන මර නින්දේ ඉදගෙන හීන දකිනවා රට යන අත ගැන තවම අවබෝදයක් නැතිව. ඒ අයට පෙනෙන්නේ විදේශීය කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී අත පෙවීම් හා දේශප්‍රේමී සටන් ගැන විතරයි. වංචාව දුෂණය හා නාස්තිය රටේ සිදුවන නිමක් නැති අපරාධ ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීම් වැනි කරුණු ගැන රටේ ජනතාව අතර තිබෙන කලකිරීම හා රටේ දැන් පවතින අදික ජීවන බර හා ආර්ථිකයේ සිදුවී ඇති බිඳවැටීම ගැන මේ අයට අවබෝධයක් නැතිව හෝ එය නොදන්නා සේ කතාකිරීම කනගාටුවට කරුණක්. දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ එක පුද්ගලයකු රැක ගැනීමට රට බිල්ලට දීමේ වැඩපිළිවෙලක් නොවෙයි මේ රට රැක ගෙන සමාජ ආර්ථික හා සාමාජියා වශයෙන් ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙලක් වන අතර ඒ සදහා ලැබී ඇති මේ ස්වර්ණමය අවස්තාවට සහය දීම මේ රටේ ජිවත්වන සියලුම පුරවැසියන්ගේ වගකීම හා යුතුකම වේ. (නදී)
ඔබට ජයවේවා .....රටටට විදේසවිනිමය ගෙනෙන අපිට සදාරන්යක් ගෙනෙන රටක් ඇතිකරන්න .....(අ)
අදින් පසු සාදාරන සමාජයක් බිහිවේවා සියලු ශ්‍රී ලංකා වාසීන්ගේ පැතුම් ඔබලාට ජය.(නදී)
මෛත්‍රිය තරම් සිසිලක් මෙලොව තවත් නැත (නදී)
ඉතිහාසක් දැන්න නැති එවුන් කගහුවට මිනුස්සු රැවටෙන්න නෑ (අ)
තෙරුවන් සරණින්, දේව ආශීර්වාදයෙන් ඔබේ ගමන සාර්ථක වේවා! මෙම අවස්ථාවට ජේ.වී.පී සහෝදරයන්ගේ සහභාගීත්වය නොමැති වීම නිසා ජනතාවට අද සැකයක් පවතිනු ඇත. මන්ද ජේ.වී.පී අවසාන මොහොතේ වාසි පිලට හෙත්තුවීම සඳහා කල්මරණ බව වැටහෙනු ඇත. තම ආත්ම ලාබය උදෙසා ජාතිය පවා නොදෙන ලෙස ඔවුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නදී)
අපේ රට ට වෙනසක් අවශය වෙලාව මේ (අ)
රන්ජනී තිලක් .ඔයාල හරි දේශපාලන පාට කන්නාඩි ගෙන රට දිහා බලල මේකට කමෙන්ට්ස් දාන අය ඉන්නවා එයාලට මේවා නොතේරෙනවා නෙමි නමුත් නොතේරෙන ගානට ඉන්නවා .(සමහරවිට ) පුද්ගලික ලාබ ප්‍රයෝජන තියනවා වෙන්නත් පුළුවන් . (අ)
අඩේ අප්පා,ගෝඨාභය මහත්තයා ලස්සනට හදපු පාර්ක් එකේ නේද කට්ටිය ශිල්ප දක්වන්නේ? (නදී)
මම දේශපාලන පුවත් වලට ලියන්නේ නැති වුනත් අර සුවාරිස් කාටුන් නම් රස විඳිනවා. (ර)
ගිවිසුම් ගැහුවට පරදිනවනේ නේද ? (නදී)
මහින්දට බනින එක ගැන නම් මට හරිම කේන්තියි,බනින අයට මම බනින්නෙ කොහොමද ? පක්ෂෙට තවම නමක්වත් නෑ. රට ගැන කිසිම හැගීමක් නැති අය එකතුවෙලා,,,ඇයි මේ.? (නදී)
සුදත් ඔයාගේ එක්කෙනාට නාන් වෙන්නේ ජනවාරි 8 වෙනිදට පසු දැන් ටික ටික ගඳ වැඩි වේගෙන එනවා. එ්ත් තවමත් නාලා නැහැ (නදී)
ජය වේවා! (නදී)
රටට යහපතක් වේවා! (නදී)
අනේ අපි මුකුත් කියන්නේ නැහැ. 9 වෙනිදැයින් පස්සේ ආයෙත් කට්ටිය ඔක්කොම කටු ගෙට. ආපහු මකුළු දැල් කඩල එලියට ගන්න වෙන්නේ ඊලග ජනාධිපතිවරනේදී තමයි.(නදී)
ප්‍රතිචාර දැක්වීම පලක් නැත. මන්ද යත් ප්‍රතිචාර දැක්වූවා හෝ නොදැක්වූවා මෛත්‍රී මැතිතුමාගේ ජයග්‍රහණය නැවැත්විය නොහැක. (අ)
ජයවේවා! (නදී)
යුගයේ කාලින අවශ්‍යතාවක් වෙනුවෙන් නොනැවතී ඉදිරියටම යාමට අවැසි වටපිටාව මුල පටන් නිර්මාණය කරගැනීමට සුබ පැතුම්. (නදී)
බන්දුල පෙරේරා ඇස් කන් ඇරලා බලනවා දැන් රටට මොකද වෙලා තිබෙන්නේ කියලා. ඔහෙලට නම් මොකෝ සමෘද්ධිය තියෙන කම් හොඳයි (නදී)
මේ ඔක්කොම ප්‍රතිචාර දක්වල තියෙන අය, තමන්ගේ සිතැඟි පරිදි කෙනෙක් තෝරාගෙන අදහස් දක්වන්නේ. ඇයි, මේ කිසිම කෙනෙකුට අවශ්‍ය නැත්තේ මොකක්ද මේ ගිවිසුමේ තියෙන්නේ කියල දැනගන්න. අපට අවශ්‍ය පුද්ගලයා නොවෙයි, ප්‍රතිපත්තිය මොකක්ද කියලයි. මේ ගිවිසුමේ තියෙන්නේ, මෛත්‍රී මහත්තය ආණ්ඩුව පෙරලලා, ආණ්ඩුව පෙරලගන්න ශක්තියක් නොමැති දුර්වලයෙකුට රට බාර දෙන්න නම්, අපි මොකක්ද මේ කරන මෝඩකම. අපටත් දැනගන්න කියන්නකෝ ඔය ගිවිසුමේ මොකක්ද තියෙන්නේ කියල. (බ)
සිංහල ජාතිය නැති කළේ කොටි. දැන් සිංහල ජාතිය නැති කරන්නේ කොටි නැති කල සිංහලයෝමයි (නදී)
කෝ මේ මුස්ලිම් කොන්ග්‍රසයේ හකීම් මහතා , කෝ මේ දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතා , හා සුමන්තිරන් මහතා , මේ ඔක්කොම එක්ක එකතු වෙලා යන ගමන කොහෙටද කියලා දන්නා අය දන්නවා. නොදන්නා අය ජනවාරි 8 න් පසු දැනගන්නවා. හෙළ උරුමයත් මෙතන ඉන්නේ කොහොමද කියලා රටට ආදරයක් තියෙන අය හා ජාත්‍යන්තර හා දේශීය දේශපාලනය ගැන අවබෝධයක් ඇති අය තේරුම් ගනීවි. අපට වැදගත් වන්නේ කාගේ වත් කොන්ත්‍රාත් ඉෂ්ට කිරීම නොවන අතර, කාගේ වත් වෛර පිරි මහා ගැනීමට ඉත්තෙකු නොවීමයි. තවද කාව වත් හෝ කාගේ වත් පවුලක් දිනවීම වත් නොවේ. මේ මොහොතේ අපගේ වගකීම වන්නේ අප දිනා ගත් මවුබිම ආරක්ෂා කරගැනීමයි , මවුබිම දිනවීමයි (නදී)
කැහි ගෑනී දිලා හොටු ගැනී ගත්තා වගේ තියෙයිද (දිල්)
නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී (දිල්)
මොන ගිවිසුම් ගැහැව්වත් පරදින එක වලක්වන්න බැහැ. (නදී)
අපි හම්බන්තොට වරාය හදන්න අපේ ගෙවල් කැඩුවා. දැන් අපි ඉන්නේ ටවුමට ගොඩාක් දුරින්. අපේ බිස්නස් ඔක්කොම වැටිලා මුළු හම්බන්තොටම කාල තියෙන්නේ. මේ කරපු අපරාද හරි ගස්සන්න තව පරම්පරා 2-3 වත් යයි. මෙදා සැරේ හම්බන්තොට , තංගල්ල , තිස්සමහාරාම ඡන්ද ගොඩක් මෛත්‍රීපාල මහත්තයට හම්බෙයි .ජය වේවා. (නදී)
ඕනෙම තරඟයකදී දිනුමක් සහ පැරදුමක් තිබෙනවානේ. රනිල් මහතා සිටින තාක් එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් නියතයක්. නමුත් මේ මොහොතේදී සන්දානයේ සියලු සැප සම්පත් අත්හැරලා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය සපයන මෛත්‍රී මහතාට සුභ පතන අතර රනිල්ගේ මහත්මා ගතිය වියයුත්තේ පරාජය උනොත් විපක්ෂ නායකකම එතුමාට ලබාදීමට කටයුතු කිරීමයි. (නදී)
රංජනී ඔයා කතාකරන්නේ කටින්ද කියල මට හිතා ගන්න හරිම අපහසුයි මොකද දැන් ඔය එකතු වෙලා ඉන්න උදවිය ඔයා නගන චෝදනා කිසිම දේකට සම්බන්ධ නැති අයද?(දිල්)
සිරිමල් ඔයා කියන මෛත්‍රී මහතා 8 වෙනිදායින් පස්සේ නැහැ. (නදී)
රනිල් මහත්තයා එක්ක ගිවිසුම් නම් කියක් කී දෙනෙක් ගැහුවද? ඒවා සේරම මූදුවැල්ලේ ලියනවා වගේ වතුර පාරට මැකිලා නොපෙනී ගියා නේද? (නදී)
අලි , කොටි , වලස්සු මොනතරම් කෑ ගැහුවත් මොනතරම් දැගලුවත් නියම කේසර සිංහයන් පරද්දන්න හිතන එකත් අලි මෝඩ කමකි (දිල්)
රටක් පාලනය කරන්න දෙනවා තියා ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ කට්ටියගේ මුණු ටික දැක්කම. රංජිනී කියල එක්කෙනෙක් මරු කියවනවා (නදී)
ජනරාල්ට උන දේ ඔබතුමාටත් වෙන එක ගැන හරිම දුකයි.(නදී)
අපි අපේ දරුවන්ට දෙයියනේ කියල නිදහසේ හුස්මක් ගන්න හෙටක් හදල දුන්නු මහින්ද මහත්තයට ද්‍රෝහී වෙන්නේ නැහැ කවදාවත්. ඔව් ඔව් ඔහෙලට සමුර්දිය දුන්නට අපේ ළමයින්ට අනගතයක් නැත එකයි අපට තිබෙන ප්‍රශ්නය. (අ)
සාදාරන සමාජය? 94 මතක් කර ගන්න. අපිත් හිටියනේ මෙහේ. (නදී)
නරලොව හොල්මන් (නදී)
බන්දුල ඔය කියන හෙට ලැබුන තමයි. ඒ යටත් වැසියන් හැටියට මිසක් පුර වැසියන් හැටියට නෙවෙයි (නදී)
මංගලයි, තිස්සයි අවුලෙන් වගේ. රනිල් වටේටම වඳිනවා එ් පාර. මෛත්‍රී මහත්තයා ඔයා අපේ මිනිහා. අපිට ඔයාට මොකුත් කියන්න බැහැ. එ්ත් අපිට තම මහින්ද මහත්තය වටිනවා. ඔයා ඔතන ඉන්න ප්‍රදාන දෙන්නෙක් මරන්න හැදුවා වගේම අපෙත් ජීවිත නැති කරන්න හිටපු කොටි නැති කලේ මහින්ද. එතුමා අතින් වැරදී වෙලා ඇති. එ්ත් අපිට තාම එතුමා නරක කෙනෙක් නෙමේ. ඔබතුමත් අපේ කෙනෙක් අපිට ගොඩක්ම දුක එ්කයි (නදී)
රතන හාමුදුරුවොයි ජේවීපි එකයි හිටියනම් තමයි හොඳ (ස)
ඔය කීප දෙනෙක් මොනා කීවත් මහජනතාව බුද්ධිමත්. සුදුසුම දේ ජනවාරි 08 වෙනිදට කරාවී. සුරඟන කතා ඔක්කොම වතුරේ තමා. (නදී)
ඔය පැත්තේ ඉන්න කට්ටියගේ කිල්ලොටවලත් හුණු තියෙනවා..අපිට තවමත් හොඳට මතකේ තියෙනවා..(අ)
එක අහසක් යට එක යායට රට.(හේ)
ඔව් ඔව් හෙටක් තියනවා බත් බැළයන්ට (නදී)
මෛත්‍රීපාල මැතිදුනි ඔබතුමා මේ තැබූ පියවර සදහා සුභ පතනවා.(හේ)
ශ්රී ලාංකිකයන් හිඟා කන දවස වැඩි ඈතක නැහැ. (නදී)
හුස්ම ගන්න හෙටක් තියනව පවුලට. මොකට කියනවද ඒ ගැන. (නදී)
පුදුම වැඩක් නේ ! දැන් සමහරු කතා කරන්නේ හරියට සන්ධානය ඇරෙන්න වෙන අතක් බැලුවොත් අපායේ යන ගානටනේ . (හේ)
ජය වේවා....... ජේ වී පී එකත් මෙතන සිටිය යුතුය.... කොන්ද පන ඇති ශ්‍රී ලංකා කාරයෝ වෙන නැද්ද.... මග කටුකය.....නමුත් ජය නියතය.... (අ)
9 වැනිදයෙන් පස්සේ මේ අය කටුගෙට තමා ඉතින්. (අ)
ඒකනායක ,දැන් එතකොට ඔය හදපු අධිවේගී පාරවල් ව්‍යායාම තීරු, උද්‍යාන , රංග ශාලා, විද්‍යාගාර ඔක්කොම මහජනතාවට පාවිච්චියට නෙවෙයිද ? අපි දැනගෙන හිටියේ නෑනේ ඒ වගක්.(හේ)
නිතිය ආරක්ෂා උනොත් විතරයි සාධාරණ සමාජයක්, විනය ගරුක පුරවැසියන් බිහිවන්නේ. එම ප්‍රයත්නයට මෙම එකතුව රටට සෙතක්. නමුත් මැතිවරණය සාධාරණ වේද සැකයි. (නදී)
ඒකනායක , මටත් පෙන්නේ ඔය අදහසේම හැටියට මේ රටට "ඒක - නායක" ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා වගේ තමයි. නැති නම් මහජන මුදලින් පිළිසකර කළ තැනට මහජනයාට එන්න තියන අයිතියට අභියෝග කරන්නේ මොකද ? (හේ)
මට තාමත් හිත ගන්න බැරි අර පණ යනකන් කියවෙන අනාවැකි වලින් මේ පොදු අපේක්ෂකයා හිටියේ තමන්ගේ ගෙයි අස්සෙම බව නොකියවුනේ ඇයි කියලා (නදී)
අත්සන් කරපු ගිවිසුම බලන්න පුළුවන්ද? (අ)
කවුරු මොන පණ්ඩිතකම් කතා කළත්, අපේ මේ මව් බිම, පින් බිම හරිම වාසනාවන්තයි. අප ජනතාවට ආදරෙයි, අප ජනතාවාදියි කිය කියා රටට ජාතියට වින කෙටූ යට වුනේ මොනවාද කියා ඉතිහාසය පෙන්වා දී තිබෙනවා. (අ)
ඒකනායක, මේක මහජන මුදලින් නඩත්තු වෙන උද්‍යානයක් . කටවුට් එකක් නෙවෙයි නේ හරියට පුද්ගලික අයිතියක් තියනවා වගේ ඔබ පෙන්වන්නේ. (නදී)
දුශිත පාලනය පරදවා රට ඉදිරියට ගෙනයාමට සියළු ශක්තිය ධෛර්‍ය ලැබේවා..!!!(අ)
ඔබට ජය නියතය , ඔබට තුනුරුවන් සරණින් මේ රට යහතින් දහමින් පාලනය කිරීමට ජය ලැබේවා (නදී)
දිනේශ් - 94 අපිත් ලංකාවේ තමා හිටියේ. එදා යුද්දේ තිබුන තමා. නමුත් මේ වගේ රට විනාශ වෙලා තිබුනේ නැහැ. දැන් යුද්දේ නැහැ නමුත් රට ආගාධයේ. (නදී)
පුතේ අපට ඉතින් පරණ පරිප්පු හොද්දම තමයි. බටහිරෙන් දෙන පාන් කෑල්ලක්ම තෙමාගෙන කමු. (නදී)
මුතුනායක, ජනරාල්ට උන දේ බලන්න 2010 මැතිවරණ ප්‍රතිපලය අර්තර්ජාලයේ මැතිවරණ දෙපාර්තමේන්තු විස්තර බලන්න. මෙතන ඇමරිකාවේ කකුල තියාගෙන ලංකාවේ ඉන්න කට්ටිය නම් නැහැ. (නදී)
චන්ද්‍රිකා හිටපු ජනාධිපතිතුමිය අත් දෙක ඔසවා ගෙන ඉන්න හැටි දැක්කාම මට මතක් වෙන්නේ විජය කුමාරතුංගගේ දේහය ඉදිරියේ මහජන පක්ෂය වෙනුවෙන් කැප වෙන බවට ප්‍රතිඥා දුන්න ආකාරයයි. (නදී)
හරි වැඩේනේ ඒකනායක මහත්තයෝ දැන් මේ උද්‍යානය එතකොට කාගේ මුදලින්ද නඩත්තු වෙන්නේ ? (නදී)
කෝ හෙළ උරුමේ නෑනේ.. මේක නම් අඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තමයි.(හේ)
ජනපති තුමනි ඔබට ජයවේවා. රටේ නායකත්වයට එකම සුදුස්සා ඔබයි ජනපති තුමනි. ජයවේවා (නදී)
ලලිත් ඔයා සුරඟන කතා කිවේ මොනවාටද.. ? (නදී)
මෙතන දැන් පොදු පහසුකම් වලට කියල අපෙන් බදු අයකරන්නේ අහවල් කෙං ගෙඩියකටද උද්‍යානය පිළිසකර කළා කියල ඒකට අයිතිවාසිකම් කියනවා නම් (නදී)
දැන් අර අනුරාධපුරේ ගජරාමෙට හදන දාගැබට පුද පුජා කරන්නත් අපි හදපු අයගෙන් අවසර ගන්න ඕනද දන්නේ නැහැ. (ම)
අපරාදේ මොහොමඩ් හනිෆා ගේ බිස්නස් එක. පාරක්, වරායක් හදනවා වගේද එතුමාට උන පාඩුව. (නදී)
මෛත්‍රීපාල කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදිහට එදා යෝජනා කරපු ඔහු ලගින්ම හිටපු කෙනා. ඔහුත් මේ රජය දුෂිත එකක් කියනවනම් පොඩි නිදහස් පාක්ෂියකයන් වන අපි කුමක් කියන්නද? (ස)
ජය ශ්‍රී මෛත්‍රී .අපගේ රට බේරගන්න.(හේ)
ඒකනායක, ඔබ බලපු කෝණය ඉතාමත් අගෙයි. ලාංකිකයනට නොපෙනෙන, අමතකවන ඒ කෝණය පෙන්නුවට ස්තුතියි. (ර)
ජයවේවා.! ඔබට තෙරුවන් සරණින් අනිවාර්යෙන් දිනනවා. (ර)
කෝ මේ මුස්ලිම් කොන්ග්‍රසයේ හකීම් මහතා , කෝ මේ දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතා , හා සුමන්තිරන් මහතා , මේ ඔක්කොම එක්ක එකතු වෙලා යන ගමන කොහෙටද කියලා දන්නා අය දන්නවා. හොයල බලන්න. (අ)
ලිච්චවී කාලේ සජිත් හිටියේ නැද්ද? නෝනගේ සාරිය ජාතික කොඩියේ තීරු දෙක වගේ. (ම)
එක හරි පිරිමියෙක් එක්ක හැප්පෙන්න යන සේනාවක්. (නදී)
දහසක් බුදුන් බුදුවුන මේ උදැසන ජයස්රිම බෝධිස්වාමින්ගේ පිහිටෙන් රටටත් ජනතාවටත් යහපතක්ම වේවා. (අ)