කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් කිලෝ මීටරයක් ඇතුළත නිවාස තුන්සියයක් පමණ හා කර්මාන්ත ශාලා දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා මහතා පවසයි.
සාලාව, කළුඅග්ගල, සුදුවැල්ල, මාවිල්ගම, කඩුගොඩ උතුර, අකරවිට, බැන්ඩිගම්පොළ, පහළ කොස්ගම බටහිර, නැගෙනහිර හා මුරුගගම ග්‍රාම සේවා වසම් දහයට දැඩි හානි සිදුවී ඇති අතර කිලෝමීටර් පහක් ඇතුළත තවත් ග්‍රාම සේවා වසම් අටක නිවාස රැසකට ද හානි සිදුවී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
සාලාව කඳවුර ආසන්නයේ කිලෝ මීටරයක් ඇතුළත 18628 දෙනකු අවතැන්ව ඇතැයිද ඔහු පැවසීය.
අවතැන්වූවන් පාසල්, පන්සල් හා පෞද්ගලික ස්ථාන ඇතුළු කඳවුරු 11ක නවාතැන් ගෙන ඇතැයිද බණ්ඩාර මාපා මහතා කියයි.
අවැතැන් වූ පිරිස් වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ගෙවල් තුන්සීයක් - කම්හල් දෙකක් ඉවරයි‘
වසන්ත Tuesday, 07 June 2016 02:34 AM
අනේ මන්දා මේ රටට මොනවා වෙනවද කියලා (නි)
නිපුන Tuesday, 07 June 2016 04:52 AM
කව්රුත් පිරිත් කියන්න. රටට සෙත් පතන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා... (නි)
චමීර Monday, 06 June 2016 03:36 PM
දැන් ඉතින් අදහස් වලින් නොවෙයි ප්‍රායෝගිකව උදවු කරන්නයි ඕනෑ (නි)