බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී වූ සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි බවත් ඔවුන්ද විශ්වාසයෙන් යුතුව, ඔහුගේ සමාව අයැදීම බාරගෙන ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න මහතා සිය වාර්තාව අද (2 වැනිදා) සවස්වරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට බාරදී තිබේ.
එම වාර්තාව අනුව, ජූනි මස 30 වැනිදා පස්වරු 5.00 ට පමණ, ලන්ඩන් බලා පියාසර කරන, ගුවන් ගමන් අංක ඊ 2158 දරන, ගුවන් යානයට ශී‍්‍ර ලංකා කණඩායම ගොඩවී ඇත්තේ ග්‍රෙනඩාවෙනි.
අදාළ සිදුවීම ඇතිවී ඇත්තේ මධ්‍යම රාති‍්‍රය ආසන්නයේදීය. රමිත් රඹුක්වැල්ල නම් කී‍්‍රඩකයා යානයේ වැසිකිළිය භාවිතා කිරීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒ වන විට යානයේ තිබූ මන්දාලෝකය හේතුවෙන්, වැරදීමකින් යානයේ කුටියේ දොර විවෘත කිරීමට ඔහු උත්සාහ කර ඇත්තේ වැසිකිළියේ දොර යයි සිතමිනි.
මෙම අවස්ථාවේදී යානයේ සිටි මගීන් විසින් එය වැසිකිළියේ දොර නොව, යානයේ කුටියේ දොර බවත් එය වැරදි දොරක් බවත් ඔහුට වටහා දී තිබේ. එම අවස්ථාවේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නිලධාරීන්ද එතැනට පැමිණ කී‍්‍රඩකයා නිවැරදි දිසාවට යොමුකර තිබේ.
පසුව කී‍්‍රඩකයා තමන්ට සිදුවූ වැරදීම සම්බන්ධයෙන් යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි අතර ඔවුන්ද විශ්වාසයෙන් යුතුව ඔහුගේ සමාව අයැදීම බාරගෙන තිබේ.
කළමණාකරුගේ වාර්තාව අනුව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වුවහොත් ඔහුට විරුද්ධව පියවර ගැනෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයා එහෙම දෙයක් කලේ නැහැ.ඕනෑ නම් සාක්කි තියනවා . (නි)
ඇමතිතුමෙක් සුමින්ෆූල් එකේ චුකලේ .(අ)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. (නි)
ඇමති පුතා ගුවන්යානයේ දොර අරින්න හැදුවේ වැරදීමකින්. එමනිසා දොර ඇරීමට තැත් කිරීම සම්බන්ධව ඔහු වරදක් කර නැත. ඔය කාලෙට ඕනෑ කොල්ලෙක් බොනවා තමා. එම නිසා බීමත්ව සිටීම ගැනද ඔහු වරදක් කර නැත (නි)
එයාලට වුනාම සේරම හරි. ඒවා කොලුකමට කරන ඒවා. අපේ අයට වුනාම හිරේ. තව ඉස්සරහට අපිට සොරි.කොම් තමයි. (නි)
ලංකාවේදී බිමට බැස්සේ වැසිකිලි දොරෙන් වෙන්න ඇති. (නි)
මගේ පුතා කළා නම් මගේ පුතාට ලන්ඩන් ගුවන් තොටුපළෙන් කෙලින්ම යන්න වෙන්නේ පොලිසියට. මේ වගේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ආවනම් මීගමුවේ උසාවියේ තමයි නවතින්න වෙන්නේ. මම නිතර ගුවන් ගමන් යන නිසා මට පේනවා මැද පෙරදිග ඉඳන් අපට විදේශ විනිමය හොයාගන රටට පැමිණෙන රටවැසියන්ට ගුවන් සේවා වල කුඩම්මාගේ සැලකිලි. ඇමති තුමනී මේ ඔයගොල්ලෝ විඳින්නේ, ජීවත් වෙන්නේ, කාටත් සමාන බලයකින් නොවෙයි (ත)
හොදට පේනවා සිහිය නැති වග
සමාව ගත යුත්තේ ගුවන් සේවයෙන් නොව අපවිත්‍ර කළ ජාතියෙන්ය. (නි)
මොන බොරු කතාවක් ද මේ , මෙය මීට කලින් ගුවන් යානයක ගිහින් නැත්ද? කෝ එතකොට හොඳටම බීල හිටිය කියන කොටස? (අ)
ක්‍රිකට් ගහනවා පුදුමයිනේ. එයාට ටොයිලට් දොරයි නිකන් දොරයිවත් අදුනන්න බැහැනේ (නි)
පවු මේ නොදරුවාට නිකං ඉතින් සමාව දීලා දාන්න. එළිය අඩු කම නිසා දොර මාරු වෙලා. නමුත් හොයල බලන්න වටිනවා මේ කොලුවා කලින් ඔය වැරදි දොරෙන් සුලු දිය හෙම පහ කරලා තියනවද කියලා. මම කාලෙකින් කියවපු විචිත්‍ර ප්‍රවුර්තියක් මෙය ,ස්තුතියි.(නදී)
තාත්තා කල වැඩේ අනුමත කලත් පුතා කල වැඩේ නම් අනුමත කරන්න බැහැ (දී)
සුරන්, දිගු ගමන් ප්ලේන් වල කෑම දීමෙන් පසුව ලයිට් නිවා අඩ අඳුරේ තබනවා. මගීන්ට නිදා ගන්න . (නි)
ඕක එච්චර දෙයක් නෙමෙයිනේ (නි)
කෙසේ වෙතත් ,තවමත් හරිහැටි කරුණු කාරණා නොතේරෙන මේ ළදරු ක්‍රිකට් සිඟිත්තා පිළිබදව මාධ්‍යවේදීන් හා ජනතාව අමන්දානන්දයට පත් කරවන අන්දමේ රසවත් කතා පෙළක් ඉදිරියේදී දැක බලා ගන්න අපටත් පින තියේවි (නි)
මේ සිද්ධිය වුන වෙලාවේ ගුවන් යානය බිංගෙයක් ඇතුලෙද ගියේ. මේතරම් කරුවල වෙන්න මේවා විහිළු කතා.(නදී)
ඇමති පුතුන්ට හරියට වරදිනවා මේක පුදුම ලෙඩක නේ (අ)
ඒ වැඩේ නම් හොදයි , (දී)
ගනන් ගන්න එපා. ඇමතිලාගේ පුත්තුනේ{නොතේරන කමට} (නි)
අනේ අපේ චූටි බේබී තාම නොදරුවා ..ඕක මහ ලොකු වැරැද්දක්ද ඔච්චර කෑගහන්න (අ)
මට මතක නෑ අප්පා එහෙම දෙයක් (අ)
කෙහෙළියගේ පුතාද ? එහෙනම් කමක්නැහැ(දී)
පව් අසරණයා නොදන්නාකමට කළ වැරැද්දක්.... (නි)
එතකොට මහත්තයෝ, ප්ලේන් වලත් රෑට බදුල්ල කොළඹ බස් වල වගෙ ඇතුලේ ලයිට් නිවාගෙන යනවාද? ඔය ඉතින් නිව්ස් එක පලවෙලා පැය ගානක අතර නේ. හෙට වෙද්දි ඒකේ ගියපු අයත් කියයි මෙයා බීලා හිටියෙත් නැහැ, ප්ලේන් එකේ දොරවල් තිබුනෙත් නැහැ කියලා (නි)
අපට හරත පත්තෙන්ම හිනා (අ)
අසරණ ඇමති තුමා (දී)
මේකට තමයි ළමයිනේ සදාචාරය කියන්නේ (නි)
වැරදි දොරවල් වලින් ඇතුල් වෙන පුරුද්ද... අනේ පව් (නි)
රැට ප්ලේන් එකේ ටොයිලට් යනකොට පයිලට්ට කියලා ලයිට් එකක් දාගෙන යන්න එපායැ. (නි)
අදහස් වලින් පෙනෙන්නේ වරද තියෙන්නේ ඇමති පුතෙක් වීමේ බවයි. වෙන කෙනෙකුගෙන් වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ. කොහොම වුනත් රටක් නියෝජනය කරද්දී විනයක් තිබිය යුතුයි.මෙයාගේ මීට කලිනුත් ප්‍රශ්නයක් වුනා මතකයි (නි)
ආආආආආආආ බබා ? (අ)
රට කනවා (අ)
"ආරේ ගුණ නෑරේ" (නි)
එතකොට අර සුද්දෝ කියන කතා,ලෝකයා කියන කතා, ලෝකේ හැම මාද්‍යයකම ගිය කතා බොරුද? (නි)
සමාව ගත්තම ඔක්කොම හරිද? දඩුවම් නැද්ද? (නි)
ඇමති තුමාට නරක කාලයක් (දී)
ඇමතිතුමා දැන් මොනවද කියන්නේ? (දී)
මේවා තමයි රෝයල් වැඩ ... (නි)
දවසේ හොදම ප්‍රබන්ධය... ජීවිතේට ගුවන් යානයක නොගිය මිනිහෙකුට නම් ඕවා පිලිගන්නවා ඇති. ගුවන් යානයක් කියන්නේ කට්ට කළු කාමරයක් කියලද හිතන් ඉන්නේ? (නි)
එක පාරක් ගුවන් යානයක ගමන් කළාම දන්නවා වැසිකිලිය කොහෙද මොකක්ද කියලා. මෙයාගේ පලවෙනි ගුවන් ගමන නෙමේනේ. (නි)
නියමයි නියමයි ඕක තමයි ආශ්චර්ය. ඒ ළමයට වැරදීමක් වෙලා තියෙන්නේ. පොඩ්ඩක්වත් බීලා නැහැ. ඉතාමත් හොද ළමයෙක් (නි)
හොඳටම බීලා හිටියා කියන කොටස මේ මහත්තුරුන්ට අදාල නැහැ. අපට නැතුවට මෙයාලා හොඳට කනබොන මිනිස්සු. (නි)
ටොයිලට් යනවා කියලා ගෙදරදිත් අහල පහල දොරවල් අරිනවද දන්නේ නැහැ (නි)
ගුවන් යානය අඩ අඳුරේ තිබුනත්, වැසිකිලි ළඟ අදාළ සලකුණ කොළ හෝ රතු පැහැයෙන් ආලෝකවත් කර තබනවා. කෙනෙකු ඇතුලේ සිටිනවාද යන්නත් හඟවන පරිදි. මෙයා ජීවිතය පළමු වතාවට ද ගුවන් යානයක ගියේ? (නි)
‘මම ඔය ගුවන් යානයේ ගියේ නැහැ. පුළුවන්නම් ඔප්පු කළොත් මම කණ්ඩායමෙන් අස්වෙනවා‘ කියලා නොකිව්වේ හොද වෙලාවට.(නදී)
සමාව ගත්තට වැඩක් නැත. එයාගේ ක්‍රිකට් දිවියට වසර 2 ක තරග තහනමක් දැමිය යුතුයි (නි)
මෙහි වගකීම සනත් ජයසුරිය බාර ගන්න ඕනෑ. (නි)
පව්. මේ නොදරුවා කොහොම සෙල්ලම් කරනවද දන්නෙ නැහැ (නි)
බස් එකක ගියත් මේ මල්ලි පනිනවාද දන්නෙ නැහැ. බේබදුකම තමා සේරටම මුල (නි)
මේකේ සම්පුර්ණ වරද ප්ලේන් එක හදපු අයගේ. (නි)
ලැජ්ජයි (නි)
විවාහ වුණ දවසට තමයි ගැටළුව. (ත)
ගෙරදීත් වැඩි වුනාම ගෙදර තියන අයිස්පෙට්ටියේ දොර අරිනවාද දන්නෙ නැහැ වැසිකිළිය කියලා හිතාගෙන. (නි)
කොහොමත් ඕකතමයි අද ලංකාවේ තත්වය. බොහොම කණගාටුයි. සුදුසු අයට අද ලංකාවේ තැනක් ඇත්තෙම නැහැ (නි)
ඉතින් ඔය විනය පරීක්ෂණයෙන් කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වෙනවා කියලා හිතනවද? (නි)
බලාගෙන,සෙල්ලම් කරනකොට බෝලේ පිත්ත එහෙම වරදින්න පුළුවන්. (නි)
අනේ පවු.ඕන වැඩක් කරලා සමාව ගන්න පුලුවන්ද? අපේ රට ගැන ලෝකය මොනවා සිතයිද? (නි)
වාර්තාව ඔහොම නොවුනා නම් තමයි පුදුමේ. ලොකු කකුළුවන්ගේ පුත්තු වගේම පොඩි කකුළුවන්ගේ පුතාලත් ඕනෑ දෙයක් කරලා බේරෙනවා. ඒකට තමයි ආශ්චර්ය කියන්නේ (නි)
ටොයිලට් එකටම දාලා වහන්න තියෙන්නේ (නි)
මට හිතන්නේ මාධ්‍යයට ආචාර ධර්ම උගන්නන කලින් හිතන්න තවත් දේවල් තියෙයි නේද? (නි)
මේ කොලුවම නේද එක පාරක් රුසියානු වෙසඟනක් එක්ක තරු පහේ හෝටලයක ඉඳල සල්ලි නොදී ඉන්න හදල මට්ටු වුනේ (අ)
දෙකේ පන්තියට ගිය කෙනෙක්වත් මේ වගේ විලි ලජ්ජා නැති වැඩ කරාවි කියලා හිතන්න බැහැ. මම මෙහෙම කළා නම් වැසිකිලි කතාවක් කියන්නෙම නැහැ. රටයි, ගමයි,පරම්පරාවයි කාලා.මෙයා තමන්ගේ බේරීමට කීවත් ආත්ම ගෞරවයක් තිබෙන කිසිම කෙනෙක් මෙහෙම කියන්නේ නැහැ (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණක් මේක... (නි)
ආශ්චර්යය... (නි)
මිනිසුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා දේශපාලක කට්ටිය දැනගෙන ගොඩක් කල්. ඒක නිසා කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
මොකටද අපි මුදල් වියදම් කරලා නිලදාරීන් යවන්නේ? ක්‍රීඩකයෙක්ව වැසිකිලියකටවත් එක්ක යන්නේ නැත්නම්,පව් අපේ ක්‍රීඩකයෝ දුක් විදිනවා. මේ නිලදාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා වෙච්ච දේ බලන්න.මෙතන විදෙස් බලවේගයක් තියෙන්නත් බැරි නැහැ. වහාම කොමිසමක් පත් කළ යුතුයි (නි)
මොහුට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඕනේ තරම් ඉන්නවා ලංකාවේ. අපේ ක්‍රිකෙට් ක්‍රීඩාවට තිබෙන ප්‍රශ්න මදිවට මේ වගේ ප්‍රශ්නත් එක්කරගන්න අවශ්‍ය නැහැ.(නදී)
රටේ සල්ලි වලින් වගකිවයුතු ගමනක් ගොස් පැමිණෙන්නේ මෙහෙමද? මෙහෙම අයටද ක්‍රීඩකයෝ කියන්නේ? ඔන්න ක්‍රිකට් පාළක මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා, ආයතනය දුෂිත එකක්ද? නැද්ද? කියලා පෙන්වන්න... (නි)
මෙයාට බිරියවත් පැටලවෙවිද දන්නෙ නැහැ (නි)
ඇමති පුතෙක් හින්දා ගොඩින් බේරගන්න පුළුවන් වෙයි. වෙන ක්‍රීඩකයෙක් කලානම් බලාගන්න තිබුණා (නි)
තාම අවුරුදු 21 යිනේ. (නි)
අපරාදේ කියන්න බැහැ තාත්තගෙම අඩිපාරේ යන හොඳ පුතෙක් (අ)
උඩුගුවනෙදි ඔහොම නම් බිමදි කොහොමට වේවිද? මොකද කියන්නෙ, තවදුරටත් තෝරගන්නවද? (නි)
එයාලා මොනවා කළත් 'ඒ' කණ්ඩායමේ අය. අපි තමා අන්තිම නරක කණ්ඩායම. (නි)
මේ කෙනාගේ වැඩ දැක්කම මතක් වුනේ. අපේ ගමේ බේබද්දෙක් වෙරිමරගාතේ අල්මාරිය ඇරලා මුත්‍රා කරන ගමන් කිව්වලු අද හඳත් පායලා නැහැ කියලා. ඒක මතක්වෙනවා මට. වැසිකිලය දන්නෙ නැති ඈයෝ රටේ ගෞරවය තියාවිද? (නි)
ඇයි මීට කලින් වැසිකිලි දොරක් දැකලා නැද්ද? (නි)
පවු අහිංසක දරුවට දොස්කියලා පවු පුරෝගන්න එපා. (නි)
අනේ ඕක මොකක්ද. දේවාලේ කපුවා එහි ජරා කරට ගද නැහැ කියනවා වගේ ඇමතිගේ පුතා එහෙම කලාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද? ඔය වයසට ඔහොම තමා කියල දැන් ඉතින් පුරුදු වෙන්නත් එක්ක කියල රජයේ වියදමින් කොහේ හරි සවාරි කීපයක් යවාවි.(අ)
අපරාදේ කලමනාකරුට ගෙදර යන්න වෙයි වගේ (දී)
මේවා කියන්න වදුරන්ට තතාතා පුතා සමනයි (අ)
මේවා දෙවියන්ගේ දඬුවම්. මෙහෙම හරි කපලා දැම්මොත් හොඳයි. (නි)
මාගේ අදහස නොදැක්වීම පිලිබදව මාගේ බලවත් ශෝකය.(අ)
තාත්තට පුලුවන්නම් මට මොකෝ පේලේන් එකෙන් පනින්න බැරි (අ)
පුතත් කතා කරන්න දක්ෂයෙක් වගේ (නි)
ලංකාවේ ඉදන් බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලට යනකොට ගියේ නැවේද දන්නේ නැහැ. වැසිකිලියේ දොර සහ ගුවන්යානයට ඇතුල්වෙන දොර අතර විශාල වෙනසක් තිබෙනවා. පියවි සිහිය තිබෙන කෙනෙකුට මේ වෙනස අදුනගන්න පුළුවන්. හොඳටම වෙරිපිට වමනය දමන්න වැසිකිළිය සොයන කොට ,දොරවල් පැටලෙන්න පුළුවන්. එංගලන්තේ ඕපාදුප පුවත්පත් මේ පුවත නිසා අපිට මඩ ගහනවා. මොහු නිසා යානයේ මගින් බොහොම බයට පත්වෙලා. කරුණාකර මොහුට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අඩුම තරමේ අවුරුදු 2 කටවත් තහනම් කරන්න (නි)
මෙයා මිට කලින් යානයක ගියේ නැති කෙනෙක්ද ? (නි)
මේවා අහගෙන ඉන්න තරම් අපි අවාසනාවන්ත වුන හැටි. (නි)
පුතාගේ වරදවල් වලට තාත්තා වග කියන්න ඕනේ (දී)
තාත්තා පැන්නේ අඩි 35 නේ, පුතා 35000 යි. තාත්තගේ පාරෙ යන ආදර්ශමත් පුතෙක්.(අ)
හැබැයි මොනවා වුනත් මේ වගේ කට්ටිය ඔය වගේ රටවල් වලින් බේරනවා. ඇයි ඉන්නකම් සදාකාලිකව කණ්ඩායමටම තරගයක් දිනාගන්න හම්බවෙන්නෙ නැහැ කියලා එයාලා දන්නවනෙ. (නි)
මේවා දැක දැක ජීවත් වෙන්න වෙනවනේ (නි)
මෙම බුරුව තේරුවේ මොන ක්‍රිකට් මණ්ඩලයද. ඒ අය ටික ගෙදර ගියොත් හොඳා (අ)
දක්ෂතාවය නොබලා දේශපාලක දරුවන් ජාතික කණ්ඩායම් වලට දාපුවහම පරදින එක අහන්නත් දෙයක්ද. (අ)
දොර තමා විසින්ම ඇරගන්නා ලදී. (නි)
අසුචි කප්පර ගණන් කන එවුන් ඉන්න රටේ පොඩියට යන එකක් ප්‍රශ්නයක්ද?(අ)
වැරදිලා වැසිකිලි දොර කියාලා හිතාගෙනලු? ඇයි එයා අවුරුදු හතරේ නොතෙරෙන බබෙක් ද? බය නැතුව තීතිය ක්‍රියාත්මක කරන්න. විනයක් තියෙන්න ඕනෑ,රටට හදන්න නම්. තව ටික දවසකින් මේ සිද්ධිය ඩයස්පෝරවේ වැඩක් කියලා කියයිද දන්නෙත් නැහැ? (නි)
අනේ! මම හිතන්නේ ඒ ක්‍රීඩකයා නෙමෙයි, ගුවන් සේවිකාවක් තමයි දොර අරින්න හදන්න ඇත්තේ (නි)
ඇමති පුතා ගුවන්යානයේ දොර අරින්න හැදුවේ වැරදීමකින්. ඒ ඔහු බීමත්ව සිටිනිසාය. එමනිසා දොර ඇරීමට තැත් කිරීම සම්බන්ධව ඔහු වරදක් කර නැත. ඔය කාලෙට ඕනෑ කොල්ලෙක් බොනවා තමා. එමනිසා බීමත්ව සිටීම ගැනද ඔහු වරදක් කර නැත. (නි)
අනේ රටකට ගිය කලක්..! කොහෙන් හිනාවෙන්නද කියලා හිත ගන්න බැහැ. (නි)
ඇමතිවරුන්ගේ පුත්තු මොනවා කළත් පොඩි වැරදීම්. (නි)
මෙයාගේ නියම වාසගම තියෙන කෙනෙක් වෙන්න බැහැ. නම ගත්ත අයකු වගේ. ටිකක් පරම්පරාව ගැන හොයල බැලුවනම් හොදයි නේද. (අ)
සිංහ හම පොරවගට්ටහත් කොටළුවා......
ලංකාවේ ක්‍රිකට් වල අනාගතය සුරක්ෂිත කරන්න නම් මේ වගේ අය අයින් කරන්න ඕන. නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට සදාචාරය කියල දෙයක් නැ කියාවි ලෝකයා අපිට (අ)
ගෙදර යවන්න ඕනේ ඉස්සෙල්ලම මැනේජර්r ඇත්ත කියන්න බැරි කොන්ද පන නැති අයව තියාගන්න වටින්නේ නැහැ.(අ)
ගුවන් යානයක වැසිකිලිය මොකක්ද කියලා පලවෙනි පාරට ගුවන් ගමනක් යන කෙනෙක් වුනත් දන්නවා. (නි)
මොනවා උනත් තාත්තගේ නම ගෙනියන නියම පුතෙක්... තාත්ත පැන්නේ ජනේලෙන්... පුතා අඩි 33000ක් උඩින්...(අ)
බිල හිටියට දඩුවම් නැද්ද ඔය කළමනාකරුවා ගැන පරීක්ෂණ පවත්වන්න (අ)
තාත්තගේ ආචාර ධර්ම පද්දතියට මොකද වෙන්නේ ? අනුන්ට හූ කියන්න ඉස්සර වෙලා තමන්ගේ හෙළුව වසාගෙන සිටියානම් හොන්දයි (අ)
සෙල්ලම් කරන්නෙත් මෙහෙමද දන්නේ නැහැ (නි)
ආචාර ධර්ම රටට දෙන්න පෙර තම දරු මල්ලන්ට ඒවා උගන්නලා ඉන්න. අනුන් ගැන හොයන්න පෙර තමුන් ගැන හොයන්න කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා.(නදී)
මෙයාලට කොහොම නමුත් දොරවල් පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා. (නි)
දැන් පේනවා නේද ? ක්‍රීඩාව දේශපාලනිකරණය වුනහම ක්‍රීඩාවට වෙන දේ ? (ත)
අපි ඉගන ගන්න කාලේ පාසල්වල ක්‍රීඩා පුහුණු ගුරුවරු මුලින්ම උගන්වන්නේ විනය. ක්‍රීඩාව කියන්නේ කෙනෙකුගේ සියලුම ගුණාංග වැඩි දියුණුවන විෂයක්. මෙයාල ක්‍රීඩා කරන්නේ බලයටයි. ස්කොලවල නමටයි. බලයෙන් කණ්ඩායමකට ඇතුල්වෙලා පිටරකට ගියාම හිතන්නේ මුළු ලෝකෙම දිනුවා කියලා. පොදු ස්ථානයකදී හැසිරෙන්න දන්නේ නැති කෙනා කොහොමද ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් කරන්නේ. (නි)
දේශපාලනය ගෑවුණා කියන්නේ ක්‍රිකට් වලත් අවසානය තමයි (අ)
පුතා පොඩි කාලෙත් බෙඩ් එකෙමලු මුත්‍රා කලේ. යානයේ පැත්තේ එහෙම ගියහම වැසිකිලිය කියලා සිංහලෙන් ලියලා තිබුනේ නැතිලු (නි)
'එක්සිට්' එකයි ටොයිලට් දොරයි දන්නේ නැති අයද ක්‍රිකට් ගහන්න යවන්නේ? (නි)