ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය පයින් ලෙප්ටිනන් ජයතිලක අණදුන් ගුවන් හමුදා රත්මලාන කදවුරු කණ්ඩායම දිනාගත්තේය.
එහි අනුශූරතාවය පයින් ඔපිසර් විජයවික‍්‍රම අණදුන් කටුනායක ගුවන් හමුදා කණ්ඩායමද එහි තුන්වන ස්ථානය පයිලට් ඔපිසර් ගංගොඩවිල අණදුන් ඉරණමඩු ගුවන් හමුදා කදවුරු කණ්ඩායමද හිමි කර ගන්නා ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි අතරින් සුවිශේෂි තැනක් හිමි කරගන්නා මෙම තරගාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
තරගාවලිය සඳහා දිවයින පුරා ඇති ගුවන් හමුදා කඳවුරු වලින් කණ්ඩායම් 23 ක් තරග වැදුනහ.
මීට සමගාමිව තූර්යවාදක කණ්ඩායමි තරගද පැවැත්වුණු අතර ගුවන් හමුදා විද්‍යාපීට කදවුර චීනවරාය හා දියතලාව කදවුරු කණ්ඩායමි පිළිවෙලින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබු අතර එහදි කටුනායක තූර්‍යවාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනාගැනීමට ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීට කදවුර තුර්‍ය වාදක කණ්ඩායම සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේවා! අපේ ගුවන් හමුදාව. (නි)
ශ්රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක්. ජයශ්‍රී අපේ ගුවන් හමුදාවට!
පිටිගල, ඔන්න කිව්වා හොද වචනයක් කාලෙකට පස්සේ (නි)
ආඩම්බරයි (දී)
බලන්නකෝ මොන තරම් අගේද කියලා. (නි)
අනේ ඉතාලි පිටිගලට බනින්න එපා. එයා ඉදලා හිටලා හොද දේවලුත් ලියනවා (නි)
සිරියලතා, මම ඉතාලියේ පිටිගල නෙවෙයි. මම මීට පෙර කිව්වේ නරක වචනද?පොඩ්ඩක් හොයලා බලලා කියන්න.මම නරක වචනයක් කියපු තැනක්. මම නිවැරදි කර ගන්නම්. (නි)
යුද ප්ලේන් ටිකකුත් ගත්තම නරකද ? (නි)
පිටිගල අසුභවාදී අාකල්පයෙන් බලන්න එපා. සිරියලතා ඔබ ගැන කිවුවේ සුභවාදී දෙයක්. (නි)
මොකද කට්ටිය හිතන්නේ හොදද නරකද (දී)
අනේ සන්තෝසයි අනේ ඇත්තමයි
මෙහි පයින් ලෙෆ්ටිනන් සහ පයින් ඔෆ්ෆිසර් යන වචන ෆ්ලයිට් ලෙෆ්ටිනන් සහ ෆ්ලයින් ඔෆිසර් ලෙස වෙනස් විය යුතුය්. ගුවන් හමුදාවට සුබ පතමි. ස්තුතියි. (අ)
ගුවන් හමුදාවට සුබ පතමි. (දී)
ඔව් අනේ මන්ද හොද වචනයක් කිව්ව කිවමත් කේන්ති යනවා .ඔයා ඉතාලි පිටිගලගේ නෑයෙක් වගේ ......(දී)