මොරටුව ශාන්ත මයිකල් පාර අසලදී ගුවන් හමුදා නිලධරයකුගේ කාරයට හැපී හත් හැවිරිදි දරුවකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.
දරුවා සීනී ගෙන ඒම සඳහා කඩේට ගොස් එද්දී මේ අනතුර සිදු වු බව පොලීසිය කියයි.
ගුවන් හමුදා නිලධරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුවෙ ගත්කල, තම නිල ඇදුම දාගත්තහම ගොඩක් අය හිතන්නෙ රට එයාලගෙ කියලා. (නි)
ගුවන් හමුදා කාරය රක්ෂණය කර නැද්ද? (නි)
අවුරුදු හතක දරුවෙක් තනියම කඩේට යවපු එක ගැන දෙමවුපියනුත් නැවත වරක් සිතාබැලිය යුතුයි (නි)
හමුදා වාහන අධික වේගයෙන් ධාවනය කරන බව ඔබ සැම දැක ඇති. බොහෝවිට නීති උල්ලංඝනය කරමින් ඔවුන් ගමන් කරන අවස්ථාත් තිබෙනවා (නි)
අම්මාගේ අතින් රස තේ එකක් හදාගෙන බොන්න හිතාගෙන කඩේට ගිය අසරණ දරුවෙක් වෙන්න ඇති. වැරැද්ද රියදුරුගේ නම් අසරණ දෙමව්පියන්ට ඇඟිල්ල දිගුකිරීම වැරදියි. අසරණ දරුවට නිවන් සුව ලැබේවා! (නි)
අවුරුදු හත කියන්නේ ළමයෙකු දෙමාපියන්ගේ රැකවරණය යටතේ සහ නිතරම ඔවුන්ගේ සෙවණැල්ල මෙන් සිටිය යුතු වයසක්. මේවා අනෙක් දෙමව්පියන්ටත් හොඳ පාඩම් (නි)
හරියට දකින්නේ නැතිව දෙයක් කියන්න අමරුයි. දරුවා පාරට පනින්නේ අනතුරක් වෙයි කියන හැගිමෙන් නොවෙයි. ගුවන් හමුදා නිලධාරියද වාහනය පදවන්නේ කුරා කුබියෙකුට වත් හානියක් කරන අදහසින් නොවේ. හමුදා නිලධාරින් වේගයෙන් වාහන පදවනවා ඒක ඇත්ත. ඹවුනට පැවරි ඇති රාජ කරිය ඉටු කිරිමට නම් එසේ යා යුතුයි. හමුදා සේවයට බැදෙන්න කලින් ඹවුනුත් ඹබ අප වගේ හිමින් ගිය අය තමා. ඹවුන් වේගවත් නොවුනා නම් අපට හිමින්වත් යන්න ලැබෙන්නේ නැහැ. (නදී)
දෙයක් උනාට පස්සේ අරයට මෙයාට දොස් නගල පලක් නැහැ. (ස)
අනේ මන්දා අවුරුදු හතේදී මාත් කිට්ටුව තිබෙන කඩයට යනවා එනවා. අපේ ගෙවල් වල වැඩකාරයන් හිටියෙත් නැහැ. දෙමව්පියන් දෙදෙනාම රැකියාවල නිසා අපිට ගෙදර වැඩ කටයුතු වලට පොඩි කාලයේ ඉඳලාම සම්මාදම් වෙන්න සිද්ධ වුනා. කොහොම වුනත් මේ දරුවා ගැන මට හරිම කනගාටුයි. (නදී)
දෙමපියන්ම වැරදි නැහැ මෙතන මක්නිසාද දරුවකු කුඩා කල සිට ගනුදෙනු කිරීම වැනි දේට හුරු වීම හොද දෙයක්. මෙය දෙමාපියන්ට උදව්වක් විදියට ඒ දරුවා කරන්න ඇති. වරද කාටවත් එක වර දැමීමට අපි නොදන්නා නිසා මේ දරුවට මොක් සුව පතමු. රියදුරා කුමන තනතුර දැරුවද සිහි කල්පනවනේ වාහන පැදෙව්වා නම් මෙවන් අනතුරු වලක්වා ගත හැකියි. (නදී)
අයි මිට කලින් අවරුදු 7 ළමයි කඩේ යනවා දැකලම නැද්ද ? (නදී)
අවුරුදු හත වෙනකොට අපේ මව්පියන් මාවත් කිට්ටුව පාත තිබෙන සිල්ලර කඩේට යැව්වා. ඒකේ වරදක් මම නම් දකින්නේ නැහැ . දරුවන්ට වගකීම් කුඩා කල සිට පෙන්වා දුන්නේ නැතිනම් ඔවුන් වැඩිහිටියන් වුන පසුවත් සැම දෙයක්ම අතට පයට කර දිය යුතු තත්වයකට පත් වෙනවා. නමුත් මේ දරුවාට සිදුවූ අනතුර නම් කනගාටුවට කාරනාවක්. (නදී)
මෙතන වෙලා තිබෙන්නේ ළමයාව කඩේට ඇරීමේ ප්‍රශ්නයක් නෙවෙයි. ගුවන් හමුදා භටයා කාර් එක ජෙට් එකක් කියලා හිතලා පදවාගෙන යාම. දරුවාගේ පවුලට මගේ ශෝකය (නදී)
මෙතන මව්පියන්ට දොස් කියන්න බැහැ. දරුවෙකුට කුඩා කාලයේ සිටම පොඩි පොඩි වගකීම් භාර දුන්නේ නැතිනම් වැඩිහිටියන් වුනාට පසුව සමාජය ගැන නිවැරදි අවබෝධයක් එන්නේ නැහැ . දරුවාට නිවන් සුව ! (ස)
අබුද්දස්ස කාලේ වරද දෙමාපියන්ට පටවලා හමුදා වාහනයට වන්දිත් ගෙවලා ඔවුන්ට හිරේ යන්නත් වෙයිද දන්නේ නැහැ. (ස)
සැම්සන් ගේ දෙමාපියන් ඔහුගේ පිටුපස සෙවනැල්ල වගේ සිටිය යුතුයි. පෙනෙන හැටියට වයස 3-4 ක පොඩි බබෙක් වගේ. අපිනම් දන්නා හැටියට ඔය වයසේ ළමයෙක්ව කඩේ යවන එකේ වැරද්දක් නැහැ. අපිත් ගියා. හමුදාවේ, පොලිසියේ , ඇමතිගොල්ලෝ වාහන එලවන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හිතන්නේ. පව් පොඩි දරුවා. අසරණ දෙමාපියන් ...(ස)
මියගිය දරුවාට නිවන් සුව ! පුවතට අදාළ නැති වුනත් තනියම කඩේට ගිහිල්ලවත් පුරුද්දක් නැති අපේ නැනා කෙනෙක් , ගැන කියන්න හිතුනා. ඔක්කොම අතට පයට ගෙදර උදවිය කරලා දීපු පුරුද්දට විවාහ වුනාට පසුවත් ගෙදර ගෑස් ඉවර වුනාම ඇගේ මහ ගෙදර උදවියට කතා කරලා තමා ගෑස් ගෙන්න ගන්නේ . ජයන්ත මහතා ලියපු දේ නිසා මට මේ ටික කියන්න හිතුනේ. (ස)
මේ රටේ රිය පදවන ආරක්ෂක අංශ වල අයට විනය නීති මාලාවක් වෙනම හදුන්වා දිය යුතු කාලය එළඹ ඇත (නදී)
රුවනි ,ඔයාගේ අය්යට අබ සරණයි .පවු කොල්ලා.අහිංසකයා. (ස)
ඉස්සර අවරුදු 7 ක ළමයෙක් කඩේ යවන එක අමුතු දෙයක් නෙවෙයි. නමුත් අද රටේ එහෙම කරන්න බැහැ. මිනිස්සුන්ගේ ඉවසීම හා ගුණධර්ම අන්තිමට පිරිහිලා. කොච්චර වටිනා ජීවිතයක්ද නැති වුනේ. (ස)
දරුවා ලොකු කුඩා කියන එක කඩේකට යවන්න ප්‍රශ්නයක් නැත. ගුවන් භටයා වාහනය අතට ගත්තම උජාරුවක් හිතල පාගන්න ඇති.පව් අසරණ දරුපැටිය. (ස)
ලෝකයේ දියුණු රටවල දේශපාලකයන් සහ හමුදා නිලධාරීන් සිටින්නේ ජනතාවට සේවය කිරීමටය. අපගේ රටේ ජනතාව දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වහලුන් බවට පත්ව ඇති අතර ඔවුන් පරිවාර ආරක්ෂක වාහන පිරිවරාගෙන එනවිට අපට සිදුවන්නේ කණුවට බැස ජීවිතය රැකගන්නටය. එක එක්කෙනා ඡන්දයට පෙර එක එක බහුබූත දෙසාබෑවාට ඡන්දයෙන් පසු කරන්නේ එකම දෙයකි. ඒ සුරාකෑමය. (නි)
ඒ කාලේ අපි පාසලට සැතපුම් හතරක් පයින් එනවා.ඒ වැස්සේ තෙමි තෙමී.කූඩැල්ලෝ කඩ කඩා. කුඹුරුවල වතුපිටි වල වැඩට දෙමාපියන්ට උදවු වෙනවා, හරකුන්ගෙන් කිරි දොවනවා.උන්ව දිගේලි කරන්න එහෙ මෙහෙ අරගෙන යනවා.උන් පස්සේ දුවනවා. පුවක් ගස් පොල්ගස්වල නගිනවා. ගඟේ පැනලා පීනලා නානවා, තනියම මහා කැලේ ඇවිදිනවා. කාලයාගේ ඇවෑමෙන් දැන් ඒ සියල්ල බරපතල විදිහට වෙනස් වෙලා. දැන් ළමයෙකුට කඩේට ගිහින් එන්නවත් බැහැ (නි)