කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගංවතුරින් හා නිවාසවලට හානි වූ පවුල් 41 ක 150 දෙනෙකු පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාංගණයේ පිහිටි කූඩාරම් වල තවමත් රැඳී සිටින බවත් ගං වතුරින් නිවාස හානි සිදුවී තිබීම මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් තම නිවෙස්වලට යාම ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව නිවෙස් හෝ නිවාස හැර යාම සඳහා වන්දි මුදලක් ඉල්ලන බව කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැවසීය.
එමෙන්ම මෙලෙස කූඩාරම්වල පදිංචිව සිටින ජනතාවගේ තොරතුරු සොයාබැලීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම ස්ථානයට ගිය අතර ජනතාවට ස්ථිර විස`දුමක් ලබාදෙන තුරු හානි වී ඇති නිවාස ගොඩනගාගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට මහ ඇමතිවරයා එහිදී පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන පයින් (බ)
මිනිසුන්ට ඉක්මනට නිවසක් ලබා දීමට ඉක්මන් කරන්න.(හේ)
මීරියබැද්ද ජනතාව අමතකමවෙලා ගිහින්. ඔවුන් තවම පාරේ. (හේ)
මේ මිනිස්සු කටුක ජීවිත ගත කරන කොට පාලකයින් සැප වාහන ගැන කතා කරනවා. (ර)
මේ මිනිස්සු කදවුරු වල, පාලකයෝ ටික අලුත් වාහන ගන්න ඇස්තමේන්තු හදනවා. (ර)
පව් අසරණ ජනතාව. (ර)
ඔය කුඩාරම් එයාලගෙම අයිතියට පවරා දුන්නා නම් මෙලහකටත් එ්වා කුලියට දීලා හරි විකුණලා හරි පරණ තැන්වල පදිංචියට ගිහින්.(හේ)
මේ ඉන්න ගොඩාක් අය දැන දැන වගුරුබිම් ගොඩකරලා ගෙවල් හදාගෙන ඇත්තේ. කොළොන්නාව පැත්තෙ පහත්බිම් දැනට වසර 10ක් ඇතුළත ශීඝ්‍රයෙන් ගොඩවුණා. මේකට වැඩිවශයෙන්ම වගකියන්න ඕනෑ ප්‍රාදේශීය දේශපාලඥයින්. මොකද එයාලා තමයි හෙන්චයියලාට මෙහෙම පදිංචිවෙන්න දීලා ලයිට්, වතුර ලබාදීලා තියෙන්නෙ. දැන් මේ අය කියනවා රජයෙන් නිවාස දෙන්නලු. හැබැයි මෙයාලගෙ ක්‍රියාවන් නිසා තමයි මෙම ප්‍රදේශවල පාරම්පරිකව ජීවත්වන ජනතාවගෙ ගෙවලුත් යටවුණේ. (නි)