තමන්ට අයත් නැති බව කියන හයිබ්‍රිඩ් කාරයක් , ජංගම දුරකථන 5 ක් ටැබ්ලට් පරිගණකයක් හා මත්පැන් බෝතල් කිහිපයක්ද සමග වවුනියාව ඉරට්ටපෙරියකුලමේදී අත් අඩංගුවට ගත් ගුවන් හමුදා බළගණ නායක කපුගම ලලිත් නිශාන්ත වව්නියා මහේස්ත්‍රාත් රාම කමලන් මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු කුමක් සඳහා එම ස්ථානයේ රැඳී සිටියේදැයි පැවසීමට අපොහොසත්වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වරැද්ද මොකක්ද? ගුවන් බලගන නයකයෙක් කියන්නෙ සලකියයුතු පඩියක් ගන්න කෙනෙක්. මේ බඩු ටික අයිති යාලුවො මේ හිගන පඩියක් ගන්න මටත් ඉන්නවනෙ. (අ)
අපි දන්නේ නම් මෙතුමා පහුගිය යුද්දේ දී තම ජීවිතය පරදුවට තියල යුද්ද කරලා වීර පදක්කම් තියන වීරයෙක් .... කටකියන්නද මේවා.... ඉක්ක්මන් නිදහස පතනවා ඔබ තුමාට... (අ)
ඔහු ලංකාවේ ගුවන් හමුදාවේ හොදම ගුවන් නියමුවෙක්. එඩිතර විරෝධාර පුද්ගලයෙක්. මිග් 27 යනවල හොදම මෙහෙයුම් කළ නියමුවා. මේක පැලැන් කරලා කරපු වැඩක්.(හේ)
ඇමති පුත්තු කරන වැඩ අල්ලන්න කවුරුත් නැහැ (නි)
මේක වැරදිමක්ද කියලා සැකයි මට (නි)
අවංකකමට ලංකාවේ අද තැනක් නැහැ. (නි)
තමන්ට අයත් නැති ඔච්චර වටිනා භාණ්ඩ තොගය එහෙනම් කාගේද?මෙතන මොකක්හරි ලොකු හුටපටයක් තියෙන හැඩයි.(හේ)
කෙනෙකුට පාරේ යන්නත් බැරිද පොලිසියෙන් අවසර නැතුව ? අනුන්ගේ වහනයක් එලවන්නත් බැරිද ? මෙතුමා යුද වීරයෙක් අපි දන්නා හැටියට ?
එහෙනම් කියන්නේ දැන් රටේ ඕනෑම තැනක නිදහසේ ඉන්න පුළුවන් කියලා. (ර)
මේක අත්වැරදිමක් වෙන්නත් පුලුවන් (නි)
පෙරේරා 2014-11-17 18:28:13 අවංකකමට ලංකාවේ අද තැනක් නැහැ.(නදී)
කෙනෙකුට ඕන වෙලාවක ඕන තැනක යන්න පුළුවන්. එහෙනම් නාන්න යන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි (අ)
පොඩ්ඩක් ඉවසලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. සමහරවිට යාලුවෙක්ගෙ බඩු වෙන්නත් පුලුවන්. (නි)