ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 29 වන මුලික පැරෂුටි පාඨමාලාව හැදෑරූ ගුවන් භටයන් හා කාන්තාවන් විසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ගුවන් හමුදා කඳවුරේදී අද උදෑසන පැවැතිවිණි.
මෙම පාඨමාලාව සාර්ථකව අවසන්කල ගුවන් හමුදා නිළධාරින් 07 දෙනෙකු, ගුවන් භටයන් 26 දෙනෙකු හා ගුවන් කාන්තාවක් ඇතුළු ගුවන් හමුදාවේ 34 දෙනෙකු ද, පොලිස් විශේෂ බලකා නිළධාරියකු , පොලිස් විශේෂ බලකා සෙබලෙකු හා නාවික හමුදා සෙබලෙකු ඇතුළු රණවිරුවන් 37 දෙනෙකු හට පැරෂුටි නිළ ලාංඡන පැලදවිම ගුවන් හමුදාපතිවරයා විසින් සිදූකරන ලදි
නිල් අහස ඡයගත් විරුවන් අතුරින් පාඨමාලාව තුල දැක්වු දක්ෂතාවයන් වෙනුවෙන් දක්ෂතම පැරෂුටි භටයාට හිමි කුසලානය 31555 කොප්‍රල් එමි.කේ.ඒඡි.ඒඑ.න් කිත්සිරි හිමිකර ගත්තේය.
මෙම අවස්ථාව විචිත්‍රවත් කරමින් අඩ් 5000 ක් ඉහල අහසේ සිට නිදහසේ පොලව මතට පතිත වෙමින් ශී ලංකා ගුවන් හමුදා පැරෂුටි කණ්ඩායම පැරෂුටි සංදර්ශනයක්ද, ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම තුර්ය වාදක සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරින්, අමිපාර ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි ගෘප් කැෆ්ටන් චමින්ද වික්‍රමරත්න, පැරෂුටි පුහුණූ පාසලේ අණදෙන නිළධාරි වින්ග් කර්මාන්ඩර් ඡගත් ගොඩකන්ද ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින් මෙන්ම සෙසු නිලයන් ඇතුළු මෙම පාඨමාලාවෙන් විසිරයන විරුවන් ගේ පවුල් වල සාමාඡික සාමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදා පැරෂුට් දස්කම්
සුජාත දිසානායක Friday, 06 February 2015 01:36 PM
ඔබලා අපේ රටට ආඩම්බරයක්.(හේ)
මහින්ද Friday, 06 February 2015 02:20 PM
මේ දේවල් දකින කොට අපිට ගොඩක් ආඩම්බරයි.(හේ)