IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදි අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශි සංවිධානාත්මක අපරාධකරුකු සහ ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගේ සහෝදරියකු බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයත් සමගම පොලිසිය සැකකරුවට විදේශ ගමන් තහනමක් ද පැනවීය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (11)

ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදි අල්ලයි

Lal Wednesday, 10 January 2024 07:45 AM

ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ ග්‍රාමසේවක මැරුවේ මෙහෙමයි ..බෙල්ල කපල ..බොඩි එක ළඟ පෝස්ටර්ස් වගයක් දාල ගිහින් තිබුන

:       24       13

dumindaWednesday, 10 January 2024 12:24 PM

මෙයා දන්න දේවල්...

:       2       6

Rata PerataWednesday, 10 January 2024 01:03 PM

ඒ අත්දැකීම තමන්ටත් නොලැබුණේ අපේ රටේ අවාසනාවට හිතෙනවා. ග්‍රාමසේවක නම් පවු. ඒ කාලේ ඒ වැඩෙන් කොච්චර අහිංසක මිනිස්සු නැති වුණාද? ඒ වගේම මේ වගේ අය ගොඩක් මග හැරිලා...

:       5       4

චන්දන Wednesday, 10 January 2024 07:53 AM

සංවිධානාත්මකව ඝාතකයන් අල්ලා ගැනීමට හැකිවීම පිළිබඳව අදාල නිළධාරින්ට අපගේ ප්‍රණාමය! මෙවැනි අවස්ථා වලදී වැටලීම් වලට සම්බන්ධ නිලධාරින්ගේනම් හෙළි නොකිරීම ඉතා හොඳයි කියලයි හිතෙන්නේ.

:       0       34

රූපිකා Wednesday, 10 January 2024 08:20 AM

සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක් කියන්නෙ බෙල්ල කැපූ (අලුගෝසුවා ) කෙනා ගෑනියෙක්ද

:       0       18

පැරකුම් Wednesday, 10 January 2024 08:24 AM

ඝාතනයට හේතුව පිළිබදව එලිනොවූ කරුණු ඇති බව පෙනේ.

:       1       14

පැරකුම්Wednesday, 10 January 2024 02:59 PM

අපි හිතපු හැටි හරි නේද? දොස්තර මහත්තයාගේ නෝනා පාතාල කල්ලි නායකයෙක් එක්ක තිබ්බ සම්බන්ධය කඩපු එකට දීපු දඬුවම කොහොමද?

:       0       2

Amal Wednesday, 10 January 2024 09:18 AM

අපේ රටේ මරණීය දණ්ඩනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි. එතකොට මෙවෙනි අපරාධ අනිවාර්යයෙන්ම අඩු වෙයි. දැන් මේකට ඩිස් ලයික් දාන කට්ටිය නිලධාරිනියගේ දරුවට ආදරණීය මවක් වී සැමියාට ආදරණීය බිරිඳක් වෙනවද ???

:       1       27

රංබොඩ Wednesday, 10 January 2024 11:00 AM

අපරාධ කරු වහා කොටුකර ගැනීම පිළිබඳව පොලීසියට සමස්ථ රටේම ප්‍රණාමය හිමි විය යුතුය. දැන් මේ මිනීමරුවා බේරා ගැනීමට කළුකෝට් කාරයින් පොදි බැඳී ඉදිරිපතු වනු ඇත. වසර ගණනාවක් කෙස් පැලෙන තර්ක විතර්ක වලින් පසු මෙවැනි අපරාධකරුවෙකු.නිදොස් කොට නිදහස් වුවහොතු ඔහු මුවෙන් නොව වෙනත් තැනකින් හිනා වෙන්නේ රටේ නීතියට ය.

:       0       25

Rosa Wednesday, 10 January 2024 11:40 AM

ඕනෙ ඔට්ටුවක්...සති දෙක තුනක් රිමාන්ඩ් එකේ ඉඳලා ඇප පිට නිදහස් වෙලා යන්නැද්ද බලමු.. අපේ රටේ ගොන් නීති....

:       0       20

පැරකුම් Wednesday, 10 January 2024 04:48 PM

අහන්න දෙයක් නෑ. දැන් නමගිය කලුකෝට් කාරයො. ටික පොරකනවා ඇති මෙයාව බේරගන්න. රටකට ගිය කලක්…!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site