එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය වීමෙන් පසු එය යළි ගොඩ නැගීමට උත්සහ කළ බව පැවසෙන සුන්දරලිංගම් කජිපන් හෙවත් තේවියන් නැමැත්තාගේ මව වන සුන්දරලිංගම් රංජිතා මාලා යන අය කැනඩාව බලා යාමට අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රාජ්‍ය බුද්ධි සේවයේ බාරයට ගනු ලැබුවාය.
ඇය යාපනයේ චාවාකච්චේරියේ සිට අද අලූයම එකට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට පැමිණ ඇත. අද අළුයම 4.35 ට ගුවන්ගතවීමට නියමිතව තිබු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් දෝහා හරහා කැනඩාව බලා යාමට ඇය පැමිණ ඇති බව අනාවරණය වෙයි.
එම අවස්ථාවේ ආගමන විගමන අංශයෙන් ඇය අසාදු ලේඛන ගත වී ඇති බැව් වාර්ථා වීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් ඇය ඔවුන්ගේ බාරයට ගෙන ඇත.
ඇගේ පසුබිම් වාර්ථාවල අඩුවක් පවතින බැවින් ඒවා රැගෙන එන ලෙස දන්වා ඇය ආපසු හරවා යවා ඇති බව අනාවරණය වෙයි.
ඇයට පසුගිය ඔක්තොම්බර් 9 වෙනිදා සිට වසර පහක කාලයක් සඳහා කැනේඩියානු වීසා ලැබී ඇති බවද අනාවරණය වී ඇත..
එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නැවත හිස එසවීම සඳහා කජීපන් පොන්නයියා සෙල්වනායගම් ගෝපි හෙවත් කාසියන් යන අය සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන්ගේ සහය ඇතිව සැලසුම් සකස්කරන බව ආරක්ෂක අංශ තහවුරු කරගැනීමෙන් පසු පසුගිය අප්‍රියෙල් 10 වෙනිදා නැදුන්කර්නි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කරන ලද මෙහෙයුමකදී කජීපන් පොන්නයියා හෙවත් ගෝපි , සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන් සහ නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් යන තිදෙනා ජීවිතක්ෂයට පත් වුහ.
සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප්‍රහාරයට, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 2007 ප්‍රහාරයට සම්බන්ධ බවටද තොරතුරු හෙළිව ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
වාර්තා වී ඇති ආකාරයට තේවියන් යනු ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය නගා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවෙකි.
පසුගිය 05 වෙනිදා ද මේ අයුරින් කජීපන් පොන්නයියා සෙල්වනායගම්, කාසියම් හෙවත් ගෝපි නැමැත්තාගේ බිරිඳ වන ගජීදන් සර්මිලා නැමැත්තියවද ස්විස්ටර්ලන්තය බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ඇගේ නම අසාදු ලේඛන ගත කර තිබු බැවින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආපසු හරවා යවනු ලැබීය.
තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දැමීමෙන් අනතුරුව ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයෙකද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ සදුනි නෝනා කේ පීගේ අම්ම වෙන්න ඕනේ වෙන කව්ද මෙච්චර හොද චරිත සහතිකයක් දෙන්නේ. අපේ මුළු ජාතියම විනාස කරන්න අවි සපයපු ත්‍රස්තවාදියකුට. (නදී)
පව් ..අම්ම (අ)
කොටීන්ට හිස ඔසවන්න කොහොමවත් දෙන්න බැහැ. පිල්ලෙයාන්, කරුණා, යන අයගේ උදව් නිසා අපිට ඊලාම් වාදීන් එලවා දාන්න හැකි උනා. දමිල උනත් වැඩ පෙන්නලා උඩට ඇවිත් සමාජයේ වැඩ දායක පුද්ගලයෝ වෙලා සිංහල අපගේත් ගෞරවයට පත් වෙච්ච කොච්චර නම් අය ඉන්නවද. (නදී)
මේ ආණ්ඩුව පෙරලන්න හදන්නේ මෙන්න මේවා සිදු වීම වලක්වන්න.(අ)
අප සියල්ලම මෙම හරවා යැවීම අනුමත කළ යුතුයි. (හේ)
කේ පී , එහෙම මේවගේ නරක වැඩවලට සම්බන්ධ නැතුව වෙන්නැති'(හේ)
කොටියට ඉඩ දෙන්න එපා. මස් කරත් පව් නැහැ . කෝ විරුද්ධ පක්ෂ පඹ උතුමාණන්ල කිසිම නිවේදනයක් කරන්නේ නැත්තේ ඇයි (අ)
මට නම් හිතෙන්නේ සේන මහත්තයාට එක්කෝ කිසිවක් තේරුම් ගන්න මොලේ නැහැ. නැත්නම් මැරිලා ඉපදිලා. (නදී)
ඔව් කේ පි කරුණා පිල්ලියාන් වගේ අයගේ පව්ලේ අය (අ)
දැන් ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා පස්සේ කැනඩාවට යයි.(හේ)
තනිකරම මානව හිමිකම කඩකිරීමක් ,දරුවන්ගේ වැරදි වලට අම්මලා පලිද ?(හේ)
ඒකනම් හොදයි.(හේ)
රජයක වගකීම ත්‍රස්තවාදය වැලක්වීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීමයි.(හේ)
අපේ රටේ උතුරු කොටස ගිලගන්න බල සිටින කොටියට කිසිම ඉඩක් දෙන්න එපා.(හේ)
මංගලි මහත්මියනි, ඈත අතීතයේදී සිංහල හමුදාවේ, එම හමුදාවට සේවය කල ද්‍රවිඩ චර පුරුෂයන් සිටි බව අප අසා ඇත්තෙමු. සිංහලේ අවසාන රජ පෙළපත වුයේ ද්‍රවිඩ සම්බවයක් සහිත අයයි. අපි ඔවුන්ව අපේ රජු ලෙස සැලකුවේ ද්‍රවිඩ බව නොසලකා දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කල බැවිනි. එළාරගේ හමුදාවේ සිංහලයන් සේවය කර තිබුනා නම්, එල්.ටී.ටී.ඊ එකට අද වනතුරු සිංහලයන් මුදලට වැඩ කළා නම්, ජේ.වී.පී එක සමුල ඝාතනය කල යු.එන්.පී එකත් එක්ක අද දින ඔවුන් එකට වැඩ කරනවා නම්, කේ.පි. ට, කරුණාට සහ පිල්ලෙයාන්ට අද දින මේ අයුරින් සැලකීමේ ඇති වරද කුමක්ද? (නදී)
සඳුනි නෝනේ, මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ ඔබතුමී, එල් ටී ටී එකට අවි සැපයුවේ කේ පී නෙවෙයි නම් ඔබතුමීද? ඒ අවිවලින් අපිට අහිමිවෙච්ච ජීවිත වලට වන්දි ගෙවන්න පුලුවන්ද? (නදී)
රටේ ආරක්ෂාව ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයටයි මේ ප්‍රණාමය.(හේ)
මම නම් කියන්නේ හොඳ වැඩේ. බටහිර රටවල ඉන්න කොටි හිතවාදීන් තවමත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද අපිට ගහන්නේ කියලා. අපේ සමහර අය ඒවාට උඩගෙඩි දෙනවා (නි)
මානව හිමිකම් කොමිසමට යන්න හොඳ ප්‍රවෘර්තියක්. (නදී)
සැම්සන්, මංගලී ඔබ දේපල හොදින්ම දන්නවා කේ පී කරුණා පිල්ලෙයාන් අතීතයේ මොනවා කලත් අද වනවිට ජාතිවාදී බෙදුම්වාදයෙන් ඉවත්වූවන් බව. එවැන්නෝ බොහෝ පිරිසක් ටී ඒන් ඒ එකට යු එන් පී සහ රජයට සම්බන්ධව දේශපාලනයේ යෙදෙනවා. එය විය යුත්තක්. වරද තියෙන්නේ තවමත් බෙදුම්වාදය කරපින්නාගත් ඊලම අපේක්ෂා කරන්නෝ සහ එයට උඩගෙඩි දෙන්නන් සමග බැදී සිටීමයි. (නදී)
එතකොට ආණ්ඩුවේ ඉන්න කොටි ටිකට මොකද වෙන්නේ. කරුණා, කේපී, පිල්ලයාන් යන කොටි හැත්ත. උන් නේද අපේ හාමුදුරුවෝ මැරුවේ අමු අමුවේ කපල කොටලා (නදී)