(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.
ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශි සංවිධානාත්මක අපරාධකරුකු සහ ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගේ සහෝදරියකු බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයත් සමගම පොලිසිය සැකකරුවට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ ග්‍රාමසේවක මැරුවේ මෙහෙමයි ..බෙල්ල කපල ..බොඩි එක ළඟ පෝස්ටර්ස් වගයක් දාල ගිහින් තිබුන
සංවිධානාත්මකව ඝාතකයන් අල්ලා ගැනීමට හැකිවීම පිළිබඳව අදාල නිළධාරින්ට අපගේ ප්‍රණාමය! මෙවැනි අවස්ථා වලදී වැටලීම් වලට සම්බන්ධ නිලධාරින්ගේනම් හෙළි නොකිරීම ඉතා හොඳයි කියලයි හිතෙන්නේ.
සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක් කියන්නෙ බෙල්ල කැපූ (අලුගෝසුවා ) කෙනා ගෑනියෙක්ද
ඝාතනයට හේතුව පිළිබදව එලිනොවූ කරුණු ඇති බව පෙනේ.
අපේ රටේ මරණීය දණ්ඩනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි. එතකොට මෙවෙනි අපරාධ අනිවාර්යයෙන්ම අඩු වෙයි. දැන් මේකට ඩිස් ලයික් දාන කට්ටිය නිලධාරිනියගේ දරුවට ආදරණීය මවක් වී සැමියාට ආදරණීය බිරිඳක් වෙනවද ???
අපරාධ කරු වහා කොටුකර ගැනීම පිළිබඳව පොලීසියට සමස්ථ රටේම ප්‍රණාමය හිමි විය යුතුය. දැන් මේ මිනීමරුවා බේරා ගැනීමට කළුකෝට් කාරයින් පොදි බැඳී ඉදිරිපතු වනු ඇත. වසර ගණනාවක් කෙස් පැලෙන තර්ක විතර්ක වලින් පසු මෙවැනි අපරාධකරුවෙකු.නිදොස් කොට නිදහස් වුවහොතු ඔහු මුවෙන් නොව වෙනත් තැනකින් හිනා වෙන්නේ රටේ නීතියට ය.
ඕනෙ ඔට්ටුවක්...සති දෙක තුනක් රිමාන්ඩ් එකේ ඉඳලා ඇප පිට නිදහස් වෙලා යන්නැද්ද බලමු.. අපේ රටේ ගොන් නීති....
අහන්න දෙයක් නෑ. දැන් නමගිය කලුකෝට් කාරයො. ටික පොරකනවා ඇති මෙයාව බේරගන්න. රටකට ගිය කලක්…!