බොහෝ විදෙස් වෙබ් අඩවිවල හා ශ්‍රීලංකාවේ මාධ්‍යවල කථා බහට ලක්වූ පුවතක්වූවේ, 2013/07/01 දින, ශ්‍රී ලාංකික බීමත් ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් අඩි 35000ක් පමණ ඉහළ අහසේදී බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි දොරටුවක් විවෘතකිරීමකට ගත උත්සාහයක් පිළිබඳවය.
මෙම වීඩීයෝ දෙකෙන් ගුවන්යානාවක හදිසි දොරටුවක් හා සාමාන්‍ය දොරටුවක් විවෘතකරනා අයුරු දැකබලාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයක් හතරක් නොදන්නා පොඩි දරුවෙක් මේක කලානම් නොදැනුවත්කම නිසා කියල කියන්න පුළුවන්. නමුත් ඇමති පුතෙක් මේ වගේ දෙයක් කෙරුවේ එයාල ලංකාවේ අසරණයින්ට ලොකුකම් පෙන්වනවා වගේ ලෙහෙසියි කියල හිතලද දන්නේ නැහැ. මෙවැනි ක්‍රියාවලින් අපකීර්තියට පත්වන්නේ මුළු ශ්‍රී ලංකාවම. මේවට විනය ක්‍රියා මාර්ග නොගන්නේ එයා ඇමති පුතෙක් නිසාද....? (නදී)
ඇමති පුතා අරින්න හැදුවේ ගුවන් යානයේ හදිසි දොරක් නෙමේ. කපිතාන් ඉන්න කැබින් එකේ දොර.(නදී)
මේයාගේ පවුලේ ඔක්කොම් අය නින්දෙද ඉන්නේ?(නදී)
රඹුක්වැල්ල කල දේ සංගක්කාර කළා නම් කට්ටිය මොනවද කියන්නේ?(නදී)
බිවුවාම ඕවා මතක නැහැ (දී)
සිහියෙන් ඉන්න මිනිස්සු නම් දන්නවා (දී)
"දොර අරින්න තරම් මම මීහරකෙක් නෙමේ " කියල ඔය කිව්වට පුතේ උඹ මීහරකම තමා. ඒවාට සාක්කි තියෙනවා පැටියෝ (අ)
මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)
ප්‍රදීපා ඇයි කලබල වෙලා. ප්‍රසන්න නිකන් විස්තරේ එවලා තියෙන්නේ. ඔයාට මොකද එච්චර ඩෝන් ගියේ ?(නදී)
සමහර මාධ්‍ය කාරයෝ දේශපාලකයන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ පුතුන්ටත් කඩේ යනවා..ප්‍රදීපා...ඔය හිත නරක්කරගන්න එපා.(නදී)
මම නම් මොකුත් කියන්නේ නැහැ . (දී)
ඒ උනාට සමහර ප්‍රසිද්ධ ගුවන් සේවාවල, කඩාකප්පල් කාරී ගුවන් මගින් මෙවැනි දේවල් කරන්න උත්සාහ කරලා තියේනවා. ඒවාට හොද පුවත් වටිනාකමකුත් ලැබී තියෙනවා.(නදී)
අහෝ ලංකාවට කලක් (දී)
බලනකොට මේ අය වැරදි කරලම නැහැනේ (විස්තර දමන අය ) (නි)
ජීව්තයේ පලවෙනි වරට රටයන ගම්බද දුප්පත් නංගිලත් දන්නවා ගුවන්යානයේ වැසිකිලියේ දොර අරින විදිහ. (නදී)
හොද වැඩක්
ඒ වැඩේ නම් වටිනවා (දී)
මහත්තයෝ මෙවන් වැඩ වලින් වෙන්නේ ලංකාවේ නම කතාවෙන එක (දී)
මෙය අපගේ අධ්‍යාපන ක්‍රමයේ වරදක්. මිනිහෙකුට පවුලකට දොස් කියලා වැඩක් නැහැ. පොදු ගැටලුවක දී අපි වැඩ කරන හැටි දුටුවම තාමත් අපි පළමු වසර ඉගෙන ගන්නේ.රටේ හැම ගැටලුවකම මේ බව පෙනෙනවා (නි)
වාර්තාකරුටත් ඇමතිකමක් ? (දී)
අනික මෙයා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට ගියපු කෙනෙක්. (නි)
එයාව අපි ජාතික ලැයිස්තුවෙන් ගුවන්සේවා ඇමති කරමුද? (නි)
ඇමති පුතෙක් නම් ඔහොම දෙයක් කලාම මොකද අනේ? කලබල වෙන්න දෙයක් නැහැ. ඕවා මොනවද අපේ රටේ ඇමති දරුවන්ට (නි)
බොන එකවත් වැදගත් විදියට තමන්ගේ ප්‍රමාණය දැනගෙන බොන්න. වෙච්ච් දේ ගැන ශ්‍රී ලාංකිකයෝ විදියට අපි කවුරුත් ලජ්ජා වෙන්න ඕනෑ.... (නි)
මෙයා කණ්ඩායමෙන් ඉවත් කලානම් ඉවරයිනේ. මෙයා සුපිරි ක්‍රීඩකයෙක් නෙවෙයිනේ. මෙයා නැති උනාට තරග පරදින්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නය ඉවරයි. නැත්නම් අපේ ක්‍රීඩකයෝ හැමෝම මේ වගේ පිස්සු නටන්න ගත්තොත් අපි ඉවරයි.(නදී)
මම හිතන්නේ මේක දොරවල් සම්බන්ධ පරම්පරාගත ලෙඩක් (නි)
මොන පිස්සුද, එය බිලා ඉදාල නැහැ. දොර අරිනවා දන්නෙත් නැහැ. මොකද එයා නින්දෙන් ඇවිදිනවා, ඒ හින්දා එයාට මොකුත් මතක නැහැ අනේද කියන්නේ.(නදී)
මුලදී කීවේ ආලෝකය මදිකම නිසා වැසිකිලි දොර කියලා හදිසි දොර අරින්න හැදුවා කියලා. දැන් කියනවා හීනෙන් ඇවිදිනවලු. ඔය දැන් කියන දේවල් කියන්නෙත් හීනෙන්ද දන්නේ නැහැ. ජිප්සීස්ලගේ සින්දුව මතක් වෙනවා මේ වෙලාවට "කොන්ඩේ බැදපු චීන්නුන්ට ඕවා කියපන් ". (නි)
අද ගෙදර නෝනත් නෑ. මටත් වෙන වැඩකුත් නෑ.(ස)
අයියෝ රටට ගිය කල.. !!
කපිල, සංගක්කාර නීතිඥයෙක්. උගත් මනුස්සයෙක්.(නදී)
සතියේ හොදම ප්‍රබන්දය. මොනා හරි නිව්ස් එකක් ගේනවා අපේ ඇමති පුත්තු ටික නම් දිනපතා. බොරු කියක් කියන්න උනාද කරපු ගොන් වැඩේ වහන්න. මෙයා 19 පහල කණ්ඩායමේත් ඉන්නේ දේශපාලනය නිසා මිසක් සුදුසුකමකට නෙවේ, මිට වඩා දක්ෂ කොල්ලෝ 100ක් විතර ඉන්නවා. මෙය වඩා උඩ ලැයිස්තුවේ, අපේ රටේ ඕන බලු වැඩක් කරලා ලේසියෙන් ගැලවෙන්න පුළුවන්නේ ඇමතිලටයි පවුල් වල අයටයි.(නදී)
ලංකාව ලෝකයා අතරේ හෑල්ලුවට ලක්වෙනවා (දී)
රට යන අයට ලබා දෙන විදේශ සෙවා ඵකේ සුමාන 3 පාඨමාලාව මෙයාට උසාවියක් මාර්ගයෙන් කරන්ඩ කියල නියෝගයක් දුන්නනන් තමයි හොඳ.(අ)
අර කතාවක් තිබුනේ එක තරුණයෙක් යාලුවෙකුගේ ගෙදර ගිහින් ඩ්‍රින්ක් එකක් දාලා රෑ නිදාගෙන ඉද්දි මුත්‍රා බරක් හැදිලා දොර ඇරලා මුත්‍රා කරන ගමන්, ආ අද හොඳට හඳත් පායලා තියෙන්නේ කියලා කිව්වලු. ඒත් ඔහු ගෙදර ශීතකරණය ඇරලා තමයි මුත්‍රා කරලා තියෙන්නේ (නි)
තොත්ත බබාල කියනවා වැසිකිලිය කියා සිතාගෙන පිටවෙන දොර අරින්න ගියාලු. කුමන ගුවන් යානයේද වැසිකිලියක් ජනේල පැත්තට හදල තිබෙන්නේ. එක බොරුවක් වහන්න තවත් බොරු දුසිම් ගණන් කියන්න හදනවා. නින්දෙන් ඇවිදින කෙනෙකුට ක්‍රිකට් ගහන්න පුළුවන්ද කියා පොඩ්ඩක් සොයා බැලුවා නම් ෂෝක්.(නදී)
සුසන්ත, ඩිලිත, සුජීවා, සංගක්කාර සහ යහලි ගැනනම් මම ඔයාලට වඩා දන්නවා මම හිතන්නේ. තාම මිනිහා නීතිඥයෙක් වුනේ නැහැලු. පුද්ගල ප්‍රති රූප වලට පහර ගහනවට වඩා වැරදුනු තැනට පිළියම් කලොත් හොද නැද්ද ? (නදී)
රියසල් එකක් දීල නැහැ.(නදී)
මහේෂ්ට පොඩ්ඩක් වැරදිලා. දැන් කව්ද ළමයෝ ඡන්දෙ දීල පත්කරන්නේ? දැන් ඕටෝමැටික් ක්‍රමයට ඇමතිවරු පත්වෙන්නේ.(නදී)
ආස්චර්‍යමත් ශ්‍රී ලංකාවේ ආද්චර්‍යමත් පුතෙක්. (නදී)
දැන් අළුත්ම කතාවක් කියනවා. පුතා රෑට හැමදාම හීනෙන් අවිදිනවලු, ඔය දොර අරින්න ගියෙත් හීනෙන්ලු බීල නෙමේලු. මතකද මීට කලින් සිද්ධිය , ඒකත් හීනෙන්ද . එතකොට මෙයා දහනමයෙන් පහළ සෙල්ලම් කළේ.(නදී)
තණකොළ නැති නිසානේ පොල්ගසින් බහින්නේ (නි)
වැසිකිලි දොරයි, එලියට යන දොරයි දන්නේ නැති මෝඩයෙක්ද? (ස)
මේ වීඩියෝ දෙකේම තියෙන්නේ එකම දේ...(නදී)
මෙ කියන ක්‍රීඩකයා කවද්ද කණ්ඩායමට බැදුනේ. කව්රුවත් දන්නේ නැහැනේ මෙයාගේ පුතෙක් ඉන්නවා කියලා.(නදී)
ඕක සුලු දෙයක්. දවසක් මටත් හිතුනා ෆ්ලයිට් එකේ දොර ඇරලා බලන්න උඩදි බිම ඉන්න මිනිස්සු කොහොමද කියල බලන්න..(( ((නදී)
එයා පළාත් ඡන්දෙට එයි ළගදිම (නි)
මහේෂ් හරියටම හරි "අපි උඹලා ඡන්දේ දීලා පත් කර ගන්නේ මේ රට විනාශ කරන කන්ඩායමක් මිසක් රට හදන කන්ඩායහක් නෙවිනේ.(නදී)
මිනිස්සුන්ට කියල දෙන්න ඕනේ නැහැ ඒ වැඩේ (දී)
මෙය බීමතින් කරපු නොසැලකිලිමත් ක්‍රියාවක්,, ඒ ඇරෙන්න මේ දෙයෙන් කෙනෙකුගේ භුද්දී මට්ටමවත් උගත්කමවත් මනින්න අමාරුයි,, මෙතන බොහෝ දෙනෙක් හොයන්නේ ඒ දේ ගැනනේ,, දොර අරියනම් ඉතින් ලොකු විනාශයක් වෙන්න තිබුනා,, (දී)
අපේ රැවුල නැහැනෙ?... අනේ මගෙ කට (නි)
කපිල, සංගක්කාර ගැන අපිට කියන්න ඕනෙ නෑනෙ. සංගක්කාර හොඳ මහත්මයෙක්නේ..(නදී)
"නෙතුමි" ඔයා මෝඩ කතා කියන්න එපා "දොර ඇරියනම් ඉතින් ලොකු විනාශයක්" ගුවන් යානයක් ගුවන් ගත උනාම ඒක ආපහු ගොඩට බස්සනකන් ඒකේ දොර උඩදී කවදාවත් අරින්න බැහැ. බෝම්බයක් ගැහුවොත් මිසක්. ඒ මෙයා රට කෑවා, රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කෑවා.(නදී)
මේ ඇමතිලගෙ පුත්තු ඔහොම තමා මෙයාලට කතාකරනනීතිඥයෝත් මෙලොවම අපාගතවෙනවා (අ)
ලංකාවේ අති දුෂ්කර ගම් වල, උගත්කම අඩු කාන්තාවන් සෑහෙන පිරිසක් ගුවන් යානා වල යනවා රට රස්සා වලට. අපි නම් අහලා නැහැ කවුරුවත් දොරවල් අරින්න ගියා කියලා (නි)
විකාර කියන්නෙ මෙන්න මේවා
හොඳ වෙලාවට නින්දෙන් දොරක් ලඟට ගියේ. (නි)
කපිල , සංගක්කාර කියන්නේ ක්‍රිකට් ලෝකයටම අපගේ රටින් බිහි වුන වැදගත් මහත්මයෙක්, ඔහුට ක්‍රිකට් ලෝකයම ගරු කරනවා. අමනයෝ බිහි කරන කයි වාරු පණ්ඩිතයන්ට සංගක්කාරගේ දෙමවුපියන් ආදර්ශයක්. (නදී)
කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට ,ඇමති පුතෙක් වගේ අය මේවා ගනන් ගන්නේ සුළු දේවල් හැටියට (නි)
මෝඩ වැඩ කරලා හැමදාම රවටන්න බැහැ (නි)
මේකට හරිම උත්තරේ පුතා දීලා තිබුනා මගෙ හිතේ. එයා කියලා තිබුනනේ දොරවල් දෙකේ වෙනස හඳුනාගන්න බැරි වෙන්න මම මී හරකෙක්ද? කියලා. හඳුනාගන්න බැරි වුන නිසානේ මේ අකරතැබ්බේ වුනේ...? නේද? (නි)
මෙයාලට නෙමේ පිස්සු අපිට (නි)
ඇයි දන්නේ නැද්ද මේයානේ කැබිනට් එකට චු... කරපු කෙනා තරු එකක්වත් නැහැ අහසේ කියලා.(නදී)
හොඳ වෙලාවට නින්දෙන් දොරක් ලඟට ගියේ. ඔය වෙලාවට කාන්තාවක් ළඟ හිටියා නම්...? (නි)
මෙයාගේ ගමන් බලපත අහෝසි කරලා ලංකාවේ විතරක් සෙල්ලම් කරන්න දුන්නම ඇති. ගුවන් යානාවලට නගින්න දෙන්න හොඳ නැහැ.(නදී)
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උගත් කම ගැන වැඩිය කලබල වෙන්න එපා. එයාල හැම තිස්සෙම "වෙල් බැටඩ්, වෙල් ප්ලේඩ්, වෙල් බෝල්ඩ්" කට්ටියනේ.(නදී)
මේ දෙකම එකමනේ , දෙකම නොර්මල් ඔර්පනින් , හදිස්සි දොරටු නෙමෙයි.(නදී)
ඡන්දෙ දෙන්න කලින් කට්ටිය මේවා ගැන ටිකක් හිතන්න (නි)
මේ වගේ අය ඡන්දෙන් පත්කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට මම කනගාටු වෙනවා මා ගැනම.(නදී)
කපිල මෝඩ කතා කියන්න එපා. සංඝක්කාර කියන්නේ ශ්‍රී ලංකාවට දායාද කල ශ්‍රේෂ්ට ක්‍රිකට් තරුවක්, වැදගත් මහත්මයෙක්. ඇත්ත තේරුම් ගන්න.(නදී)
ලසිත් මාලිංග කරනම් නොදන්නා කමට කියන්න පුළුවන්. නමුත් මෙයාගේ ඉස්කෝලේ කොළඹ රාජකීය විද්‍යාලය. මෙයාගේ තාත්තා ඇමති. අක්කා යූ.එන් එකේ ලොකු තනතුරක් දරන්නේ. (නදී)
මිනිස්සු දැනුවත් කරන නම් හොදයි (දී)
මෙයා බැදලා පවුලයි නැන්දම්මයි විතරක් එක්ක ගෙදර හිටියනම් රෑට නින්දෙන් යන්නේ කාගාවටද කියල හිතාගන්න බැරිවෙයි. ලංකාවේ හැමෝම මෝඩ නැහැ අනේ.(නදී)
හොද වෙලාවට දොර ඇරුනේ නැත්තේ. නැත්තන් මුදේ හිටපු මාළුන්ට දෙවියන්ගේ පිහිටයි. (නි)
තව ටික දවසකින් මිනියක් මරලා කියයිද දන්නේ නැහැ නින්දෙන් ඇවිද්දා කියලා.(නදී)
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉන්නකොට නියෝජ්‍ය විදුහල්පතිගේ කාමරේ ගැනත් කතාවක් ගියා නේද? (ත)
ඉස්කෝලෙදි ඉගැන්නුවා තට්ටු කරන්නන්ට දොර ඇරේ කියලා සිංහල පිරුලක්. ඒක අත් හදා බැලුවා. බැරිම තැන තාත්තට කියන්න තමයි මම උත්සහ කළේ. මල මගුලයි තාත්තගේ කාමරේ දොර නෙමේලු මම දැනුයි දන්නේ.(නදී)
මේක පෙන්නලා වැඩක් නැහැ. මෙයාට පෙන්නන්න ටොයිලට් එකේ දොර අරින විදිහ. තියෙන තැන. කියල දෙන්න. ඇතුලේ ඉන්නවද නැද්ද කියල දැනගන්න සලකුණත්. (ත)
මන් හිතන්නේ මෙයත් බුදි, මැනේජර් එයත් බුදි, ලග හිටපු අනික් ක්‍රිඩකයොත් බුදි බලාගෙනම ගියාම සේරම බුදි අපි විතරයි ඇහැරිලා.(නදී)
කපිල මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. සංගක්කරලා උගත් දෙමුපියන්ගේ හැදිච්ච දරුවෝ. (නි)
අගා, ලංකාදීපෙට අමාරු ලංකාදීපේ පෙනී හිටින්නේ රට වෙනුවෙන් තේරුනාද ? ඇමති පුතෙක් උනාට මොකද ගෙදරදී වැසිකිලි යන්න ඕනේ උනාම ගිහින් තියෙන්නේ කැලේටද කොහෙද , නැත්නම් ඉතින් ඕනෑම අන්දයෙකුට පේනවා ගුවන්යානයේ වැසිකිලියේ දොර කොහෙද තියෙන්නේ කියලා.(නදී)
දොර ඇරලා කාටත් කලින් වෙස්ට් ඉන්දිස් වලට බහින්න හදලා තියෙන්නේ. මේගොල්ලෝ බොරුවට බයවෙලා (නි)
දොර අරින හැටි කියා දීම අනතුරුදායක දෙයක්. මෝඩ අයියලත් අපේ අහස් යාත්‍රා වල යනවා.මෙම පුද්ගලයන් ඇරෙනවද බලන්න දොර ටිකක් ඇරියත් අහස් යානාවට හා මගීන්ට විශාල විපතක් විය හැකියි. වායු පීඩන වෙනස නිසා අඩි 35000 ක ඉහලකදී මගීන් පවා එලියට විසි වීමට ඉඩ ඇත. (නි)
තාත්තයි පුතාටයි දෙන්නටම තියෙන්නේ එකම ලෙඩේ.......හිනෙන් ඇවිදීම (දී)
මේ වගේ නුගත් මිනිස්සුත් රටේ ඉන්නවනේ...? (නි)
කවද හරි යන්න වෙන්නේ වැසිකිලියටම තමයි ,මඩ ගොඩේ මඩුවට නෙවේ . (දී)
සුදු හුණු ගාන්න වගේ හදන්නේ.(නදී)
මේක ලස්සන වැඩක්. කරපු අයට ගොඩක් ස්තුතියි. (දී)
මෙයත් එක්ක විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙන කෙනෙක් වේ නම් ප්‍රවේශමෙන්! (නි)
පස්සේ මෙයා කියයි දොර මගේ ලගට ආවා කියා. එවිට දොරනේ වැරැද්ද කර ඇත්තේ. දොරට දඩුවම් කලා නම් හරි. මේක ලංකාවේ උසස් අයට විතරක් තියන නීතියක් (නි)
මෙය හුදෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපකීර්තියක් නොවන බව මොලයක් තියෙන ඕනෑම කෙනෙක්ට තේරෙනවා. මේක මෝඩ පුතෙකුගේ ගොන් වැඩක්. ඔන්න මතක තියා ගනිල්ලා අම්මේ/තාත්තේ අපි උඹලා ඡන්දේ දීලා පත් කර ගන්නේ මේ රට විනාශ කිරීමේ කණ්ඩායමක් මිසක් රට දිනීමේ කණ්ඩායමක් නොවන බව. (නදී)
රාජ මහත්තයා හරියට හරි (නි)
ප්‍රසන්න කදිමට මේ වැඩ සටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ස්තුතියි. මේකට වැසිකිලි දොරකුත් අරින වහන හැටි ඉදිරිපත් කරන්න. වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. (දී)
වැසිකිලි දොර කියලා අරින්න හදලා තියෙන්නේ ඔන්න ඔය දොරයි. පේනවා නේද උගත් කමේ තරම.(නදී)
මේක පවුලේ ප්‍රශ්නයක්. අපි කට වහ ගමු (නි)
“කුඩා අවදියේදීත් මෙයා නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක් බීමතින් නොවේ“ “මෙම සිද්ධිය පිළිබඳ එයාගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා එයාට තේරුම් ගියේ පස්‌සේ... ඊට කලින් දවසේ ඒගොල්ලෝ හොඳටම නිදිවරලා හිටියේ. අනික ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් එයා මීහරකෙක් නෙමේලු.“(නදී)
ලංකාදීපෙට මෙච්චර අමාරු මොකද මෙයා කරන වැඩ වලට. මොකද කඩේ යන්න හිතිලද ? නැත්නම් හොදට තියෙන නම නැතිකර ගන්න හිතිලද ? (දී)
දැන් මොන බන කිවත් ශ්‍රී ලංකාවට වෙන්න ඕන අපකිර්තිය වෙලා ඉවරයි. අපේ ක්‍රිකට් කණ්ඩායම තව තවත් මඩ වලේ ගිල්ලවන්නේ නැතිව ඔය පුතාව තාත්තට දීලා කණ්ඩායම සුද්ද බුද්ද කරලා ගන්න.(නදී)
කෝ දැන් අදහස් දාන්න ලැජ්ජද දාපු ලොකු වදන් වල හැටියට.(නදී)
නොදන්නාකමට කරපු වැඩකට ඔච්චර කේන්ති ගන්න එපා....පව්... (නි)
.මෙලෝ රහක්නෑ....(අ)
.අපරාදේ දොර ඇරුන් නැත්තේ කියලා ගමේ කටිටිය නම් කියනවා.(අ)
ඉස්සර මගේ යාළුවෙකුටත් තිබුන හීනෙන් යන ලෙඩේ. (ස)