ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මග මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද පෙරවරු 9.45ට විවෘත විය.
කොළඹ සිට කටුනායකට මිනිත්තු 45ක් පමණ වූ ගමන නව අධිවේගී මාර්ගය නිසා මිනිත්තු 20 දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මග මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද පෙරවරු 9.45ට විවෘත විය.
කොළඹ සිට කටුනායකට මිනිත්තු 45ක් පමණ වූ ගමන නව අධිවේගී මාර්ගය නිසා මිනිත්තු 20 දක්වා අඩු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිට කටුනායකට අදිවේගී මාර්ගයේ දුර කිලෝ මීටර 20- 22 පමණ ඇති නමුත් යන්න යන කාලය මිනිත්තු 20 මොකක්ද මේ වේගය? (දිල්)
කුහක මිනිසුන්ට මේ රටේ දියුණුව ඉවසාගත නොහැකිව කරන කථා ඇසීමට ලැබීමත් මහ පව්කාරකමක්. (නි)
ඉහත සඳහන් අදහස් ගැන සැමට ස්තුතියි. වර්තමාන රජයට චන්දය ප්‍රකාශ කළ එහෙත් පක්ෂග්‍රාහී නොවී රටේ සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කළෙමි. රටේ අයිතිය පක්ෂග්‍රාහී වූ අයට පමණක් නොව සියලුම රටවැසියන්ට අයිති නිසා සිත් රිදවීමක් වූවා නම් පක්ෂග්‍රාහී ඔබ සැමට මගේ කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
සිරිලක බැබලේවා සුබ අනාගතයක් රට එන්න අපෙට එක්මනට ගෙදර යන්න පුළුවන් ජයවේවා(දිල්)
ජය වේවා ජනපති තුමනි ඔබට දිගාසිරි. (දිල්)
අහිංසක දුප්පත් මනුස්සයෝ කන්න නැතිව බොන්න වතුර නැතිව සාප කරනවා.ගමන් බිමන් යන්න බස් නැහැ පාරවල් නැහැ. සුපිරි වැඩ අනාගතයට කියමින් ඇති හැකි අය අද සැප විඳිනවා.ඇති හැකි අයගේ සැප සම්පත් අතහැර අනාගත පරපුර වෙනුවෙන් වෙන්කෙරෙන්නේ නැහැ.නැති බැරි මිනිහාවඇති හැකි මිනිහට පමණක් නොවේ දෙවියන්ටත් එපා වෙලාද? (දිල්)
හැමදේම ආණ්ඩුවෙන් දෙනකම් කට අාරගෙන බලා ඉන්නේ නැතුව තමුන්ගේ උත්සාහයෙන් හොඳ අධ්‍යාපනයක් ලබා දියුණු වෙන්න බලන්න. අපේ පුංචි රට දැන් ගොඩක් දියුණු වෙලා. ඒ ගැන සතුටුයි. ජනාධිපතිතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. (නි)
ජයවේවා (දිල්)
උණුසුම් සුබ පැතුම් සමඟින්, ජය වේවා! (ස)
ලංකාවේ මාර්ග පද්ඩතිය දියුණුවීම ජනතාවගේ වාසනාවක්.මින් නිසිලෙස ප්‍රයෝජන ගෙන රට සුරපුරයක් කරමු.මෙම කාර්ය කළ ජනාධිපතිතුමා ප්‍රධාන සැමට පින්.(දිල්)
අජිත් හදිසි අනතුරක් උනොත් ගෙදර නොවේ යන්නේ වෙන දිහාවක (දිල්)
දයා රත්නායක,යටිතල පහසුකම් දියුණු කලාම සමස්ත ආර්ථිකයම දියුණුවෙනවා.එතකොට දුප්පත්කමත් අඩුවෙනවා.ඔබ කියන්නේ එහෙම කරන්නේ නැතුව ඒ සල්ලි වලින් දන්සල් දෙන්න කියලද ?(දිල්).
ලංකාවේ මෙතුවක් කාලයකදී කෙරුණු සාර්ථකම ආයෝජනය මෙයයි. ජය වේවා. (ස)
පුදුම හිතේ අමාරුවක් තියෙන්නේ තමන්ගේ අදහස් වලට විරුද්ධ පක්ෂෙකින් රට හදනකොට .(දිල්)
හොඳ වැඩක්.සුබපැතුම්..ජයවේවා(දිල්)
ඉතාම හොද අත්‍යවශ්‍යම දෙයක් ලංකාවට (දිල්)
දයා ඔබට තව වසර පහකින් දැනේවි මේ ආයෝජන වල සුබ ප්‍රතිපල අද ලංකාවේ දුරකථන, විදුලි, මාර්ග පහසුකම් කොපමණ දියුණුද අධයාපනය කොපමණ උසස්වෙලද, අපි ගෝත්‍රික අදහස් වලින් මිදිලා ඉදිරියට යන්න ඕන (දිල්)
ඔය සල්ලි වලින් නිෂ්පාදන කර්මන්ට ශාලාවක් දැම්මනම් කී දෙනෙක් රැකියා කරයිද (දිල්)
නියමයි (නි)
කියල නිම කරන්න බැරි වටිනා වැඩක්. මම දන්නවා මම විශ්ව විද්‍යාල යන කාලේ වින්ඳ දුක. සීදුවේ ඉඳන් කොටුවට යන්න පැය එක හමාරක්. අනිත් රටවල් එක්ක අපිත් දියුණු වෙන්න නම් මේ වගේ ආයෝජනයන් අනිවාර්යයි. ඇත්තෙන්ම මේ ගිය වියදම නිකන්ම වියදමක් නෙමේ මම දකින්නේ. දීර්ඝ කාලීන ආයෝජනයක් විදියට. සමස්තව ගත්තහම එතුමා යුද්ධය ඉවර කලා වගේ මේකත් නොමෙකෙන වැඩක්. හොඳ වැඩක්... (ස)
ඔය පාරවල් හැදිල්ල පැත්තකින් තියලා අර රතුපස්වල ජනතාවට බීමට ජලය ටිකක් ලබා දෙන්න. ඒ අහිංසක ජනතාව දරුවන් සමග බීමට නෑමට ජලය නොමැතිව ශාප කරනවා. (නි)
මේක හොඳ වැඩක්..අගේ කරන්න..අවුරුදු 30 යුද්දයෙන් ආපස්සට ගිය රටයි මේ නැගිටින්නේ...සතුටුවන්න..මේ පාරේ ඔබටත් මටත් යන්ට පුළුවන්..(දිල්)
මේ පින් බලෙන් ''දයා රත්නායක කියන මනුස්සයට මොලේ පැදේව කියලා පාර්ථනා කරනවා ..(දිල්)
අනේ ලංකාවේ සමහර මිනිස්සු පාරවල් දැකලා නෑ වගේනේ අනේ (දිල්)
පාරේ රතු පාටින් චීන නම් ගහලා. මේකටද ලංකාවේ ආශ්චර්ය කියන්නේ? චීන ආශ්චර්ය කිව්වොත් නරකද? (නි)
දයාට බඩගිනිද (දිල්)
රට ආශ්චර්ය කරා යන ගමන... (නි)
කුමන ආණ්ඩුවක් කළත් හොද දෙය එලෙස දකින්න ඕනෑ (නි)
දයා රත්නායක, මොනවද අනේ ඔයා මේ දොඩවන්නේ? (නි)
බඩගිනි අය ලංකාවේ ගොඩක් ඉන්නවා (නි)
දයා රත්නායක - මැරෙනවානම් මේ මාර්ගයේ නොවේ ගෙදර අස්සේ කන්නාඩි පෙට්ටිය ඇතුලේ හිටියත් මැරෙනවා. කර්මාන්ත අවශ්‍ය ස්ථානයට කර්මාන්තත් මහා මාර්ග හෝ අධිවේගී මාර්ග අවශ්‍ය වූ විට අධිවේගී මාර්ගත් සුදුසු වෙලාවට සුදුසු දේවල් තමා කලයුත්තේ. (දිල්)
පක්ෂ පාට නොතකා මෙම විශිෂ්ට ක්‍රියාව අගය කල යුතුයි. රජයට දුන් ජන වරම සියලු දෙනාගේ යහපත සඳහා මෙලෙස තව තවත් ක්‍රියාත්මක වේවා! (දිල්)
අපි ඉස්සර දැක්ක දුප්පත්කම ,පිළිවෙලක් නැතිකම,අපිරිසිදුකම අපිට පෙනෙන්නේ නැහැ.රටේ දියුණුව දකිනකොට ඇතිවෙන්නේ පුදුම සන්තෝෂයක්.රටේ ඇති යටිතල පහසුකම් දියුණු වෙන තරමට තමා දුප්පත් කම නැති වෙන්න මග විවර වෙන්නේ.මේ හැම වියදමක්ම රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජන කියල තේරුම් ගන්න (දිල්)
දයා රත්නායක මොන හොඳක් කළත් දකින්නේ වැරැද්දක් විදියට (නි)
කර්මාන්ත දියුණුවෙන්න නම් යටිතල පහසුකම් ඕනෑ.මේකට විරුද්ධ වෙන කට්ටියම තමා කර්මාන්ත ශාලාවක් දැම්මත් විරුද්ධ වෙන්නේ. (නි)
දයා රත්නායක , ඔබගේ අදහසට මම එකඟ නැහැ. (නි)
දයා රත්නායක,ඔබගේ බඩගින්නේ සිටින යහළුවන් සමග පැමිණ කාලා පින් දීලා යන්න (නි)
මේක ලංකාවේ පාරක්ද? චිනයේ පාරක්ද? (නි)
දයා වගේ හිතන්න බැරි මිනිස්සු ගැන දුකයි (නි)
ජයවේවා! (නි)
මගේ රට ගැන මට හරි සතුටුයි (නි)
දයා රත්නායක මහත්තයෝ, ඔබතුමා යමක් දෙස බලනකොට පේන්නේ ඔබතුමාට හරි කියලා හිතෙන නමුත් වැරදි විදිහටයි. ධනාත්මකව හිතන්න / දකින්න පුරුදුවෙන්න වැරදි ආකල්ප වලින් මිදිලා අලුත් විදිහට හිතන්න. එතකොට ඔබතුමාගේ ජීවිතයත් වෙනස් වේවි (නි)
දයා,සතුටු වෙන්න.ඔයත් දවසක ඔය පාරේ යයි (නි)
පවු අනේ මිනිස්සු! (නි)
දයා ... කම්හලක් දැමූ විට රස්සාවල් කීයද ? යටිතල පහසුකම් හැදුනම කම්හල් කීයක් හැදෙනවද?එතකොට මුළු රස්සාවල් ගණන කියන්නේ එක කම්හලක රස්සා ගණන කම්හල් ගණනින් වැඩිවෙන්න ඕනෑ. ඒකවත් තේරෙන්නේ නැහැ (නි)
ජනාධිපතිතුමා යන මග සාර්ථකයි (නි)
ජය වේවා! (නි)
පාරවල් හදන එක ඉතාම හොඳ වැඩක්. ඒත් තව බොහෝ කළ යුතු වැඩ තිබෙනවා මීට වඩා ප්‍රමුඛ විය යුතු. (නි)
වැඩේ නම් හොදයි. ඒත් මොනවද මේ චීන අකුරු වලින් ලොකුවට ලියලා තියෙන්නේ? (නි)
අපිට යන්න පුලුවන් අද හවස හයෙන් පස්සෙලු. මම සූදානම් වෙලා ඉන්නෙ. (නි)
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
නියමයි (නි)
දයා රත්නායක, කරත්ත, තිරික්කල, තවලම්, කාලයට වඩා අද මුලු ලොවම දියුණුනුවට පත්වී තිබෙන්නේ. මිනිසාගේ දියුණුවත් සමග, නොදියුණු මනසක් පමණක් නොව, කුහක මිනිසුන්ට මේ රටේ දියුණුුව ඉවසා ගත නොහැකිව කියන කථා කියවන්න ලැබීමත් මහ පව්කාරකමක්. (නි)
පටු පාරවල් තියාගන රට දියුණු කරන්න බැහැනේද? මෙයට වියදම් කළ මුදල් උපාගතහැකි නිසා කාටත් සතුටු වියහැකියි.සහනාධාර දීමෙන් රටක් දියුණු කළ නොහැක. කවුරුත් අඩුම වශයෙන් පැය අටක්වත් මහන්සිවී වැඩ කළ යුතුයි.දියුණු රටවල වයස 65 වනතුරුත් රැකියාවක යෙදෙනවා.ලංකාවේ සමහරක් නිතරම නිකම් දෙනතුරු බලාගෙන ඉන්නවා. (නි)
මගේ රට දිනේවා! (නි)
ජනාධිපතිතුමනි, ඔබටත් මෙයට දායක වී ඇප කැප වූ සැමටත් ස්තුතියි. ඔබතුමා රට වෙනුවෙන් කරන සෑම හොඳ වැඩක්ම ඉතා ඉහළින් අගය කරනවා (නි)
සුබ ගමන්! ඔය විදියටම කටුනායක -කුරුණෑගලත් සුපිරිමගක් හදාදෙන්න ජනපතිතුමනි ! (නි)
හරි අගේ ඇති වැඩක් (නි)
දයා, මේ මිනිසුන්ට ඕවා කියලා වැඩක් නැහැ. පවට පින දෙන්න බැහැනේ. (නි)
බලය, හැකියාව, බුද්ධිය තිබෙන්නේ බොහොම සුළු පිරිසකට.සාමාන්‍ය මනුස්සයෝ තේරුමක් නැතුව ඔහේ කියවනවා.ඒ අය තමන්ගේ මෝඩකමත් දකින්නේ බලය හැකියාව බුද්ධිමත්කම විදිහටයි. (නි)
මගේ රට ගැන හරිම ආඩම්බරයි. මම පිටරට ඉන්නේ, ළඟදීම එනවා මේ ලස්සන පාරේ රවුමක් යන්න.රටේ යටිතල පහසුකම් දියුණු වෙනකොට ආර්ථිකය දියුණුවත් වැඩි වෙනවා. මේවාගේ දිගුකාලින යෝජනා තමයි වැදගත් අපේ රටට. (නි)
ජනාධිපතාතුමනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
දුප්පත් මිනිහට උදවු කළයුතු වුණත් සියල්ල නිකන් දෙන්න ගියවිට එහිද අගයක් නැතුව යනවා (නි)
අපේ රටේ දියුණුව ගැන විදේශිකයන් බොහෝ දෙනා කතා කරනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය ගැන හැමෝම හොඳ කියනවා. මට හරි සන්තෝෂයි මේවා ඇහෙනකොට. (නි)
ජනපතිට ජයම වේවා! (නි)
කවුරු වුණත් යන්නෙ හරි මග නම් වැරැද්ද මොකක්ද? (නි)
උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! (නි)
අපේ අතිගරු ජනාධිපතිතුමා සුරයා, විරයා... (නි)
බොහොම හොඳයි, ජනාධිපතිතුමනි (නි)
දයා රත්නායක මහත්මයා පක්ෂග්‍රාහී වූ අදහස් ලියලා නැහැ. හොඳ දෙයක් වටිනා දෙයක් අත්‍යවශ්‍ය දෙයක් වැදගත් දෙයක් ඒ ආකාරයෙන් පිළිගන්න අපි සූදානම් විය යුතුයි. අපිට පක්ෂය හෝ පාට වෙනුවෙන් සිතන්නට නොව රට වෙනුවෙන් සිතන කාලය එළඹ ඇත. (නි)
වටිනා අගය කළයුතු වැඩක්. (නි)
සුබ පැතුම්!ජයවේවා! ජනාධිපතිතුමාටත් ජය වේවා.....!! (නි)
පළවෙනි අධිවේගී මාර්ගය ගැන දැන් කියන්න දෙයක් නැහැනේ දයා.රටේ ප්‍රශ්න තිබෙනවා.නමුත් හොද දේ හරි හැටියට දකින්න (නි)
ඉතා හොදයි (නි)
ලංකාවේ අපි ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව අපිම මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙන්න ඕනෑ කියන මානසිකත්වයට එන දවසක් නැද්ද? අනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ පෑදේවා! (නි)
දයා,ඔය කොළ කණ්ණාඩිය ගලවලා බලන්න. එතකොට ඔයාට හරියට පෙනේවි කියලා හිතනවා. (නි)
දයා මහත්තයෝ, රටක සංවර්ධනයට මහාමාර්ග ,ජලය ,විදුලිය කියන යටිතල පහසුකම් ඕනෑවෙනවා.ඔය දේවල් පිළිවෙලකට නැත්නම් කම්හල් වලින් හැදෙන භාණ්ඩ ගෙනියන්න වෙන්නේ අර ඉස්සර හතළිහේ දශකේ ගෙනිච්චා වගේ හරක් බැඳී කරත්ත වලින් (නි)
රියදුරු ආසනේ විතරක් නොව, සියලු ආසනවල පටි දමන්න ඕනෑ නේද? (නි)
මේක හොද ප්‍රමිතියකින් හදපු පාරක්ද? (නි)
ලංකාදීප ප්‍රවෘත්තියක් වූ ( තවත් වැටෙන්න තැනක් නැත) යන අසරණයින්ගේ වර්තමානය රටේ අනාගත දියුණුව හිතන අය නොදකී. එම පවුලට ආධාර කරමුද ? (නි)
දයා රත්නායක මහත්තයෝ ඔබ කියන සත්‍යය තේරුම් ගන්න වැඩි දෙනෙකුට බැරි බව ඇත්ත. ඒ උනාට ඒක අසත්‍යය වෙන්නේ නැහැ. (ස)
සමහරු හිතන්නෙ කාලා බීලා හිටියම ඔකොම හරි කියලා. (ස)
මොනවා කිවුවත් රටේ පැහැදිලි දියුණුවක් අපි දැක්කේ මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ.. (ස)
දොන් සේතං,හයේ පාරක් ...හතරේ පාරක්..වැරදුනොත් කනේ පාරක්වත් දෙමුද මහපාරට දොස් කියන අයට හොඳ පාරක් මතක් වෙන්න... (නි)
චිරාත් කාලයක් ඔබයි අපේ ජනපති.දීර්ඝායුෂ ජනාධිපතිතුමනි! (නි)
උතුම් වැඩක් (නි)
හොද දෙයකට හොදයි නොකියන දේශපාලන කණ්ණාඩි දාගෙන අන්තවාදී අදහස් දාන අන්තවාදියන්ට අපායට පාරකුත් දාන්න ඕනෑ. (නි)
දීර්ඝ කාලයක සිට ලක්වැසියන් මෙන්ම විදේශීය සංචාරකයින් විශේෂයෙන්ම බලාපොරොත්තු වූ අවශ්‍යතාවයක් සපුරාලමින් රටේ ප්‍රධාන නගරයේ සිට ප්‍රධාන ගුවන් තොටුපලට ඉක්මණින් ළඟාවීමට මේ අධිවේගී මාර්ගය සෑදීමට යෝජනා කළ සහ එයට මුදල් යෙදූ සැමටත් දහසකුත් එකක් දුක් කරදර විඳිමින් එය තැනූ දේශීය විදේශීය සැමටත් මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමේ. (නි)
රටේ දියුණුවට මෙවැනි යටිතල පහසුකම් අවශ්‍යයි. මට ඉතාමත් සතුටු ප්‍රවෘත්තියක්. සුබ පතනවා. (නි)
මේක හොද දෙයක් (නි)
සුභ පැතුම්! (නි)
මේක ජාතියක උරුමයක්. චිරන් ජයතු ජනාධිපතිතුමාට! (නි)
අපි ආඩම්බර වෙමු අපේ රටේ වර්තමාන දියුණුව ගැන. (නි)
අනේ බණ්ඩාර, අඩුපාඩුම සොයන්නේ නැතුව ඇස් දෙකට පෙනෙන හොදක් කියන්නකෝ (නි)
ජනාධිපතිතුමාට ජය වේවා.(දිල්)
ගණන් ගන්න එපා යහලුවනේ (නි)
රට නිසි මග මෙහෙයවන නියමුවාට ආචාර වේවා.(දිල්)
ඉහත ප්‍රවෘත්තිය ටිකක් සංශෝධනය කල යුතුයි . කොළඹ හා කටුනායක අතර පොදු වාහනයකින් ගමන් කිරීමට උදය කාලයේ හා හවස් කාලයේ අඩුම ගණනේ පැය එක හමාරක් ගතවුනා . නගරාන්තර බස් වල උනත් එම කාලය ම ගතවුණා . දවසට පැය තුන ගානේ බැලුවොත් අපගේ ජීවිත කාලයෙන් සැහෙන ප්‍රමාණයක් අපි ඉඳල තියෙන්නේ බස් වල . ඒ රටට හරි තමන්ට හරි ප්‍රයෝජනවත් වැඩක් කරන්න තිබුණු කාලය නේද නාස්ති වෙලා තියෙන්නේ . අඩුම ගානේ අපි දූ දරුවෝ එක්ක ගත කරන්න තිබුණු කාලය . අධිවේගී මාර්ගය නිසා මීගමු පාරේ තදබදය බොහෝ අඩු වේවි . අධිවේගී මාර්ගය භාවිතා නොකරන අපටත් රස්තියාදු නොවී ගමන් බිමන් යන්න පුළුවනි .සමහර අය දමන අදහස් දැක්කම මතක් වෙන්නේ හොඳට පායලා තියන හඳට බුරන බල්ලෝ , බල්ලෝ කොපමණ උඩු බිරුවත් හඳ ඒක ගණන් ගන්නේ නැහැ. (ස)
කොළඹ සිට කටුනායකට මිනිත්තු 20 එන් යනවා කියනවට වඩා පැලියගොඩ සිට කටුනායකට කියන එක තමා නිවැරදි මොකද කැළණි පාලම ළග ඉදල කොටුවට ,යන්නම මිනිත්තු 30 ක් යනවා .එතකොට කොල්ලුපිටියට,බම්බලපිට්යට ඊට වැඩිය යනවා කොළඹ කිව්වම මේ සේරම ඇතුලත් වෙනවා .(දිල්)
මම අද පසු තැවෙනවා. 2005 දි මේ වගේ රත්තරන් නායකයෙක් පරාද වෙනකන් බලන් හිටිය එකට.ඔබතුමාට දිර්ඝායු ජනපතිතුමනි...... (ස)
අධිවේගි මාර්ග ලාංකිකයන්ට අලුත් දෙයක් වුණාට ලෝකයේ බොහෝ රටවල ජනතාවට එය සාමාන්‍ය දෙයක්. නමුත් කොළඹ කටුනායක මාර්ගය පිවිසුම් දොරටු අතරමැද ඇත්තේ ජා ඇලින් පමණයි. නමුත් හොදට පිරික්ෂා කිරීමේදී අධිවේගි මග සකස් කිරීමට ප්‍රයෝජනයට ගත් තුඩැල්ල හන්දියේ සිට දිවෙන පමුණුගම පාර ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කිරීමට හෑකියාවක් තිබුනා. ඒ මන්දයත් පමුණුගම පාරේ සිට මීගමුව දක්වා ගමන් කිරීමේ හැකියාවත් ,පමුණුගම පාරේ ඇති නිසල බවත් සංචාරකයන්ට සිත් ගන්නා මුහුදු වෙරළට සමීපව ගමන් කිරීමට ඈති හැකියාවත් ප්‍රයෝජනයට නොගැනීම සැලසුමේදී සිදුවූ අතපසුවීමකි. නමුත් තවම ප්‍රමාද නැත.මුතුරාජවෙල කඩොලාන පරිසරයද සංවර්ධනය කර ලංකාවට ගොඩබසින සංචාරකයා මීගමුව පැත්තටත් යොමුකළ හැකි අතර අවට ජනජීවිතයද සංවර්ධනය වේ.ජා ඇල නගර මධ්‍යයෙන් ඒකල දෙසට දිවෙන වාහන තුඩැල්ල රුක්මනීදේවි පිළිරුව අසලින් ඒකල දෙසට යොමුකළ හැක. එවිට ජා ඇල පොලීසිය අසල වාහන තදබදය අවම කළ හැක.මන්දයත් ජා ඇලට පිවිසුම් දෙකක් ලැබෙන නිසාය.මීගමු පාරේ වාහන තදබදය සෑහෙන දුරට අඩුවී ඇත. නමුත් තවත් ප්‍රශ්නයක් ඇත. ඔය අධිවේගි මාර්ගයේ යතුරුපැදි යන්න බැරි එකේ දුප්පත් මිනිහාටත් වාහනයක් ගන්න විදේශගත ශ්‍රී ලාංකිකයකුටවත් රටට එවා තිබෙන විනිමය ගැනවත් සිතා වාහන බලපත්‍රයක්වත් ලබාදෙන්නේ නම් කොපමණ කාලෝචිතද? එසේත් නැත්නම් වාහන තීරු බදු අඩුකරනවා නම් අධිවේගි මගේ ආදායම ඉහළ යාවි. එවිට අඩුවූ බදු ප්‍රමාණය ඒවායින් ලෑබේවි. එසේ නෑත්නම් සී සී 125ට වැඩි යතුරුපැදි වෙනත් රටවල යන්න දෙනවා වගේ යන්න දෙනවා නම් මැනවි. (නි)
ජය වේවා (දිල්)
සිරි ලක් දෙරණ සිරි පෙන්වන අසිරි මගේ... වාද බේද දුරලා යමු සුපිරි මගේ...!!!! (නි)