කැකිරාව මඩාටුගම හා කුරුණෑගල සුදෙරාපොළ නිවාස 80ක පමණ විදුලි උපකරණවලට අලාභහානි සිදුව ඇතැයි නිවැසියෝ කියති. දොඹකරයක් විදුලි රැහැනක වැදීමෙන් මඩාටුගම නිවාස 30ක රූපවාහිනි ශීතකරන විදුලි මොටර් රැසක හානි සිදුවී යැයි මඩාටුගම පොලිසිය පැමිණිලි කර ඇත. සුදෙරාපොළ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටියදී නිවාස 50ක පමණ උපකරන හානි සිදුවී යැයි වාර්තාවේයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ සුසන්ත කියන්නේ අලුත්වැඩියාවට කලින් විදුලිය විසන්ඳි කරලා තිබුණා නම් මේක වෙන්නේ නැහැ කියලා. ඒක හරි. විදුලි බල මණ්ඩලය දැන ගන්න ඕනෑ පාරිබෝගිකයාගේ ආරක්ෂාව සලසන්න. (දී)
නඩු දමන්න.මොකෝ අපෙන් වරදක් වුන ගමන් මණ්ඩලේ නඩු දානවනේ. අනික වෙන රටක නම් පාරිබෝගිකයන්ට වන්දි ගන්න පුළුවන්.ලංකාවේ එහෙම බැරුව ඇති සමහර විට.මොකෝ ඒ ලංකාවනේ. මානව හිමිකම් නඩුවක් හොදයි අලාබෙ අය කර ගන්න. (නි)
විදුලිය විසන්ධි කරල තිබ්බනම් මේ දේ වෙන්නෙ නැතිවෙයි.(නදී)
සුසන්තයා ඉතාලියේ ඉන්නේ විදිලිය විසන්ධි කරගෙනමද ? (නි)
අලාබෙනම් මේ අයගෙන් අයකරන්න ඕනේ මොකද ඕව අත්වැරදීම් නෙමේ නොසැලකිලිමත්කම.වාසනාවක් ජිවිත හානියක් නොවීම.අපේ රටේ අය අඩුම තරමේ තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතලා වැඩ කරනවානම් අනතුරු වලින් සිදුවන ජිවිත හානි ගොඩක් අඩුකරන්න පුළුවන්.(අ)
ඉස්සර කාලේ දවසක රටේ ලොකුම නායකයෙක් පිළිගන්න එයාගේ පක්ෂේ අය තොරණක් ගහන්න ගිහින් අපේ ගෙදර තුබුන ටීවී එක පිච්චුනා ඒ තොරන් ගහපු මිනිස්සු විදුලි කම්බි කැඩීම නිසා. අපිම ටීවී එක හදා ගත්ත කිසිම කෙනෙක් ගෙන් අලාබයක් ගන්න බැරි උනා. (අ)