ජලභීතිකාව සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි.
මී උණ පතුරුවන ලෙප්ටෝ පයිරෝසිස් නැමැති විෂභිජකාරක ශ්‍රී ලංකාවේ ගවයින්ගේ ද සිරුරේ ද ඇතැයි අනාවරණය වී ඇති බැවින් එම මාංශ ආහාරයට ගැනීමෙන් මී උණ ආසාදනය විය හැකි යැයිද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
සත්ව නිශ්පාදකයන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වී මෙම අවදානම් තත්වය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කැර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිනි වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් අපොන්සු ..? ලංකාවේ හැම මිනිසුන් 25 දෙනාට එක කෙනක් ගවයෙක් ඇතිකරනවා , ඒත් කිසිවෙක් විසින්වත් මේ ගවයින්ට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවාද..? මැරෙන්න වැටුනොත් හෝ පැටවෙකු බිහි කිරීමේ අවදානම් තත්ත්වක් උවහොත් පමණයි ? පසු වෛද්‍ය වරායව මතක්වෙන්නේ . නමුත් පිටරටවල එහෙම නෙමේ ..? සතුන් ඇතිකරන්න බල පත්‍රය අවශ්‍යයි .. බදුගේවන්න ඕන , වාර්ෂිකව බලපත් නිකුත්කරන්නේ ..සතුන්ගේ ප්‍රගති වාර්තා සහ පසු වෛද්‍ය වරයාගේ වාර්තාවන් ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඒකටත් එක්ක අපේ රටේ .. සල්ලි ඉදිරියේ ඕනෑම අමාරු කාර්යක් ජයගන්නවා වගේම ඇත්ත හංගන්නත් පුළුවන් ..? (දී)
ඇයි ඌරුමස් හොදම නැහැ. (දී)
ආලෝකය නැති තැන අඳුර ඇත. ආධ්‍යාත්මයෙන් තොර මිනිස් සමාජය තුලට වසංගත රිංගීම සවභාවික ප්‍රපංචයක්. (දී)
එතකොට එළකිරි සහ ඒ ආශ්‍රිත දේවල් වලින් රෝගය අසාදනය වෙන්නේ නැත්ද?(දිල්)
එතකොට කිරි ? (නදී)
මේකත් මේ ගව මස් කන එක නවත්තන්න ගහපු ගැටයක්ද දන්නේ නෑ. (දී)
අපේ හරක් මස් ලෝලීන්ට නරක ආරංචියක්! (දී)
අනේ සාදු! ඒ කාරණය නිසාවත් අහිංසක කිරිඅම්මා ගාතනය නවතිවා! (දී)
මස් කන එක නවත්වන්න ගහපු ගැටයක් නොවෙයි අහිංසක කිරි ගොවියාගේ බඩටම ගහන්න ගෙනාපු එකකක් (දී)
ගව මස් කන එක වහාම නවත්වන්න (දී)
හැබැයි මේ හැම වසංගතයක්ම තියෙන්නේ ලංකාවට විතරයි ඒකයි ප්‍රශ්නේ.(නදී)
මේ පුවතත් සමග ගව ඝාතනය නවත්වන්න. නුවණැති සියල්ල දැන් වත් මස් කෑම නවත්වන්න.(දිල්)
හරක් වැඩිපුර කුඹුරු ආශිත ප්‍රදේශවල ගැට ගසා තැබීමෙන් උන්ගේ පාදවල ඇති තුවාල මගින් මෙම විෂ බීජය ශරීර ගත වේ .මිනිස්සුන්ටත් එය අදාලයි.(නදී)