(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත.
සාප්පු සවාරි ගිය එම ගුවන් නියමුවා ජොහැන්නස්බර්ග් නගරයේ චෙකර්ස් බ්ලූබර්ඩ් මෙල්රෝස් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇත.
ගුවන් නියමුවා එම සුපිරි වෙළඳ සංකීර්ණය පිටතට පැමිණෙන විට කාන්තාවක් පැමිණ බඩු මලු මෝටර් රථය වෙත රැගෙන යාමට සහාය වන ලෙස ඉල්ලා තිබේ.
එමි ඉල්ලීමට කන්දුන් ගුවන් නියමුවා බඩු මලුත් රැගෙන කාන්තාවගේ මෝටර් රථය වෙත ගොස් ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පිරිමි කණ්ඩායමක් ගුවන් නියමුවාව පැහැරගෙන ගොස් ඇත.
පාළු ප්‍රදේශයක මෝටර් රථය නවතා මුදල් ලබා ගැනීමේ අරමුණින් ගුවන් නියමුවාට දස වධ දී ඇති බව ජොහැන්නස්බර්ග් පොලිසිය ප්‍රකාශ කළේය.අනතුරුව මුදල් ලබා දීමෙන් පසුව ගුවන් නියමුවා නිදහස් කර ඇතත් ඉන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කම්පනයට පත්ව ඇත.අවසානයේ පැහැරගත් ගුවන් නියමුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවීම හේතුවෙන් ගුවන් යානය පියාසර කරවීමට ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ මිනිස්සු වගේ තමන්ගෙ තත්වය රැකගන්නෙ නැතුව නාට්ටාමි වැඩේ කරන්න ගිහිල්ලා කරගත් දෙයක් කියන්න පුළුවන් මේවා ඉතින් කාටකාටත් මතක හිටින පාඩම් තමයි