සිිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් අද මීගමුව රෝහලට බාර දෙනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි ලක්ෂමන් පෙරේරා නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් එම පුද්ගලයා සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටිි අතර වාරයේ උඩු ගුවනේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මිය ගිය පුද්ගලයා සිංගප්පුරුවේ නැවක සේවය කර මාස නමයකට පසු නිවස බලා එන අතරතුරදී මෙලෙස මියගොස් ඇති බව වාර්ථා වෙයි.
අදාල ගුවන් යානය අද අලූයම 1.51 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර පසුව මිය ගිය පුද්ගලයා මීගමුව රෝහලට බාර දී ඇත.
මීගමුව රෝහලේදී මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියිමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව ආවාම තැනක් නොතැනක් තරාතිරමක් නැහැ, යන්න වෙනවා. ඔය ලොකු වාහන වලින් ආරක්ෂකයින් පිරිවරාගෙන ඉගිලිලා යන උත්තමයින්ටත් ඔය ධර්මතාවය පොදුයි (නි)
එතුමා උඩුගුවනේදී අපේ දේශපාලකතුමෙකුගේ කතාවක් එහෙම ඇහුවද දන්නේ නැහැ. එතුමාට නිවන් සුව!! (නි)
අනේ පව් ඒ අහිංසකයට ගෙදරට එන්න ලැබුනේ නැහැනේ. දෛවය තමයි. නිවන් සුව පතනවා. (නදී)
එක අතකට වාසනාවන්ත මරණයක්. එක අතකට අවාසනාවන්ත මරණයක් . නිවන් සුව ඔබට. (නදී)
ඔහුට නිවන් සුව! (නි)
පව්! දුක්මුසු පුවතක්. දරුවොයි බිරිඳයි ඇස්දෙකට දැකලා මරුනා නම්... ඔබට මෙවන් අකල් මරණක් මතු භවයකදී නොමවේවා! ඔබේ ආත්මයට සැනසීම ලැබේවා ..!!! (නි)
පින්වන්ත මිනිසෙක්! (නි)