මිහින්තලා රක්‍ෂිතයේ හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සාර්ථක ලෙස යොදා ගත්තේය.
මිහින්තලා කඳුපාමුල පිහිටි මහකනදරාව වැවෙන් ජලය ගෙන ගින්න පැතිර යෑම මැඩ පැවැත්වූ බව ගුවන් හමුදාව කියයි. බම්බි බකට් නම් විශාල බාල්දියක් හෙළිකොප්ටරයට අමුණා ගැනිණි. හය වතාවක් ගින්න පැතිරුණ ප්‍රදේශයට ජලය හෙළු බව ද ගුවන් හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉෂාර, මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් කොහොමද බම්බි බකට් එක ක්‍රියා කරන්නෙ කියල බලා ගන්න. (නි) http://www.youtube.com/watch?v=JdvnOLCHdrs
අපේ රණවිරුවන්ට ගෙඩක් ස්තුතියි. නමුත් අපරාදේ කැළයට ගොඩක් හානි සිදුවෙලා වගේ.(නදී)
ත්‍රිවිධ හමුදාවට මගේ ප්‍රණාමය! සියළු දෙවියන් ඔවුන් රකීවා! (නි)
අප රටේ ගුවන් හමුදාව සහ එය හසුරුවන්න පුහුණුව දුන් අසල්වැසි ඉන්දියාවටද අපගේ ස්තුතිය පුද කරමු (නි)
ඒ වතුර ටික හලන්නේ කොහොමද? (නි)
ඔය මහා බලගතු දේශපාලකයන්ට බැරිද ගින්න නිවන්න උදවුවක් කරන්න? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සුර වීර සෙබළුන්ට මගේ උපහාරය! (නි)
මේ රටට ඉතිං හැමදාම රණවිරුවන්ගෙ සරණ තමයි... (අ)
හැම ගින්නක්ම නිවන අපේ හමුදා විරුවන් සැමට යෝදබල ,යෝද ශක්තිය හා දීර්ගායුෂ පතමු.(නදී)
රටේ සියලුම අපදා අවස්ථා වලදී මැදිහත් වන රණවිරුවන්ට මගේ ගෞරවනීය ප්‍රණාමය! (නි)