පොහොර සහනාධාරය ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනය අද (17) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් ඇරඹීය.
රට පුරා සිටින ගොවීහු විශාල ප්‍රමාණයක් අමුඩ ගසාගෙන විරෝධතාවයට පැමිණ සිටිති.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
පොහොර සහනාධාරය ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනය අද (17) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් ඇරඹීය.
රට පුරා සිටින ගොවීහු විශාල ප්‍රමාණයක් අමුඩ ගසාගෙන විරෝධතාවයට පැමිණ සිටිති.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල්, ඔයා එයාලා සපයන බත් නැවත කන්න එපා (නි)
ටිකිරි මැණිකේ කොළඹ ඇවිල්ලා... ගොවිරාළ අමුඩෙන් ඇවිල්ලා..... (නි)
ඇයි දැන් පොහොර සහනාධාරය වෙනුවට සල්ලි දෙනවා කිව්වා නේද ? (බ)
විදේශිකයින්ට නම් අපූරු දසුනක් වෙන්න ඇති (නි)
නියම ගොවියෝ, දේශපාලකයන්ගේ වගේ බඩ නැහැනේ. (බ)
මීට වඩා ක්‍රමයක් නැද්ද කොළඹට එන්න කියලා සමහරු අහනවා. මොකද අමුඩ ගහලා ගොවියා කුඹුරේ වැඩකරන වෙලාවක ඔහෙලා යන්නේ අතින් මුහුණ වහගෙනද? රෙදි නැතුව වගේ සමහර මිනිස්සු කරන වැඩ වලට විරුද්ධවෙන්න අමුඩ පිටින් ආවහම ඇති වැරැද්ද මොකක්ද? (නි)
චී. කැතයි. පොහොර ඉල්ලන්න අමුඩය මොකටද? මීට වඩා ක්‍රමයක් නැද්ද කොළඹට එන්න. අමුඩය නැතුව ආවනන් තවත් හොදයි. කැතයි ලොක්කා. රටේ තියෙන ශිෂ්ටසම්පන්න බවට හානියක්.(බ)
තිලක් ඩුබායි, වසරක වැය ශීර්ෂය රුපියල් කෝටි 275 ට අඩුකරලත් කරපු දෙයක් නැහැනේ (නි)
ඔව් ඔව් තිලක් ඩුබායි, බියක් සැකයක් නැතිව තමන්ගේ ප්‍රශ්නයක් කියන්න පුළුවන් තමයි, අතේ උදැල්ල තිබෙන නිසා (නි)
උද්ඝෝෂණයක් වුණත් මේ වගේ ලස්සනට පෙළගස්වන්න පුළුවන් ජවිපෙට පමණයි කියලා මෙතන අදහස් දාන අය තේරුම් ගත්ත එකම ඇති. (නි)
මේක සංචාරක ව්‍යාපාරයට හොඳ දෙයක් , අපේ ගොවියන් ඉස්සර ගොවිතැන් සඳහා යොදා ගත් ඇඳුම කියා පෙන්වීමට , මොකද අද කාලයේ ගොවියන් කලිසම දමා ගොවිතැන් කරන නිසා , මෙය දැකිමත් වාසනාවක් (බ)
රට ගොඩගන්න අලුත් පොහොර සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කල යුතුයි. (ර)
මෙවන් සාම්ප්‍රදායික ගොවියන් පිරිසක් එකවර දකින්න ලැබීමත් වාසනාවක් (නි)
මෙවැනි උද්ඝෝෂණ කඩාකප්පල් කරන්න ඉස්සර වගේ දෙකයි දෙකේ පොලු අරගෙන ආ මැරයන් නැතිවුණාට රජයෙන්ම පොලු පාර වැදුනා අමතකද? මැරයෝ එන්න තව කල් තිබෙනවා (නි)
මෙන්න අපේ නියම ගොවි රජවරු... (නි)
ඇත්තටම ගොවියෝද? (ර)
තමන්ම වගාකරගෙන කන නිසා මොවුන් නිරෝගිමත්. අනුන්ගේ දේ කෑවොත්නේ දේශපාලකයන්ගේ වගේ බඩ එන්නේ (නි)
පොහොර වෙනුවට සල්ලි කොච්චර හොඳද? (ර)
අනිත් අයගේ ඒවා කෝ නෑනේ. (ර)
පව් මේ අහිංසක මිනිස්සු. (ර)
ආන්ඩුව කඩිනම් පියවර ගන්න. (ර)
නියම බොදු ගොවි මහතුරු (බ)
රටට බත සපයන මේ අහිංසක මිනිස්සුන්ට සැබෑවටම නොසලකන එක හෙලා දකිමු. (ර)
කලින් සැරේ නම් හිටියේ කොළඹ අය ටිකක්. මේ සැරේ නම් පෙනුම හොඳයි. (ර)
ගොවියෝ ගැනම කතා කර කර ඉඳලා මදැයි අන්තිමේදී ගොවියන්ට වුණ දේ? (නි)
අපේ පුර්ණ සහයෝගය. (ර)
මෙයාල ඉල්ලන්නේ සුපොගබෝගී වාහන පර්මිට් නෙවෙයි. (ර)
බඩ ගැන හිතලා උඩ පැනගෙන දුන්නා මදැයි (නි)
අද සමාජයේ හැම පැතිකඩකම ජනතාවගේ ප්‍රතිචාර මෙහෙම තමයි. අපි ඉල්ලු සැබැ වෙනසද මේ? (ර)
අපේ බඩට තමා වදින්නේ. (ර)
මේකනේ. සල්ලි දුන්නොත් ගෙදර හාමිනේ ඕක ගන්නවා වියදමට. නැත්නම් ඕක කසිප්පු මුදලාලිට දීලා කසිප්පු බොනවා. (නි)
මම මේ බැලුවේ අපේ ගමේ කී දෙනෙක් ඉන්නවද කියල. ඔහොම ගිහින් වැඩේ කරගන්න පුළුවන්ද . අමුඩ ගහන මිනිහටවත් සහනයක් නැද්ද අනේ. අපි පිට රටවල් වල ඉදන් ඕව බලාගන ඉන්නම්. (බ)
අද තිබෙන තත්වය අනුව, දහසකුත් බොරු කියා පාර්ලිමේන්තු පැමිණ මහජන මුදලින් සියලු සැප සම්පත් විඳින පාර්ලිමේන්තුවේ සිටින සමහර අය කරන්නේ කුමක්දැයි අපිට සිතාගන්නවත් බැහැ. (නි)
"ඉෂි" නැහැ නැහැ වරද්ද ගන්න එපා ඔයාල ඉල්ලපු එක නෙවයි මේ අපි ඉල්ලා ගත්ත එක. එ්කනේ හැමෝටම තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න මේ වගේ උද්ගෝෂණ කරන්න පුළුවන්, බල්ලෝ බළල්ලු වගේ පාරවල් ගානේ වෙඩි කන්නේ නැතුව. (බ)
ඔය අමුඩය සහිත ගොවියන් අද කාලේ දැකගන්න අමාරුයි (නි)
බැලු බැල්මට පෙන්න තියෙන්නේ රජය අපහසුතාවයට පත්කිරිම සදහා කරන ලද වැඩපිළිවෙළක් අනගතය ගැන හිතලා ගන්න තිරණවලදි වර්තමානය ගැන සිතන පිරිස් නිසා අනාගතය භාරගන්න ඉන්න අනාගත පරපුරට වැඩි බලපෑමක් එල්ලවෙනවා (බ)
පාරේ වාහන තදබදය හදන්නේ මේවගේ උද්ගෝෂණ කාරයොයි , වෙලාවේ හැටියට කරන්න ඕන දේ නොතේරෙන මෝඩ පොලිස් කාරයොයි , කෝච්චිය හත් ගව්වක් දුර තියාගන රේල් ගේට්ටු වහගන ඉන්න කාලකන්නිකම උරුමයක් කරගත්තු රේල් ගේට්ටු කාරයොයි තමා. (බ)
ගෙවිලියෝ ටිකට නම් අධි පෝෂණය වගේ. (බ)
අමුඩ ගහපු ගොයියෙක් දකින්නත් උද්ඝෝෂණයක් බලන්න වෙලානේ....(බ)
නියම වැඩක් දැන් රනිල් මහත්තය සහ මෛත්‍රී මහත්තය අර අයවැය කුරුටු ගාලා මේකත් දේවි වැඩ බැරි ටාසන්ලා ලොකු පුටු වලට දැම්මම ඔහොම වෙනවා (බ)
ආණ්ඩුවෙන් දෙන සල්ලි අරගෙන කොම්පෝස්ට් පොහොර වැනි වියදමක් නැති දෙයකින් වගා කරානම් ඉවරනේ . (ර)
මොකද මහජන මුදල් සුරා කන්නේ නැති එකද දැන් තියෙන ගැටලුව වසන්ත (බ)
අමුඩය කියන්න අපේ සාම්ප්‍රදායික ඇඳුම. මම නම් හිතන්නේ අපේ රට සමකය ආසන්න උෂ්ණ රටක් නිසා මේ ඇඳුම ගොඩක් සුවපහසුයි. (නි)
ඇයි පොහොර දෙන්න බැරි? කලින් ආණ්ඩුව දුන්නා නම් මේ ආණ්ඩුවට ඇයි බැරි? (නි)
සල්ලි වගේද හොඳ ප්‍රමිතියෙන් යුතු පොහොර ? මේගොල්ලෝ එකේ කන්නයක් වර්ජනය කලානම් මුළු රටම හාමතේ. (ර)
අමුඩ ගහලා වවපුවා කන්න කාටවත් ලැජ්ජා නැහැ නේද?කට්ටියගෙම අදහස් බැලුවා. ගොඩක් දුක හිතුනා සමහරුන්ගේ අදහස් වලට. මේ කෑගහන මිනිසුන්ගේ දහදිය කඳුළු වලට පින්සිද්ධ වෙන්න තමයි අපි වේලක් හරි කන්නේ. මේ නියම ශ්‍රී ලාංකිකයෝ. ගරහන්න එපා. මොකද මේ අය නැත්නම් රටම බඩගින්නේ. එයාලගේ ඉල්ලීම් දෙන්න කියලා මම රජයෙන් ඉල්ලනවා (නි)
මෙතරම් ගොවියන් පිරිසක් එකවර දකිනකොටත් පුදුමයි (නි)
ගොවි මහතුනි, බයවෙන්න එපා. ජනාධිපතිතුමා සාධාරණයක් කරයි (නි)
කෘෂිකර්මාන්තය සදහා පහසුකමි සැපයිම රජයක කාර්යක් වෙි. ඒක පිලිබදව විවාධයක් නැහැ. (ර)
ඉස්සර ජනාධිපතිගේ වසරක වැය ශීර්ෂය රුපියල් කෝටි 7,000 ගානක් යහපාලනය විසින් රුපියල් කෝටි 275 ට අඩු කරගෙනයි මෙවර අය වැය හදල තියෙන්නේ.ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ නේද? (අ)
ආයුධ සන්නද්ධ ඉන්න නිසා මේවට පහර දෙන්න ගියොත් පොලීසිය අමාරුවේ (අ)
උද්ගොෂණයක් වුණත් මේ වගේ ලස්සනට පෙළ ගස්වන්න පුළුවන් ජවිපෙට පමණයි. ජවිපෙට ජය වේවා. (අ)
රටේ ගොවියන් විඳින දුක්ගැහැට ගැන කතාකරන්නේ නැතුව අමුඩ අඳින එක ගැන කතාකරන එක මෝඩකමක්. (නි)
බියක් සැකයක් නැතිව තමන්ගේ ප්‍රස්නයක් කියන්න පුළුවනි.ඒ අතින් අපි මොන තරම් වාසනාවන්තද? (අ)
මෙවැනි උද්ගොෂණ කඩ කප්පල් කරන්න ඉස්සර වගේ දෙකයි දෙකේ පොලු අරගෙන කොඩි කණු හිටවන්න ආව කියපු මැරයන් නැහැ වගේ. (අ)
ලාබෙට දුන්නෙ හොඳම පොහොර නෙමෙයි. අපිට ලැබුණ ඒවාට වැලි කලවම් කරලා බාල කරලා තමයි තිබුණේ. ඒ පොහොර තව අවුරුදු 10 ක් විතර භාවිතා කළා නම් ලංකාවේ කුඹුරු විනාශ වෙනවා. අතට සල්ලි ලැබුනම හොඳම පොහොර ගන්න පුළුවන්. ඇත්තම කාරණාව දැන් ගොවියන් මඩ පොහොර හදාගන්න කම්මැලියි. (නි)
ඔබ සැමගේ උද්ඝෝෂණයට ජයවේවා! (නි)
තිලක්, ඔයා දන්නවද මහින්ද යටතේ තිබුණු අමාත්‍යංශ ගණන? ඒ ටිකයි අගමැතිගේ වියදම් ටිකයි එකතු කරලා බලන්න, එතකොට තේරෙයි. අනික අඩුකළා නම් ඇයි මෙච්චර සහනාධාර කපන්නේ? (නි)
බත් කාලම නැති මෝඩයොත් කොමෙන්ටු දානවා ...එ්කනේ ගොවියෝන්ගේ දුක ගැන දන්නේ නැත්තේ... ඒ වගේම අමුඩේ ...කුඹුරට හොඳ නම් කොළඹට මොකද නරක ..මේකා පෘතුගාලයෙන් ආපු පරංගියෙක්ද කොහෙද...ගාල්ලේ දහනායක මහත්තය අමුඩේ ඇඳන් පාර්ලිමේන්තුවටත් ආවේ. (බ)
මේ කාගේවත් උසිගැන්වීමකට කරන දෙයක් කියලා මේ ප්‍රයත්නය හෑල්ලු කරන්න එපා. අපි පත්කළ රජයකින් අපි බලාපොරොත්තු වුණේ යහපාලනයක්. ඒත් දැන් මොනවාද මේ මිනිස්සු කරන්නේ? (නි)
අදුෂමන හස්තයක අතකොලුවක් . පවු .(අ)
මටත් හිතෙනවා ගොවිතැන් කරන්න මොකද ඔක්කොටම වගේ සිෂ් පීක් තියනවා පන කඩාගෙන දුවන්න ඕනත් නැහැ (අ)
සල්ලි වෙනුවට පොහොරම දෙන්න .එතකොට කසිප්පු කාරයන්ගේ ජොබ් එක නැතිවෙන්න දෙන්න එපා .පොහොර කසිප්පු ගහල අග පත දිරා පත් වුණාම ආණ්ඩුවේ රෝහල් වල දොස්තරලට පුලුවනේ නොමිලයේම පරලොව යවන්න (අ)
අනේ අපේ රටට උන දෙයක් (අ)
කට්ටියගෙම අදහස් බැලුව. ගොඩක් දුක හිතුන සමහරුන්ගේ අදහස් වලට. මේ කෑගහන මිනිස්සුන්ගේ දහදිය කඳුළු වලට පින්සිද්ධ වෙන්න තමයි අපි වේලක් හරි කන්නේ. මේ නියම ශ්‍රී ලාංකිකයෝ. ගරහන්න එපා. මොකද මේ අය නැත්නම් රටම බඩගින්නේ. එයාලගේ ඉල්ලීම් දෙන්න කියල මම රජයෙන් ඉල්ලනවා. (බ)
සුසිල් මහත්තයෝ අමුඩේ කියන්නේ සිංහල ගොවියාගේ ඇඳුම. ඔයාල පොෂ් උනාට ඒ මිනිස්සු තාම ඒකට ආදරෙයි. (බ)
ගයාන්, ආණ්ඩුව දන ගන්න ඕනේ පනින්න පෙර සිතා බලන්න. දැන් අයවැය යෝජනා කීයක් වෙනස් කළාද? ඒ නිසා ගණන් හිලවු පවා දැන් අවුල් වෙලා. බලය ගන්න ඉස්සෙල්ල කිව්වේ හොඳම ආර්ථික කළමනාකරණය දන්නේ මේ ගොල්ල කියල. දැන් බැලුවම හත් පොලේ ගාගත්තනේ. රටම අවුල්. එ්ක තමයි සෝබිත හාමුදුරුවොත් අන්තිමට කිව්වේ, අපිට වැරදුනා මහත්තයෝ කියල. (බ)
පොලිසිය ශක්තිය මදිවේවි ගොවියොත් එක්ක . බාදක පෙරලවී අමුඩය ගලෝල හරි. (අ)
ප්රිනාගේ අදහසට මම එකඟවෙමි. මමත් ගොවියෙක්. මම සල්ලි අරන් කොම්පෝස්ට් පෝර දාල යුරිය කිලෝ 10 ක් බන්ඩියට පෙර ගැහැවුවානම් අස්වැන්න ගොඩ. රතන හාමුදුරුවන්ට මම එකඟ වෙනවා. (අ)
අමුඩ ගහල වවපුවා කන්න කාටවත් ලැජිජා නැහැ නේද (අ)
කොහොමද යහපාලනය, සනීපද ? (අ)
වෙනස පිනේ ? රවී කිව්වා වගේ වී වෙනුවට වෙන මොනවා හරි වැව්වානම් හරි සල්ලි වැඩියෙන් හම්බ වෙනවා. (අ)
මුදල් ඇමැති කෙනකුට පළමු වතාවට ආපු විරෝධයක් මේ. ඉල්ලා අස්විය යුතුයි. (බ)
රනිල් දැක්කනම් කියාවි ඔන්න ඔය මොකක්ද එක ගලවල දල එනවා ඕයි මෙන්න මෙහාට කියල. (බ)
ගිය අවුරුද්දේ අපි හොඳම ගොවියට තමයි බලය දුන්නේ. මේ අවුරුද්දේ හිතුවේ නැහැ කොළඹට එන්න වෙයි කියලා (අ)
අපි එකතුවෙලා රජකරවලා ඉන්නේ... එක නිසා ඉක්මනින් ගොවි ප්‍රශ්න විසඳයි...(ම)
කළු සුද්දන්ට ,ගෙම්බන්ට ,පෙන්දන්ට , ඡන්දය දී පාරේ රස්තියාදු වෙයි.(අ)
අපි ඉස්සර කටු පොහොර, පිදුරු වගේ ඒවා තමයි පාවිච්චි කළේ. කොහොඹ තෙල්, දුම්මල වගේ දේ පාවිච්චි කළා. ඒත් දැන්? (නි)
සුද්දො අමුඩෙත් නැතුව කොළඔ ඉන්න හොඳයි. ඒත් සිංහල ගොවියට හොඳ නැහැ.න අනේ මන්දා! (නි)
දරුවන්ට අමුඩ ගහපු ගොවියන් දැකබලා ගැනීමට අවස්ථාව සැළසීම ගැන මගේ ප්‍රණාමය! මේ පළාතේ අමුඩ ගහන අය දැන් නැහැ. අද හුඟක් දෙනා අනුන්ගේ පඹයො වෙලා. (නි)
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග අද කුපිතවෙලා. අමාරුවෙන් හොයාගෙන කාලා බලාගෙන ඉන්නවා මිස අපි වෙන මොනවා කරන්නද? අනේ අපේ රටට දෙයියන්ගේම පිහිටයි (නි)
හැබැයි සමහරු නම් ගොවියෝ කියලා කියන්න බැහැ. කුඹුරකට බැහැපු පාටක්වත් නැහැ (නි)
ආණ්ඩුවට බැහැ මේ ප්‍රශ්න මඟහරින්න (නි)
ගොවි විරෝධය සාධාරණයි (නි)
ගොවියන්ගේ ඉල්ලීම සාධාරණයි (නි)
ඔබට ජයවේවා ගොවියනි! (නි)
මේ අය මේ උද්ඝෝෂණය අවුරුද්දකට කලින් කළා නම් මොනවා වෙයිද? (නි)
එක ආණ්ඩුවකින් පැජරෝ ගෙනාවා ටැක්ස් නැතුව, ගොවියන්ගේ වාහන කියලා. ඒ වුණත් එකම එක ගොවියෙකුටවත් ඒවා ලැබුනේ නැහැ. දැනුත් මෙයාලට පොහොර වෙනුවට අලුත් වාහන දෙයිද දන්නේ නැහැ. (නි)
දැන් මේ ගොවි ගැටළුවට මොකක්ද කරන්නේ? (නි)
කාලෙකින් දැකගන්න ලැබුණු සුන්දර දසුනක් (නි)