දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරයේ කිලෝමීටර 142 ක දුරකින් දඹුල්ලේ සිට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය දක්වා අද (17) පැවැති අවසන් අදියර ජය ගැනීමට යුද හමුදාවේ ලක්‍ෂමන් විජේරත්න සමත්විය. ලක්‍ෂමන් පැය 3. විනාඩි 02. 03 ක කාලයකින් තරගය අවසන් කළ අතර යුද හමුදාවේම ක‍්‍රීඩකයන් වු මීමනගේ පෙරේරා සහ සමීර චතුරංග (පැය 3. විනාඩි 02.18) අවසානය තියුණු තරගයක් කරමින් එකම කාලයකින් නිම කර එහි පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබුහ.
අදියර දෙකක් අවසානයේදී අඩුම කාලයක් වාර්තා කර සමස්ත තරගයේ පෙරමුණේ පසු වු ගුවන් හමුදා ක‍්‍රීඩකයන් වු ජීවන් ජයසිංහ, බුද්ධික වර්ණකුලසුරියට සහ සුජිත් සිල්වාට පළමු තරගකරුවන් අතරට ඒමට එහිදී අවස්ථාව අහිමි වුහ. මෙම තරගකරුවන් තිදෙනා පළමු තරගකරුවන් 15 අතර සිටීම නිසා ඔවුන්ගෙන් එක් අයෙකුට ශූරතාව හිමිකර ගැනීමේ අවස්ථාව හිමවනු ඇතැයි ද වාර්තාවේ.
අවසන් අදියරේ දුෂ්කරම මාර්ගය වු ඔමාරගොල්ල කඳු ප‍්‍රදේශයේදී කන්ටේනර් රථයක් අනතුරකට පත්වීමෙන් මාර්ගය අවහිර වීම නිසා පැයක පමණ කාලයක් තරගය නතර කිරීමට ද සංවිධායක කමිටුවට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියරේ ජය යුද හමුදාවට