IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවන් හමුදා අන්තර් ඒකක අවි/සරඹ ජය රත්මලානට

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ  අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය  පයින් ලෙප්ටිනන් ජයතිලක අණදුන් ගුවන් හමුදා රත්මලාන කදවුරු කණ්ඩායම  දිනාගත්තේය.  

එහි අනුශූරතාවය පයින් ඔපිසර් විජයවික‍්‍රම අණදුන් කටුනායක ගුවන් හමුදා  කණ්ඩායමද  එහි තුන්වන ස්ථානය  පයිලට්  ඔපිසර්  ගංගොඩවිල අණදුන්  ඉරණමඩු ගුවන් හමුදා කදවුරු කණ්ඩායමද හිමි  කර ගන්නා  ලදී. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව  වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි අතරින්  සුවිශේෂි තැනක් හිමි කරගන්නා මෙම  තරගාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ  අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන්  කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

තරගාවලිය සඳහා දිවයින පුරා ඇති ගුවන් හමුදා කඳවුරු වලින් කණ්ඩායම් 23 ක් තරග වැදුනහ.

මීට සමගාමිව තූර්යවාදක කණ්ඩායමි තරගද පැවැත්වුණු අතර ගුවන් හමුදා විද්‍යාපීට කදවුර චීනවරාය හා දියතලාව කදවුරු කණ්ඩායමි පිළිවෙලින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබු අතර එහදි කටුනායක  තූර්‍යවාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනාගැනීමට ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීට කදවුර තුර්‍ය වාදක කණ්ඩායම සමත් විය.

 

 



අදහස් (0)

ගුවන් හමුදා අන්තර් ඒකක අවි/සරඹ ජය රත්මලානට

පිටිගල Friday, 04 October 2013 01:24 PM

දිනේවා! අපේ ගුවන් හමුදාව. (නි)

:       0       0

රෝහණ Saturday, 05 October 2013 11:58 AM

ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක්. ජයශ්‍රී අපේ ගුවන් හමුදාවට!

:       0       0

සිරියලතා Friday, 04 October 2013 01:47 PM

පිටිගල, ඔන්න කිව්වා හොද වචනයක් කාලෙකට පස්සේ (නි)

:       0       0

රිහාන් Friday, 04 October 2013 10:21 PM

ආඩම්බරයි (දී)

:       0       0

අනුරාධ. Friday, 04 October 2013 03:05 PM

බලන්නකෝ මොන තරම් අගේද කියලා. (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 October 2013 01:39 AM

අනේ ඉතාලි පිටිගලට බනින්න එපා. එයා ඉදලා හිටලා හොද දේවලුත් ලියනවා (නි)

:       0       0

පිටිගල Friday, 04 October 2013 04:52 PM

සිරියලතා, මම ඉතාලියේ පිටිගල නෙවෙයි. මම මීට පෙර කිව්වේ නරක වචනද?පොඩ්ඩක් හොයලා බලලා කියන්න.මම නරක වචනයක් කියපු තැනක්. මම නිවැරදි කර ගන්නම්. (නි)

:       0       0

බණ්ඩා Saturday, 05 October 2013 04:13 AM

යුද ප්ලේන් ටිකකුත් ගත්තම නරකද ? (නි)

:       0       0

අමරසේන Friday, 04 October 2013 07:09 PM

පිටිගල අසුභවාදී අාකල්පයෙන් බලන්න එපා. සිරියලතා ඔබ ගැන කිවුවේ සුභවාදී දෙයක්. (නි)

:       0       0

දිසානායක Saturday, 05 October 2013 07:50 AM

මොකද කට්ටිය හිතන්නේ හොදද නරකද (දී)

:       0       0

සමන් . Saturday, 05 October 2013 09:20 AM

අනේ සන්තෝසයි අනේ ඇත්තමයි

:       0       0

සතිස් Friday, 04 October 2013 08:40 PM

මෙහි පයින් ලෙෆ්ටිනන් සහ පයින් ඔෆ්ෆිසර් යන වචන ෆ්ලයිට් ලෙෆ්ටිනන් සහ ෆ්ලයින් ඔෆිසර් ලෙස වෙනස් විය යුතුය්. ගුවන් හමුදාවට සුබ පතමි. ස්තුතියි. (අ)

:       0       0

රනුක Friday, 04 October 2013 08:40 PM

ගුවන් හමුදාවට සුබ පතමි. (දී)

:       0       0

මගලි ප්‍රනාන්දු Friday, 04 October 2013 08:50 PM

ඔව් අනේ මන්ද හොද වචනයක් කිව්ව කිවමත් කේන්ති යනවා .ඔයා ඉතාලි පිටිගලගේ නෑයෙක් වගේ ......(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site