
(ගයාන් සූරියආරච්චි)
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ගීගනගේ මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හදාරා මොරටවුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ද හිමිකරගෙන තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ දුෂාන් විජේසිංහ මහතා ඉදිරි සතිය තුළ වෙනත් උසස් තනතුරක් සඳහා පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...