පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය.
ගවයන් වතුරේ ගසාගෙන ගොස් ඇතැයි ද ගැමියෝ කියති. වලල්ලාවිට උඩුමුල්ල, ගුලවිට, තොටහා, යගිරල හා ලේදොල ප්‍රදේශවල නිවාස රැසකට පස් කඳුකඩා වැටී ඇති අතර එහි වැසියෝ ආරක්ෂක ස්ථානවලට ගොස් සිටිති. පින්කමකට වැඩම කළ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආපසු විහාරස්ථානවලට වැඩමකිරීමට නොහැකිව ආගන්තුක විහාරයක නතර වීමට සිදුවූහ. ප්‍රවාහනය ද නැවතී ඇත



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකේ ඉතිං මේ අසරණ මිනිසුන්ට සොබාදහමත් එරෙහි වන හැටි......
හිගන්නගෙ පාත්‍තරේටමනෙ හෙනහුරැ වැටෙන්නෙ...
ගංවතුරට යටවන පුදේශවල අයට හරිකරදර තමයි. මොකද ගෙවල් දොරවල් ජරාවාසවෙනවා විතරන් නොවෙයි, නිවාස ඉක්මනට අබලන් වෙනවා, ඒ විතරක්යැ හොරහතුරන්ගෙන් නිවෙස්වල තියෙන බඩුමුටිටු ආරක්ෂාකරගන්නත් ඔනි. තමන්ගේ පණකෙන්ද රැකගන්නත් ඔනි. කුසගිනි නිවාගන්නත් ඔනි. රැකියාවල් කරගන්න විදිහකුත් නෑ. මෙි ඔක්කොම කල්පණාවෙන කොට බඩෙි ගින්දර තමයි. ඇයි ගැලුව වතුර බහිනතුරැම ඉන්නඑපායැ.ළමයින්ගේ පොත්පත් පාසැල්. බලන්න අර මහත්මයා කඩාගෙන ආපු කන්දදිහා කලුගලදිහා බොහොම කල්පණාවෙන් බලාගෙන ඉන්නේ.ඇත්තෙන්ම අසරණයිතමා. කවුරැකවුරැත් උදවුකලයුතුයි.
අපි ඔබ සැමදෙනා වෙනුවෙන් උදව් කිරීමට සැගි සිටින්නෙමු..
බලාෙගන කිඹුල්ලු ඇති
සොබහ දහමෙන් වෙන විපත් කරදරත් සිදුවෙන්නේ දුප්පත් මිනිසාටම තමයි
පින්වතුනි, සසරෙන් එතෙර වෙනවාටත් වඩා ලේසි නැහැ ගං වතුරෙන් එතෙර වෙන එක ......
කාල්ටන් බේබිලා රගර් ගහලා සතුටු වෙන්න කෝටි ගණන් වියදම් කරනවා, දැන් බලමු මේ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ කියලා. ආයේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මාසයක් කන්න රු2500 ගානේ දෙයි. අනේ මෙහෙමත් පාලකයෝ. ආසියාවේ ආශ්චර්යය නෑ නෑ කිව්වට තියනවද මන්දා
දුප්පත් මිනිසුන්ටම තමයි සොබහදහමත් අරෙහිවෙන්නේ පවු අහිංසක මිනිස්සු
උදව් කරන්න ලංකාදීපෙන් වැඩක් පටන් ගන්න. අපි සියලුම දෙනා සහභාගී වෙනා බව සිකුරුයි. පරිසරිය රැකගනිමු. ආපදා අඩු කරමු...
දර්ශ හරියට හරි, අපිත් කැමති අපේ වැසියාට උදව් කරන්න.
මෙයාලට උදවු කරන්නේ කොහොමද කියලා කාටහරි යෝජනාවක් කරන්න පුළුවන්ද?
පොඩිනම බොරු කියනව ගං වතුර අස්සෙ.
හැමදා නියං එකදා වැහි වළාවේ